තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ නායකයා වන ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් හටද අමාත්‍ය ධූරයක් පිරිනැමීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ අනුව හෙට (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයටද පිල්ලෙයාන් හට ආරාධනාවක් ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් සිය හිතවතුන් සමග අදහස් පළ කොට ඇති පිල්ලෙයාන් සදහන් කොට ඇත්තේ තමන්ටද ඇමැති මණ්ඩල දිව්රුම් දීමේ උළෙලට ආරාධනා ලැබී ඇති බවත්, අමාත්‍ය ධූරයක් බාරගන්නා ලෙසට ආරාධනාවක් ලැබී ඇති බවත්ය.
නමුත් එම තනතුර කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදැනුවත් බවද හෙතෙම සිය හිතවතුන් හට පවසා තිබේ.
එල්ටීටීඊයේ නැගෙනහිර පළාත භාර දෙවැනියා ලෙස කටයුතු කළ පිල්ලෙයාන් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරගතවය.
මහමැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට එක් ආසනයක් හිමිව තිබිණ.










