• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගෙන් කුරුණෑගලට නිවේදනයක්

August 10, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දගෙන් කුරුණෑගලට නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

තමන්ට වාර්තාගත මනාපයක් ලබා දුන් කුරුණෑගල ජනතාව වෙනුවෙන් ස්තූතිපූර්වක නිවේදනයක් නිකුත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල්වරට මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ මගේ දේශපාලන ජීවිතයේ ඉතා අසීරු හා අභියෝගාත්මක යුගයේ දීය…..

එතෙක් මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන පන්ලක්ෂ විසිහත්දහස් තුන්සිය හැට හතරක (527364) මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමින් 2020 මහ මැතිවරණයේ දී මා පිළිබඳව තැබූ විශ්වාසයට මගේ ආදරණීය කුරුණෑගල ජනතාවට ප්‍රථමයෙන් මාගේ කෘතවේදීත්වය පළකරමි. තව ද මා වෙත ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීම සඳහා සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයින්ටත්, රැස්වීම් සංවිධානය කළ හා ප්‍රචාරණ කටයුතු සිදු කළ සියලු සංවිධායකයින්ටත්, දිවා රෑ වෙහෙසුණ ආධාරකරුවන්ට සහ සංවිධාන කටයුතු සිදුකළ සියලුම දෙනාටත් ස්තූතිය පළ කරන්නට මම මෙය අවස්ථාවක් කරගනිමි.

ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ 2020 මහමැතිවරණය, මාගේ පනස් වසරක දේශපාලන ජීවිතයේ මා ඉදිරිපත් වූ 09 වැනි මහ මැතිවරණයයි. ඓතිහාසික රාජධානි හතරකට උරුමකම් කියන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල්වරට මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ මගේ දේශපාලන ජීවිතයේ ඉතා අසීරු හා අභියෝගාත්මක යුගයේ දීය.  2015 මහ මැතිවරණයේ දී මා කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය මෙවර 2020 මහ මැතිවරණයේදීත් වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කර ඇති බව කෘතවේදීව සිහිපත් කරමි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාමින් සිටින ප්‍රශ්න කෙරෙහි අපි පසුගිය දිනවල දී අවධානය යොමු කළෙමු. එකී ප්‍රශ්න තවත් මැතිවරණයක දේශපාලන පොරොන්දු බවට පත් වීමට ඉඩ නොතබා විසඳීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මා ඇතුළු රජය ඉදිරි කාලය තුළ කටයුතු කරමු.

මෙතැන් සිට මා වෙත  පැවරී ඇත්තේ අතිශය භාරදූර වගකීමකි. මා හට බහුතර මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන් කුරුණෑගල ජනතාව පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව අපේක්ෂා කළා වූ සමෘද්ධිමත් හා සාමකාමී රටක් බිහි  කිරීමේ වගකීම දැන් අප ඉදිරියේ ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධනය කිරීමටත්, සුරක්ෂිත කිරීමටත්  කටයුතු කරන බව වගකීමෙන් ප්‍රකාශ කරමි. සාමූහික සංවර්ධන ක්‍රියාදාමයක අරම්භය මෙතැන් සිට සිදුවනු ඇත. එකී සංවර්ධන  ක්‍රියාදාමයට පක්ෂ පාට භේද පසෙක ලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ සියලු දෙනාගේම දායකත්වය අපි අපේක්ෂා කරමු. මේ එළැඹී ඇත්තේ වැඩ කරන කාලයයි.

මහින්ද රාජපක්‍ෂ

අග්‍රාමාත්‍ය

SendShareShare
Previous Post

මහින්දගේ ලේකම් ගාමිණී

Next Post

කැබිනට් 28ක්-රාජ්‍ය අමාත්‍යංශ 40ක් ගැසට් කරයි: රාජ්‍ය ඇමැතිවරුන්ට කැබිනට් එන්නත් පුලුවන්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.