කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටි කටුගම්පල සමූපකාරයේ නිලවරණය සදහා පවත්වනු ලබන ඡන්දය ඊයේ (10) දින පැවැත්වූ අතර මෙහිදී පොදු විපක්ෂය නියෝජනය කරමින් සභිකයින් 108ක් සහ මාලිමාව නියෝජනය කරමින් සභිකයින් 08ක් ලෙස පත් කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට ඓතිහාසික ජයක් කටුගම්පල සමූපකාරයෙන් හිමිව ඇත. Sri Lanka Latest News
මෙහි විශේෂම කාරණය නම් මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිටින කොට්ඨාසයේ සභිකයින් 12න් 12ම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව මාලිමාව එම ප්‍රාදේශිකයන්ගෙන් බින්දුවට වැටී තිබීමයි.










