අගමැතිනිය අධ්‍යාපන ඇමැතිනිය ලෙස කියූ කතාවක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැනටමත් හොඳටම ප්‍රමාදවෙලා කියලා. අවුරුදු 7-8ක් ප්‍රමාදයි වගේ කතා කිව්වා. ඒක ඇත්ත තමයි.Sri Lanka Latest News
කාලාන්තරයක් නොකරපු වැඩේ මීට කලින් කරන්න පටන් ගත්තේ 2016දී. ඒ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිවරයා හැටියට. තනි මිනිහෙක් ලෙස විවිධ අවලාද අපහාස හමුවේ තමයි ඔහුත් වැඩේ පටන් ගත්තේ. අදත් ඒ ටික තමයි ඉස්සරහට යන්නේ.
අකිලගේ අවුරුදු දෙකක කාලය තුළ කළ දේවල් වෙනත් කිසිදු අධ්‍යාපන ඇමැතිවරයෙක් එවැනි කාලයකදි කර නැහැ. ඔහු භය නැතිව ගොඩක් තීරණ ගත්තා. අටුවම් බැහැලා තිබුණු සමහර දේවල් වෙනස් කළා.
අධ්‍යාපන ඇමැතිනිය කිව්වා අධ්‍යාපන පරිපාලන සේවයට සහ විදුහල්පති තනතුරුවලට අවුරුදු 2017න් පස්සේ බඳවාගැනීම් කරලා නැහැ කියලා. එදා ඒ දේවල් කළෙත් අකිලම තමයි. අධ්‍යාපන පරිපාලන සේවයට 600ක් විතර විදුහල්පතිවරුන් 5000ක් විතර ගන්න වැඩකළේ ඔහු. විදෙස් රටවලටත් යවලා පුහුණුව දුන්නා.
අකිල තව අවුරුදු 2ක තුනක් හිටියා නම් මේ බොහෝ ගැටලු අද වනවිට විසඳිලා තියෙන්න තිබුණා. හරියට වැඩ නොකරන ඇමැතිවරු ඉන්නා විට ජාතියම පස්සට යන එක අහන්න දෙයක් නොවෙයි.
මේවා මෙහෙම කිව්වම කට්ටිය යං පචං ගාගෙන එයි. ඒත් කමක් නෑ කරුණු සහිතව කියන දෙයක් කියන්නකෝ.
මහින්ද රුබසිංහ
හිටපු අධ්‍යක්ෂ
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය










