ලට්ට ලොට්ට සැම දෙනගෙ කැරැට්ටුව
සැඟවී ඇති නම ගිය කැබිනෙට්ටුව
එළියට ඇද ඇද දම දම වෙට්ටුව
අද සිට දැනුවත් කරනෙමු රට්ටුව Sri Lanka Latest News
එදවස මුතු ඇටයට සම රටය
අදටත් මෙය මහ මුහුදට වටය
ඡන්දෙ කලට සැම රවටන රටය
රැකුමේ අයිතිය ඔබටය මටය
හැදුමට රට බලතල අරගන්නෝ
ජනයගෙ ඉහමොළ ඇදගෙන කන්නෝ
බල ඇති අය නිති ජයපැන් බොන්නෝ
කවුද? රටට යහ මග පෙන්වන්නෝ
ඡන්දෙට පෙර නෙක නෙක කයිවාරු
කිය කිය අරගෙන ජනයගෙ වාරු
දෙන බව කීවට ජනයට වාරු
ජාතික පැන හමුවෙදි වෙයි මාරු
මෙවැනි අමනයො මොකටද රටට
සැපයක් දෙනු නැත මතු පරපුරට
මනුදම් වියැකෙයි විපතෙකි අපට
හිස් බස් මොකටද? ඇයි? කෙළි කවට?










