බොහෝ වේලාවට සාර්ව ආර්ථික විචල්‍ය ගැන කතා කළත් ආර්ථික වර්ධන වේගය, වෙනත් සංඛ්‍යා ලේඛන හෝ වේවා ක්ෂුද්‍ර ආර්ථිකයට එනම් පුද්ගලයන්ට ගෘහ ඒකකවලට බලපාන ආකාරය ගැනත් වැදගත් බවත් අද පවතින ආර්ථික වර්ධනය වේගය තුළින් ක්ෂුද්‍ර ආර්ථිකයට වන බලපෑම දැන ගැනීමට කැමති බවත් දිට්වා සුළි කුණාටුව නිසා විවිධ ද්වි පාර්ශ්වීය ආධාර හා බහු පාර්ශ්වීය ආධාර ලැබී ඇති මුත් ක්‍රියාත්මක වන විදේශ ආධාර වැඩපිළිවෙළ නැවත මේ වෙනුවෙන් යොදා ගැනීම සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
එනම් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල මුදල් දිට්වා සුළි කුණාටුවට සහන දෙන්න යොදා ඇති නිසා එම ආධාර ලබා නොගෙන නව ආධාර ලබා දෙන ලෙස ඒ ඒ ආයතනවලින් ඉල්ලා සිටින ලෙසට රජයේ අවධානය යොමු කරන බවත් අලුතින් මූල්‍ය ශක්තියක් ලැබෙන තැනට සාකච්ඡා සිදුවිය යුතු බවත් එසේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අද කඩා වැටී ඇති නිසා මේ අය අද වානිජ බැංකුවලට විරුද්ධව නඩු දාන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලමේන්තුවේදී පැවසීය.










