වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පවතින අක්‍රමිකතා හා අසභ්‍ය වෙබ් අඩවියක් සඳහන් වීම යන අඩුපාඩුව මඟහරවා ගැනීමට තිබූ බවත් මෙහි දී Power Point Presentation එකකට සීමා නොවී ධවල පත්‍රිකාවක් හරහා විධිමත් සාකච්ඡාවක් හා වැඩපිළිවෙළක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ක්‍රියාත්මක කරන්න හැකියාව තිබූ බවත් මෙය පොදු සංවාදයක් තුළ වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කළා නම් මේ අඩුපාඩු සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එදා තමා White Paper, Green Paper ගැන කියන විට ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය උසුළු විසුලු කළ බවත් උගත් පුද්ගලයකු ලෙස White Paper, Green Paper ගැන අධ්‍යාපන අමාත්‍යවරිය දැන සිටියත් මෙහි දී නිශ්චිත සංවාදයක් සාකච්ඡාවක් නොපැවැත්වීම අඩුපාඩුවක් බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේ දී නවෝත්පාදනය, අලුත් වීම, ලෝකයාට ගැලපෙන ආකාරයට ප්‍රතිසංස්කරණය වීම සිදුවිය යුතු බවත් එහි දී ඉතිහාසය විෂය ද අනිවාර්ය වී අපේකම සංස්කෘතිය රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ධවල පත්‍රිකාවක් නිර්මාණය කර සෑම අංශයක් ගැනම සත්‍ය වශයෙන්ම විශේෂඥයන්ගේ දායකත්වය ලබා ගත්තේ නම් මේවා සිදු නොවන බවත් දැන්වත් නිවැරදි සංවාදයක් හා ක්‍රමවේදයක් ඇති කර ගන්නා සූදානම් ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










