ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සඳහන් කරයි. Sri Lanka Latest News
සීගිරිය ඓතිහාසික පඩිපෙළ දරුණු ලෙස ගෙවීමකට ලක්ව ඇති බව ද සෙනවි මහතා කීය.
දිනපතා පාවහන් ගැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඒ මහතා කියා සිටියේය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හානියට පත්වෙමින් තිබෙන ගල්ගුහාවේ පිහිටි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සොයා බැලීමට සහභාගි වීමෙන් අනතුරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලා ලංකාර නාහිමියන් සහ සංඝරත්නය සමඟ පැවැති සාකච්ඡාවකදී සුනිල් සෙනෙවි මහතා ඒ බව සදහන් කළේය.










