මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සදහා දැඩි සටනක් පක්ෂය ඇතුළේ නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
අද (08) දහවල් වන විට වාර්තා වී තිබුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සදහා පරාජයට පත්වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතරේ ව්‍යාජ තරගයක් ඇති කොට එම තනතුර තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක් දියත් කර ඇති බවකි.
නමුත් ඊට හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා බලවත් බාධකයක් බවට මේ වනවිට පත්ව ඇති බව වාර්තා වේ.
ඊට හේතුව වී ඇත්තේ එජාප ජාතික ලයිස්තුවේ මුල්ම නම ලෙස ජෝන් අමරතුංග මහතාගේ නම සටහන්ව තිබීමය.
ඒ අනුව ජෝන් අමරතුංග මහතා පක්ෂ ජ්‍යේෂ්ඨයන් වෙත දැඩිව කියා ඇත්තේ අදාළ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය තමන් වෙත හිමි විය යුතු යැයි තියාය.
මෙම තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ හා ජෝන් අමරතුංග යන මහත්වරුන් අතර මේ වනවිට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සදහා විශාල සටනක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.










