• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගලේ ගැහුවත් මරන්න බැරි කවුද මේ ඩග්ලස්! Sri Lanka Latest News

January 4, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ගලේ ගැහුවත් මරන්න බැරි කවුද මේ ඩග්ලස්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩග්ලස් දේවානන්ද. ඩග්ලස් දේවානන්ද එහෙමත් නැත්නම් ඩග්ලස් දේවානන්දා ඉපදෙන්නේ 1957 අවුරුද්දේ නොවැම්බර් මාසේ 10 වැනිදා. ඔහුට දැන් වයස අවුරුදු 68යි මාසයකුත් දවස් කීපයක්. ලංකාවේ දේශපාලනයේ නොමැකෙන සලකුණක් වෙච්ච ඩග්ලස් දේවානන්දගේ පක්ෂය තමයි ඊ.පී.ඩී.පී. එක. ඊළාම් පීපල්ස් ඩිමොක්‍රටික් පාටි.
මේ පක්ෂය ලංකාවේ දේශපාලනය කළේ දකුණේ ඉඳන් නෙමෙයි උතුරේ ඉඳන්. ඒ නිසාම ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා විදිහට කටයුතු කරපු ඩග්ලස් දේවානන්ද ශ්‍රී ලංකා දේශපාලනයේ නොමැකෙන සලකුණක් බවට පත්වෙලා ඉවරයි. ඇයි මේ වෙලාවේ මේ ලිපිය ලියන්නේ? ඔබ ප්‍රශ්නයක් අහයි. උත්තරය තමයි ඩග්ලස් දේවානන්දව හදිසියේම අත්අඩංගුවට ගැනීම. ඇත්තටම ඩග්ලස් දේවානන්දව අත්අඩංගුවට ගැනීම අපි හිතන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක අවස්ථාවක් විදිහට. ඒකට හේතුව ඔහු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරපු අතිශය තීරණාත්මක මනුස්සයෙක්.Sri Lanka Latest News

1994 08 වැනි මාසේ 16 වැනිදා අපි නිවැරදි නම් ඔහු මුලින්ම පාර්ලිමේන්තුවට එන්නේ. නමුත් ඔහු 2000 දහවැනි මාසේ 10 වැනිදා නැවත වතාවක්, 2001 12 වැනි මාසේ 05 වැනිදා, 2004, 04 වැනි මාසේ, 2010, 2015, 2020 මේ හැම අවස්ථාවකම පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙච්ච කෙනෙක්.

ඔහු ලංකාවේ අමාත්‍යාංශ විශාල ප්‍රමාණයක වැඩ පෙන්වපු කෙනෙක්. විශේෂයෙන්ම ධීවර අමාත්‍යවරයා විදිහට 2022 වෙනකන් ඔහු කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 2019ට පෙරත් ඔහු ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, ඒ වගේම 2018 වැනිදා සිට නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා විදිහට, 2010දී සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා, ඒ වගේම 2007දී සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යවරයා විදිහට ඔහු කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍ය ධුර ගණනාවක්ම දරපු පුද්ගලයෙක්.

ඒ නිසා ඩග්ලස් දේවානන්ද කියලා කියන්නේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හැබැයි මේ කිසිදෙයක් නෙමෙයි ඩග්ලස් දේවානන්දව විශේෂයෙන් හඳුන්වා දෙන්න තියෙන හේතුව. ඒකට හේතුව තමයි ඩග්ලස් දේවානන්ද දේශපාලනය කළේ උතුරේ අතිශය තීරණාත්මක වෙලාවක වීම.
ඩග්ලස් දේවානන්ද හැප්පෙන්නේ උතුරේ හිටපු දරුණුතම ත්‍රස්තවාදී කල්ලියත් එක්ක. ඇත්තටම උතුරේ නෙමෙයි මුළු ලෝකෙම එක කාලෙක හිටපු දරුණුතම ත්‍රස්තවාදී කල්ලිය විදිහට එල්.ටී.ටී.ඊ. සංවිධානය හඳුන්වා දීපු කාලයක් තිබුණා. ඒ කාලේ ඩග්ලස් දේවානන්දව මරලාදාන එක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිබුණු වැඩ ලැයිස්තුවේ අංක එකේ වැඩක්. හැබැයි ඩග්ලස් දේවානන්දව මරලා දාන්න 10 වතාවක් උත්සාහ කරලත් ඒක කරගන්න බැරුව ගියා කියලා තමයි ඉතිහාසය ඇතුළේ සඳහන් වෙන්නේ.

ඇත්තටම අපි දන්නවා උතුරේ දේශපාලනය බොහොම වෙනස්. උතුරේ ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක සම්බන්ධව සහ වෙන්ව කටයුතු කරපු සංවිධාන රාශියක් තිබිලා තියෙනවා. ටී.එන්.ටී., ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්., ඊරෝස් වගේ සංවිධාන සමහර වෙලාවට එල්.ටී.ටී.ඊ. එකත් එක්ක එකතු වෙලා, සමහර වෙලාවට එල්.ටී.ටී.ඊ. එකෙන් ඉවත් වෙලා, එල්.ටී.ටී.ඊ. එකත් එක්ක ගැටෙමින් කටයුතු කළා.

80 දශකය වෙද්දි එල්.ටී.ටී.ඊ. සංවිධානය අනිත් සංවිධාන පරයමින් ඉදිරියට පැමිණෙන්න සමත් වෙනවා. එතකොට ඔවුන් උත්සාහ කරනවා තමන් සමග ඍජුව සම්බන්ධ නොවන අනිත් සංවිධාන ටිකෙන් ටික මර්දනය කරලා ඒවා කඩලා බිඳලා දාන්න. ඒ අවස්ථාවේදී බොහෝ කණ්ඩායම් තමන්ගේ ගැලවීමට ගන්න තීරණය වුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එක්ක එකඟතාවලට එන එක. නමුත් ඩග්ලස් දේවානන්ද මේ වැඩේට කැමැති වුණේ නෑ. ඒ වගේම ඔහු එල්.ටී.ටී.ඊ. එකට යටත් වෙන්න කැමැති වුණේත් නෑ. එල්.ටී.ටී.ඊ. එක හමුවේ ඔහු කරන්නේ ඉන්දියාවට පැනලා යන එක.

1983දී සිරකරුවන්ට පැන යෑමට උදව් කෙරුවා කියලත් අපිට මතකයි ඩග්ලස් දේවානන්දට බරපතළ චෝදනාවක් තිබ්බා. කොහොම නමුත් 1987 වෙනකොට ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයෙන් ඉවත් වෙන දේවානන්ද ඊ.පී.ඩී.පී. පක්ෂය නිර්මාණය කරනවා. නමුත් 1994දී ඉන්දියාවේදී නඩු අහලා ඩග්ලස් දේවානන්ද වැරදිකාරයෙක් විදිහට ඉන්දියානු අධිකරණයක් නම් කරනවා. ඒ නම් කිරීමත් එක්ක ඩග්ලස් දේවානන්ද ආයෙත් ලංකාවට එනවා. ඊ.පී.ඩී.පී. එකත් එක්ක ඔහු දේශපාලනයට පිවිසෙනවා. ඔහු ඡන්දය ඉල්ලනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අතිප්‍රබල අභියෝගයක් වුණු ඔහු පාර්ලිමේන්තුවට එනවා.

1998දී කළුතර බන්ධනාගාරයේ රැඳවියන් ඔහු කපා කොටා මරාදැමීමට උත්සාහ කළත් ඔහු එක ඇසක තුවාලයක් සහිතව ජීවිතය බේරගන්නවා.
1995දී ඔහුගේ නිවසටම ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් ඔහුව මරාදාන්න ඒ ප්‍රහාරකයන් සමත් වෙන්නේ නැහැ. ඔහු ඒ අවස්ථාවේදී ඔහුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් නිවසේ තිබිච්ච විදුලි පහනකට වෙඩිතිබ්බා කියලත්, ඔහුව හොයාගන්න බැරුව ගියේ ඒ විදිහටයි කියලත් කියනවා.

ඩග්ලස් දේවානන්ද කියලා කියන්නේ 2004, 2007 අවස්ථාවලදීත් බෝම්බවලින් දිවි බේරගත්ත කෙනෙක්. ඔහුව මරාදාන්න උත්සාහ කරපු අවස්ථා මෙපමණකයි කියලා සඳහන් කරන්න බැරි තරම් බව තමයි සාමාන්‍යයෙන් දන්න කියන අය කියන්නේ. ඩග්ලස් දේවානන්ද මරලා දාන්න 10 වතාවකට වඩා එල්.ටී.ටී.ඊ. සංවිධානය උත්සාහ කරලා තියෙනවා. මතක තියාගන්න එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ තරම් මරලා දාන්න උත්සාහ කරපු වෙනත් දේශපාලන නායකයෙක් නැහැ. එක වරක් දෙවරක් තුන්වරක් උත්සාහ කළා නම් සාධාරණයි. බොහෝ වෙලාවට එහෙම දෙතුන් වතාවක් උත්සාහ කරලා ඔවුන් පරාජිත වුණේ නැහැ. ඔවුන්ට කරගන්න බැරුව ගියේ නැහැ.

මහා විශාල ආරක්ෂාවක් තිබුණු පුද්ගලයෙක් නෙමෙයි ඩග්ලස් දේවානන්ද කියන්නේ. අනෙක ඩග්ලස් දේවානන්ද කියලා කියන්නේ උතුරත් එක්ක ගනුදෙනු කරපු මනුස්සයෙක්. ඔහු නිතර උතුරට ගිය කෙනෙක්. ඔහු උතුරේ නොගිහින් ගෙදරට වෙලා හිටපු, දකුණට වෙලා, කොළඹට වෙලා හිටපු මනුස්සයෙක් නෙමෙයි.

ඔහු ගැන කතාකරද්දි ඩෙල්ෆ්ට්වල, කයිට්ස්වල උතුරේ එක කොනක මිනිස්සු කියන්නේ ඩග්ලස් දේවානන්ද එක අතකින් තුවක්කුවක් අරගෙන අනිත් අතේ හාල් මිටියක් තියාගෙන ගමට ආවා කියලා. මේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්න වෙලාවේ සබන් කෑල්ල පවා ගෙනැල්ලා දුන්නේ ඩග්ලස් දේවානන්ද කියලා උතුරේ මිනිස්සු අදටත් කියනවා. ඒ නිසා කොහොම කළත් උතුරේ ධනපතීන්ට එරෙහිව කුල ක්‍රමයෙන් බැටකාපු, පීඩාවට පත්වුණු මිනිස්සු වෙනුවෙන් අතිශය ප්‍රබල දේශපාලන ක්‍රියාකාරකම් රාශියක් කරපු මිනිහෙක් කියලා ඩග්ලස් දේවානන්දව අපිට හඳුන්වන්න පුළුවන්.

1983දී වැලිකඩ හිරගෙදරදී ඔහු ඝාතනය කරන්න උත්සාහ කර බවත්, ඔහුට එරෙහි වූ සිංහල හිරකරුවන්ට එරෙහිව සටන් කරමින් ඔහු දිවි බේරාගත්ත කීප දෙනාගෙන් එක්කෙනෙක් කියලත් සඳහන් වෙනවා ඇතැම් තැන්වල.

ඩග්ලස් දේවානන්දට අතිවිශිෂ්ට බුද්ධි ජාලයක් තිබුණා. ඔහුට හොඳින් ආරංචි පැමිණියා. ඔහු ඕනෙ වෙලාවක බය නැතුව මේ හැම දේටම මුහුණ දුන්නා කියලත් සමහර තැන්වල කියනවා.

ඩග්ලස් දේවානන්දට මරාගෙන මැරෙන ප්‍රහාරයක් පවා එල්ල වුණු බව ඇතැම් තැන්වල සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ හැම වෙලාවකම ඩග්ලස් දේවානන්ද හැකි උපරිමයෙන් තමන්ගේ ජීවිතය බේරගත්තා.

ඩග්ලස් දේවානන්ද කියලා කියන්නේ ලංකාවේ දේශපාලනයේ අතිශය තීරණාත්මක චරිතයක්. ඩග්ලස් දේවානන්ද පුරාවෘත්තයක්. හොඳ සහ නරක දෙකම කලවම් වෙච්ච, සුදුත් නොවෙන කළුත් නොවෙන අළු පාට චරිතයක්. මිනිස්සුත් එක්ක හැප්පෙන්න දන්න කෙනෙක්. අත් දෙකෙන්ම වෙඩි තියන්න දන්න කෙනෙක්. උතුරේ මිනිස්සුන්ට කන්න දුන්න මිනිහෙක්.

දූපත්වල මිනිස්සුන්ට කන්න අඳින්න නැතුව ගිය කාලේ, යුද්ධයෙන් පීඩාවට පත්වුණු කාලේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය කරපු ලබ්බක් නැති කාලේ පුළුවන් හැම විදිහකින්ම තමන්ව රැකගත හැකි උපක්‍රම පාවිච්චි කරපු මිනිහෙක්.

හැබැයි ඩග්ලස් දේවානන්ද අද ඉන්නේ හිරගෙදර. ඩග්ලස් මහා ලොකු වරදක් කරලාද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි. නමුත් ඩග්ලස් දේවානන්ද මිය යායුත්තේ හිරකරුවෙක් විදිහටද, වැරදිකාරයෙක් විදිහටද, වීරයෙක් විදිහටද? හැබැයි ආණ්ඩුව මොනවා කළත්, නීතිය මොනවා කිව්වත් ඩග්ලස් දේවානන්ද වීරයෙක්ද, දුෂ්ටයෙක්ද, අමනයෙක්ද, එහෙම නැත්නම් මේ රටේ තීරණාත්මක චරිතයක්ද කියන එක ඔබට මට තීරණය කරන්න මම හිතන්නේ මේ ලිපියේ කරුණු ප්‍රමාණවත්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වැරැද්දක් වෙලා තියෙනවා! ඒක අපි පිළිගන්නවා! නඩු දානවා! විදේශ ඇමැති විජිත කියයි! I Sri Lanka Latest News

Next Post

බඩී ප්‍රශ්නෙන් බඩේපාර වදීද? Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.