• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

15 දෙනෙක් දැනට රජ ගෙදරින් හිර ගෙදරට! ආසියාවේ පාලකයන්ට මොකක්ද මේ ගහපු හෙණේ! රනිල් වාර්තාවක් තිබ්බා! Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
15 දෙනෙක් දැනට රජ ගෙදරින් හිර ගෙදරට! ආසියාවේ පාලකයන්ට මොකක්ද මේ ගහපු හෙණේ! රනිල් වාර්තාවක් තිබ්බා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව වටා තිබෙන ආසියාතික රටවල් ගණනාවකම රාජ්‍ය නායකයන්ට පසුගිය සමීප කාලයක් පුරා ඉතා අපල කාලයක් උදාවී තිබුණු ආකාරයක් දක්නට හැකිවිය. එනම් මෙහිදී අප අවධානය යොමුකරන්නේ ඔවුන්ට මුහුණදීමට සිදුවූ ස්වභාවික අපල උපද්‍රව නොව, ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකලාපයන් හේතුවෙන් සිදුවුණු විවිධ අර්බුදයන්ය. එනම් එම රාජ්‍ය නායකයන්ට එරෙහිව එල්ලවුණු විවිධාකාර දූෂණ වංචා චෝදනා සහ රාජ්‍ය බලය අයුතු ලෙස හැසිරවීමේ චෝදනාවන්ට අදාළ සිදුවීම්ය. මෙවැනි වටපිටාවකදී ඔවුන් රැසක් පසුගිය සමීප වසර 5ක පමණ කාලයක් තුළදී අර්බුද රැසකට මුහුණ දුන්නේය. එනම් එහිදී අපට පැහැදිලිවම දකින්නට හැකිවූයේ මෙම ආසියාතික රාජ්‍ය නායකයන් ගණනාවක්ම නීතියේ ග්‍රහණයට හසුවී ඇති ආකාරයයි. එසේම එතැනින් නොනැවතී අධිකරණ තීන්දු මත ලබාදෙන නොයෙකුත් ආකාරයේ දඬුවම්වලට යටත් වීමය. ඒ අනුව මෙම රාජ්‍ය නායකයන් රැසක්ම මෙම සමීප කාලය තුළදී සිර දඬුවම්වලට යටත්වූ ආකාරය දක්නට හැකි විය.Sri Lanka Latest News

මේ ආකාරයට ඉතා කෙටි කාලයක් තුළදී මෙවැනි අර්බුදවලට මුහුණ දුන් ආසියාතික රටවල් සහ ඒවායේ සිටි රාජ්‍ය නායකයන් කවරෙක්ද? එනම් විවිධ විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ආසියාතික රටවල් 15ක් පමණ මෙම අර්බුදවලට මුහුණ දී ඇති අතර, ඒවායෙහි සිටි විවිධ රාජ්‍ය නායකයන් විශාල පිරිසක්ද එම ආදීනව අත්විඳ ඇත. මෙම රටවල් අතරට අපගේ ශ්‍රී ලංකාවද අයත් වන අතර, එහෙත් එම තොරතුරු පසෙකින් තබා අනෙක් රටවල වතගොත සොයා බලමු. ශ්‍රී ලංකාවට පසුගිය සමයේ සිදුවුණු අර්බුද ඔබ හොඳින් දන්නෙහිය. එහෙයින් අනෙකුත් ආසියාතික රටවල් සහ ඒවායේ රාජ්‍ය නායකයන්ගේ වත්මන් තත්ත්වය කුමක්දැයි සොයා බලමු.

පාකිස්තානය – ඉම්රාන් ඛාන් (Imran Khan) – දැනට 73 වැනි වියෙහි පසුවන පාකිස්තානයේ හිටපු 19 වැනි අගමැතිවරයා වන්නේ ඉම්රාන් ඛාන්ය. ඔහු 2018 අගෝස්තු 18 සිට 2022 අප්‍රේල් 10 දක්වා අගමැති ධුරය දැරීය. රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ දූෂණ චෝදනා මත ඔහුට අධිකරණය විසින් 2023දී වසර 14ක සිර දඬුවමක් නියම කරන ලදී. මේ වනවිට ඔහු එම සිර දඬුවම ගෙවමින් සිටී.

මියන්මාරය – අවුන් සාන් සුකී – (Aung San Suu Kyi) දැනට 80 වැනි වියේ පසුවන ඇය මියන්මාරයේ හිටපු රාජ්‍ය නායිකාව වේ. එම තනතුර හඳුන්වන්නේ මියන්මාරයේ රාජ්‍ය උපදේශක ලෙසිනි. ඇය 2016 සිට 2021 දක්වා වසර පහක් එම තනතුර දැරීය. නොබෙල් සාම ත්‍යාගය පවා හිමිකරගෙන ඇති ඇය ලොව ප්‍රකට චරිතයකි. පසුකාලීනව මියන්මාරයේ හමුදා පාලනයක් යටතේ දූෂණ වංචා චෝදනා යටතේ ඇය අත්අඩංගුවට ගෙන වසර 27ක සිර දඬුවමකට යටත් කොට දැනට නිවාස අඩස්සියේ තබා ඇත.

මැලේසියාව – නජීබ් රසාක් (Najib Razak) දැනට 72 වැනි වියේ පසුවන නජීබ් රසාක්, මැලේසියාවේ 06 වැනි අගමැතිවරයා ලෙස 2009 අප්‍රේල් සිට 2018 මැයි දක්වා වසර නවයක් නොකඩවා කටයුතු කළේය. මැලේසියාවේ දියුණුවට ඔහු යම් මෙහෙවරක් ඉටුකළද, පසුකාලීනව ඔහු දැඩි ලෙස දූෂණ වංචා චෝදනාවලට ලක්විය. එසේම තදබල ලෙස මුදල් විශුද්ධිකරණ අපරාධවලට වැරැදිකරුවකු විය. අවසානයේදී ඔහු 2018දී අත්අඩංගුවට ගෙන වසර 12ක සිර දඬුවමක් අධිකරණය විසින් නියම කරන ලදී. මේ වනවිට ඔහු එම සිරදඬුවම විඳිමින් සිටියි.

බංග්ලාදේශය – ෂෙයික් හසීනා (Sheikh Hasina) – දැනට 78 වැනි වියේ පසුවන ඇය 2009 සිට 2024 දක්වා වසර 15ක් නොකඩවා බංග්ලාදේශයේ අගමැති ධුරය දැරීය. ඒකාධිපති ක්‍රම රටාවක් හරහා පාලනය ගෙනගිය ඇය පසුගියදා එරට ඇතිවුණු තරුණ අරගලයෙන් බලයෙන් නෙරපා හැරියේය. ඇය වහා ඉන්දියාවේ සහාය මත ඉන්දියාවට පැනගිය අතර, දැනට ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂාව මත එරට ජීවත් වන්නීය. එහෙත් පසුගියදා බංග්ලාදේශ මහාධිකරණය විසින් ඇයට දඬුවමද පැමිණවීය. අරගලයේදී දරුණු මිනිස් සංහාරයක් සිදුකිරීම ඇයට එරෙහිව නැගුණු ප්‍රබල චෝදනාව විය.

පිලිපීනය – රොඩ්රිගෝ ඩුටෙරේට් (Rodrigo Duterte) – 80 වැනි වියේ පසුවන මොහු 2016 සිට 2022 දක්වා වසර 06ක් පිලිපීනයේ ජනාධිපති ධුරය දැරීය. ඉතා දරුණු පාලකයකු වූ මොහු රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට විශාල ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, එමගින් බොහෝ තරුණ පිරිස් ඝාතනයට ලක්විය. මේ නිසා ඔහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරුණු අතර, එම අධිකරණ නියෝගයක් මත මේ වනවිට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටා තිබෙන නෙදර්ලන්තයේ හේග් නුවර රැඳවුම් නිවාසයක රඳවා ඇත. ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court – ICC) විසින් දඬුවම් පමුණුවනු ලැබූ ප්‍රථම ආසියානු රාජ්‍ය නායකයා ලෙසට ඔහු වාර්තාගත වන්නේය. අවසාන නඩු විභාගය පවත්වා ඔහුට ස්ථිර දඬුවම් පැමිණවීමට එම අධිකරණය බලාපොරොත්තු වෙයි.

දකුණු කොරියාව – යූන් සුක් යෝල් (Yoon Suk Yeol) – දැනට 65 වැනි වියේ පසුවන මොහු 2022 මැයි සිට 2025 අප්‍රේල් දක්වා දකුණු කොරියාවේ සිටි 13 වැනි ජනාධිපතිවරයාය. මොහු 2024 දෙසැම්බර් මාසයේදී එරට යුද නීතිය ප්‍රකාශයට පත්කිරීම නිසා දැඩි මහජන විරෝධයට ලක්විය. ඉන් පසුව ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපති බලතලවලින් ධුරය අහෝසි කරන ලදී. ඉන් පසුව 2025 ජනවාරි මාසයේ අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. නඩු විභාගය අවසානයේ වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හෝ මරණ දඬුවම නියම විය හැකිය.

දකුණු කොරියාව – පාර්ක් ගෙයුන් හියූ (Yoon Suk Yeol) – දැනට 73 වැනි වියේ පසුවන ඇය 2013 සිට 2017 දක්වා එරට ජනාධිපති ධුරය දැරූ ප්‍රථම කාන්තාව විය. රාජ්‍ය බලය අයථා ලෙස භාවිත කිරීම, දූෂණ වංචා සහ අපරාධ චෝදනා යටතේ ඇයට 2018දී එරට අධිකරණය වසර 24ක සිර දඬුවමක් නියම කළේය. මූන් ජේ ඉන් විසින් ජනාධිපති සමාවක් ලබාදී සිරෙන් නිදහස් කරන ලදී.

නේපාලය – ෂර්මා ප්‍රසාද් ඔලි (Sharma Prasad Oli) – දැනට 73 වැනි වියේ පසුවන මොහු 2015 සිට 2025 දක්වා තෙවතාවක් නේපාලයේ අගමැති ධුරය දරා ඇත. පසුගිය කාලයේ නේපාලයේ සිදුවූ තරුණ ජන අරගලයේදී 2025 සැප්තැම්බර් 12දා ඔහු බලයෙන් පහ කරන ලදී. ඉන් පසුව ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.

කසකස්තානය – කරීම් මස්සිමොව් (Karim Massimov) දැනට 60 වැනි වියේ පසුවන මොහු දෙවරක් කසකස්තානයේ අගමැති ධුරය දරා ඇත. 2022 සහ 2024 වසරවලදී ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහීත්වය සහ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ එරට මහාධිකරණය විසින් වසර 18ක සිර දඬුවමකට යටත් කරන ලදී. ඔහු එරට වත්මන් ජනාධිපතිවරයාගෙන් සමාවක් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප වී ඇත. එහෙයින් මේ වනවිටද සිර දඬුවම් විඳිමින් සිටී.

මෙම රටවලට අමතරව ඉන්දුනීසියාව, යේමනය, ටිමෝරය සහ මාලදිවයින යන රටවලද පසුගිය කාලයේ විවිධ ජන අරගල ගණනාවක් ඇතිවිය. එම රටවලද පාලනයේ සිටි රාජ්‍ය නායකයන්ද විවිධ අර්බුද ගණනාවකට මුහුණ දුන්නේය. මේ ආකාරයට කිසිදු කාලයක නොවූ ලෙසට ආසියාවේ රාජ්‍ය නායකයන් රැසක්ම රජ පුටවෙන් පැදුරට වැටුණු ආකාරය දක්නට හැකි විය. එසේම රජ මාලිගයෙන් සිර ගෙදරට ගිය ආකාරයද දක්නට හැකි විය. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද වාර්තාවක් තබමින් මෙරට සිරගෙට ගිය ප්‍රථම ජනාධිපතිවරයා විය. එනම් ඔහු රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහෙත් පසුව ඇප ලබා නිදහස් විය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අල්ලස් දෙන්න ඕනත් නෑ! අල්ලස් ගන්න ඕනත් නෑ! 15 වැනිදාට පස්සේ දඩේ රටේ ඕන තැනකින් ඔන්ලයින් ගෙවන්න පුළුවන්!  I Sri Lanka Latest News

Next Post

ඒ දවස්වල ජවිපෙට සපෝට් කරා කියපු දේවානීට ලොකු අසාධාරණයක් වෙලාලු! එයාට තනතුර නොදී ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අයට තනතුරු දීලාලු! දැන් එයාට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අය යටතේ වැඩ කරන්න වෙලාලු! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.