• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වම කඩාගෙන හදපු වම! Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
වම කඩාගෙන හදපු වම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව සමසමාජ පක්ෂය ආරම්භය සිදුවන්නේ ලංකා සමසමාජ පක්ෂයේ රැඩිකල්වාදීන් පිරිසක් සභාගයට එරෙහිව සමසමාජය තුළ සටනක් ඇරඹීම හේතුවෙන් 1972දී පැවැති සම්මේලනයේදී සමසමාජයෙන් නෙරපීමෙන් පසුවය. 2025 දෙසැම්බර් 30 වැනිදා එහි 48 වැනි සංවත්සරයයි. එය ආරම්භ වූයේ කොළඹ කොටුව ගෑස්පහ හන්දියේ පරණ නගර ශාලාවේදීය.Sri Lanka Latest News

මෙම රැඩිකල් කණ්ඩායම නව ප්‍රවණතාවක් ලෙස සංවිධානාත්මකව කටයුතු කිරීම ඇරඹුණේ පේරාදෙණිය සරසවිය අක්බාර් ශාලාවේදී 1970 දෙසැම්බර් 05 පැවති සාකච්ඡාවකදීය. මෙම පිරිසට පේරාදෙණිය සරසවියේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය නලින්ද සිල්වා, කථිකාචාර්ය සුමනසිරි ලියනගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මාක්ස්වාදය නමින් පුවත් සඟරාවක්ද එමගින් එළිදැක්විණි. ඔවුහු 1974දී පමණ සිය නාමය ‘වාම සමසමාජ ප්‍රවණතාවය’ ලෙස වෙනස් කළ අතර පුවත්පත වූ වාම සමසමාජය 1974 අප්‍රේල් 15 වැනිදා නිකුත් විය.

එකල පේරාදෙණිය සරසවියේ සමාජ අධ්‍යයන කවය නමින් සම්ප්‍රදායික කොමියුනිස්ට්, සමසමාජ දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් එහෙත් මාක්ස්වාදී අධ්‍යයනයක යෙදී සිටි සිසුන්ගෙන් සමන්විත සංවිධානයක්ද විය. ඒ තුළින් ක්‍රියාකාරීව මතුවූ අය අතර හොරණ සුනිල් ගුණරත්න, කෝට්ටේ ශාන්ත බණ්ඩාර, මහවිලච්චියේ කේ.එච්. චන්ද්‍රපාල, රාජා විජේතුංග, සුගත් වටගෙදර, විශ්වාලිංගම් විශ්වානන්දදේව, දයාන් ජයතිලක, මහින්ද දේශප්‍රිය, අශෝක පීරිස්, ලලිත් අබේසිංහ, ජයන්ත සේනාධීර, ගාමිණී සමරනායක, ඩබ්ලිව්.එම්. කරුණාරත්න ඇතුළු කිහිප දෙනකු වේ.

ආචාර්ය බාහුගේද නායකත්වයෙන් ක්‍රියාත්මකවූ සමසමාජ රැඩිකල් කණ්ඩායමට මේ වනවිට ආචාර්ය කුමාර් ඩේවිඩ්, ආචාර්ය ශාන්ත ද අල්විස් වැනි සරසවි ආචාර්යවරුන් පිරිසක්ද පසුව පසුව සමසමාජ පක්ෂයේ 1972 සමුළුවෙන් එළියට පැමිණි වමේ ප්‍රවණතා කණ්ඩායම වූ කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී දෙල්ගහවත්තගේ වාසුදේව නානායක්කාර හෙවත් අධිනීතිඥ වාසුදේව නානායක්කාර, හෝමාගම එඩ්වින් කොතලාවල, රත්නපුර වෛද්‍ය අර්සකුලරත්නම්, යාපනයේ ඒ.කේ. අන්නමලේ වැනි මුල්පෙළේ වාම ක්‍රියාකාරිකයන්ද 1976 සභාග ආණ්ඩුව බිඳවැටීමෙන් පසු ඔස්වින් ප්‍රනාන්දු, රොනී පෙරේරා, ජේ.ටී සිල්වා, සරණපාල සිල්වා වැනි වෘත්තීය සමිති නායකයන්ද එයට එක්විය. වැල්ලවත්ත සරස්වතී ශාලාවට 1977දී රැස්වූ වාම සහ වමේ ප්‍රවණතාව එක්වී එය සමසමාජ නව නායකත්වය ලෙස නම්කරන ලදී.

සමසමාජ නව නායකත්වය 1979දී නව සමසමාජ පක්ෂය ලෙස නම්කෙරුණු අතර එහි පළමු සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා වූයේ 1943 මාර්තු 08 වැනිදා බදුල්ලේ ලුණුගල උපන් කරුණාරත්න වාසල මුදියන්සෙලාගේ වික්‍රමබාහු බණ්ඩාර හෙවත් වික්‍රමබාහු කරුණාරත්නය. වාම සමසමාජය පුවත්පත පසුව වමේ සටන බවටද අනතුරුව 1984 සැප්තැම්බර් මස සිට ‘හරය’ පුවත්පත බවටද පත්විය.

ජේ.ආර්.ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි 1978 පෙබරවාරි 03 වැනිදා එසවීමේ සිද්ධියෙන් පසු නසසප ක්‍රියාකාරිකයකු පේරාදෙණිය සරසවියේ සිසු ලලිත් අබේසිංහගේ ශිෂ්‍යභාවයද අහෝසි විය. වසර 1976 නොවැම්බර් 12 පේරාදෙණිය රෝහණ වීරසූරිය ඝාතනයෙන් පසු 1977 අප්‍රේල් 06 වැනිදා පැවැති නිලවරණයේදී පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමිවූයේ ජවිපෙටය. ඒ වනවිට ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ තහනම 1977 පෙබරවාරි 21 වැනිදා ඉවත්වූ අතර එම සංගමයෙන් සභාපති තනතුරට තරග කළ මහවිලච්චියේ කේ.එච්. චන්ද්‍රපාල වැඩි ඡන්ද 383කින් ජය ගත්තේය. එජාප ආණ්ඩුව ජනතාවගේ හාල් පොත් 1978දී කැපීමට එරෙහිව සෑම සරසවියකම කළු කොඩි විරෝධතා 1978 පෙබරවාරි මැදදී ඇරඹිණි.

ආණ්ඩුවේ හාල්පොත් කැපීමට එරෙහිව විශාලතම උද්ඝෝෂණ පැවතියේ පේරාදෙණිය සරසවියේ වන අතර එයට නායකත්වය දුන්නේ ශාන්ත බණ්ඩාරය. එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතාවට ක්‍රියාකාරීව එක්වූ ශාන්ත බණ්ඩාර, කේ.එච්. චන්ද්‍රපාල, ලලිත් අබේසිංහ, සුනිල් ශාන්ත, රිචඩ් පෙරේරා, ධීරසිංහ, නිශ්ශංක, රත්නසභාපති සිසු ක්‍රියාකාරිකයන් 8 දෙනකුගේ පන්ති තහනම් කරන ලදී. එම 8 දෙනාගේ සහ ලලිත් අබේසිංහගේද පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් පේරාදෙණියේ සරසවියේ 1978 මාර්තු 02 සිට 09 දක්වා පන්ති වර්ජනයක් පැවැති අතර සරසවිය දින නියමයක් නොමැතිව වසාදමන ලදී. ශාන්ත බණ්ඩාර පූර්ණකාලීනව ජවිපෙ දේශපාලනයට ඉන්පසු ඇතුළු වූ අතර පන්ති තහනම් කළ 8 දෙනා අතුරින් රිචඩ් පෙරේරා පමණක් සමාව ඉල්ලා අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ තහනම පමණක් ඉවත් කරගන්නා ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකින් පසුව විභාගයට පෙනී සිටීමට ලලිත් අබේසිංහට අවස්ථාව ලැබිණි.

නව සමසමාජ පක්ෂයේ (නසසප) දේශපාලන ඉලක්කය වූයේ ජන අරගලය මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමය. වාම ප්‍රවණතාවයේ ක්‍රියාකාරීහු 1978 ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවද නසසප පිහිටුවීමෙන් පසු 1980 මහා වැඩ වර්ජනයේදී ක්‍රියාකාරීව මැදිහත් විය. එජාප ආණ්ඩුව 1983 ජූලි 24 සිට ජූලි 30 දක්වා රට පුරා ලැව් ගින්නක් සේ පැතිරී ගිය කළු ජූලි කෝලාහලයට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ සමග නසසප සහ කොමියුනිස්ට් පක්ෂයද තහනම් කරන ලදී. ඒ 1983 ජූලි 31 වැනිදාය. පසුව නසසප සහ කොප නායකයෝ ස්වේච්ඡාවෙන් ආණ්ඩුවට භාරවීමෙන් පසු එම පක්ෂ දෙකේ තහනම ඉවත්විණි. ජවිපෙ තහනම ඉවත් නොකළ අතර නැවත රහසිගත දේශපාලනයට ජවිපෙ එමගින් තල්ලු කරන ලදී.

නසසප ශිෂ්‍ය සංවිධානය වූයේ ලංකා ශිෂ්‍ය සම්මේලනය වේ. එය ආරම්භ කළේ 1962 මාර්තු 02 වැනිදාය. කොළඹ සරසවියේ එම්.ඒ. ජස්ටින් එහි ආරම්භකයෙකු විය. අසූව දශකයේ මැද භාගය වන විට ලංකා ශිෂ්‍ය සම්මේලනය කොළඹ, කැලණිය සහ පේරාදෙණිය සරසවිවල යම් බලපෑමක් කිරීමට සමත් සංවිධානයකි. එහි බලය නසසප වෙත 70 දශකය අවසාන භාගයේදී ගෙන ආවේ ජයශ්‍රී වීරවර්ධන, අනුර ඒකනායක, ලලිත් අබේසිංහ ඇතුළු කණ්ඩායමකි. කැලණි සරසවියේ වසන්ත සෝමරත්න 1988 දක්වා ලංකා ශිෂ්‍ය සම්මේලනයේ ලේකම් විය. ඉන් පසු නසසප ශිෂ්‍ය සම්මේලනය වාෂ්ප විය.

ආරම්භයේ සිට මේ දක්වා නසසපයෙන් දේශපාලන හෝ පෞද්ගලික හේතූන් මත කණ්ඩායම් කිහිපයක්ම ඉවත්විය. පුද්ගලයෝ වශයෙන් ආචාර්ය නලින්ද සිල්වා වැනි අය 1978 සිටද කථිකාචාර්ය සුමනසිරි ලියනගේ සහ ගුණසේන මහානාම ප්‍රධාන 12ක පමණ කණ්ඩායමක් 1982දීද සිරිතුංග ජයසූරිය, සත්‍යපාල, ජයතිලක කම්මැල්ලවීර ප්‍රධාන 40ක පමණ කණ්ඩායමක් 1989දීද වාසුදේව නානායක්කාර, එඩ්වින් කොතලාවල, කේ.ඩබ්ලිව්. විලේගොඩ ප්‍රධාන 61 දෙනකුගේ කණ්ඩායමක් 1994දීද ජී.වී.ඩී. තිලකසිරි ප්‍රධාන කිහිප දෙනක් 1998දීද, ලීනස් ජයතිලක, නීල් විජේතිලක, ධර්මසිරි ලංකාපේලි ප්‍රධාන 11 දෙනකුගේ කණ්ඩායමක් 2011දීද ඒ අතර වේ.

අසූව සහ අනූව දශකයන්හි නසසප කාර්යාලය ලේඛකයා ඇතුළු මාධ්‍යවේදීන් නිතර ආගිය තැනක් විය. ඒ හරය පුවත්පතට සම්බන්ධව සිටි දොඩංගස්ලන්දේ නයනානන්ද රත්නායක (දේශපාලන රැකවරණ මත ඇමෙරිකාවේ පදිංචිය), අවිස්සාවේල්ලේ චන්දන කීර්ති බණ්ඩාර (බිරිඳ යමුනා සහ පුතු සෙනුර සමගින් බි්‍රතාන්‍යයේ පදිංචිය), අම්බලන්ගොඩ ඥානසිරි කොත්තිගොඩ (දේශපාලන රැකවරණ මත සිය බිරිඳ චන්ද්‍රානි සහ පුත්‍රයා සමගින් නවසීලන්තයේ පදිංචිය), පාදුක්කේ රනත් කුමාරසිංහ (වර්තමානයේ නසසප ප්‍රධාන ලේකම්) ඇතුළු කිහිපදෙනකු සමග ‘මිත්‍ර සමාගමේ’ යෙදීමටය.

එක්සත් සමාජවාදී පෙරමුණ යටතේ මහජන පක්ෂය, කොප, සමසමාජය සමග නසසප 1988 පළාත් සභා මැතිවරණවලට තරග කළේය. නසසප අපේක්ෂකයන් 5 දෙනකු එහිදී ඝාතනය වූවද පළාත් සභා මන්ත්‍රීවරුන් වශයෙන් නසසප 5 දෙනකු ඡන්දයෙන් තේරී පත්විය. ඒ ගාල්ල බද්දේගම සමිත හිමි, කුරුණෑගල ඩී.ඒ. ජයවර්ධන, අනුරාධපුර සුනිල් මෙන්ඩිස්, මාතලේ කීර්ති බණ්ඩාර දිසානායක, පුත්තලම එස්.ඒ. වික්‍රමසිංහ වේ. පළාත් සභා අපේක්ෂකයන් 5 දෙනකු ඝාතනය කිරීමෙන් පසු බොහෝ තැන්වලදී රජය මගින් ඔවුන් වෙත ලබාදී තිබූ පෞද්ගලික පිස්තෝල සහ රැකවලුන් තිදෙනකු වෙත ලබාදී තිබූ රිපීටර් තුවක්කුද පැහැරගැනීමට ජවිපෙ කැරලිකරුවන් සමත්වී තිබිණි.
පළාත් සභාවට තරග කළ මහජන, කොමියුනිස්ට්, සමසමාජ සහ නසසප පක්ෂවලට ඔවුන්ගේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා රජය ගිනි අවිද ලබාදෙන ලදී. එහෙත් එම ගිනි අවිවලින් ආත්මාරක්ෂාව සඳහා පමණක් ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බව අදහසේ ප්‍රමුඛත්වයේ සිටියේ නසසපය. ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සහ ප්‍රා වැනි අර්ධ මිල්ටරි කණ්ඩායම් සමග ජවිපෙ වනසා දැමීමේ මෙහෙයුමක නසසප යෙදී සිටි බවට පිළිගත හැකි සාධක නැත.

ජවිපෙ මගින් දෙවැනි කැරැල්ලේදී ඝාතනය කළ නසසප ක්‍රියාකාරීන් සංඛ්‍යාව 24කි. ඉන් පස්දෙනකු පමණ පළාත් සභා අපේක්ෂකයන් විය. එයට අමතරව අතුරුදන්වූවන්අ සම්බන්ධයෙන් මානව හිමිකම් කේෂේත්‍රයේ කටයුතු කිරීම නිසා නසසප ක්‍රියාකාරීන් දෙකක් රජයේ ආරක්ෂක හමුදා මගින්ද දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නසසප නායකයෙක්ද ජවිපෙ දෙවැනි කැරලි සමයේදී ඝාතනයට පත්විණි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

පාතාලය යළි හිස ඔසවයි ! වෙඩිතැබීම් ඉහළට! මරණ 3ක්! Sri Lanka Latest News

Next Post

විදුහල්පතිය හරිද – සිසුවිය හරිද වැඩක් නෑ! සිරිමාවෝ විදුහලට වෙච්ච කළු පැල්ලම මකා දමන්න! ආණ්ඩුවේ සමහර වැඩ නිසා දරුවන් නොමග ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.