ස්වභාවික අනතුරක් කියපු ගමන් අපේ හැමෝටම බැලෙන්නේ අහස දිහා. මොකද අපි ස්වභාවික ආපදාවක් විදියට වැඩිපුර දකින්නේ කුණාටු, තාප රළ සහ අකුණු වගේ දේවල්. නමුත් අප හමුවේ ඇති විශාලම සැබෑ තර්ජනය මේ කතාකරන මොහොතේදී පවා අපේ කකුල් දෙක යටින් නිහඬව ගලා බසිනවා කිව්වොත් ඔබ මොකද හිතන්නේ?
ඔබ නොදන්නවා වුණාට අපේ සුන්දර ශ්‍රී ලංකා දිවයිනට යටින් නොපෙනෙන මහා බලවේගයක් නිරන්තරයෙන්ම සක්‍රීයව පවතිනවා. එය ඉතා දුර්ලභ නමුත් ඉතා ප්‍රචණ්ඩ ලෙස අපේ මවුබිම හැඩගස්වනවා. දිනෙක අප පය තබා ඇවිදින මේ මහපොළොව ගිල ගන්නට පවා ඉඩ තිබෙනවා. මෙය අපට නොපෙනෙන නමුත් සැබෑ තර්ජනයකි. අපි මේ ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මෙය අපේ කුඩා දිවයිනේ අනාගතයට බලපෑමක් ඇති කරන්නට සැබෑම හැකියාවක් තිබෙනවා.Sri Lanka Latest News
මාතලේ නිහඬ ගම්මානයකින් අපි මෙම ලිපියට ප්‍රවේශය ගමු. සන්ධ්‍යා කාලයේ සෞම්‍ය හිරු එළිය යට දුව පැන සෙල්ලම් කරන කුඩා දරුවන් සහ සාමාන්‍ය පරිදි ගෙවෙන ජීවිතය හිතේ මවාගන්න. එවිට එක පාරටම මහා ශබ්දයකින් වාතය දෙදරා යනවා. කිසිම අනතුරු ඇඟවීමක් හෝ කම්පනයක් නැහැ. ක්ෂණිකවම නිවසක් ඉදිරිපිට මාර්ගයක කොටසක් එකවරම ගිලා බසිමින් පොළොවේ විශාල සිදුරක් සෑදෙනවා. වර්ෂාවක්ද නැහැ. භූමිකම්පාවක්ද නැහැ. නමුත් පොළොව එක වරම අතුරුදන් වුණා.
මෙය ප්‍රබන්ධයක් ලෙස ඔබට ඇසුණත් ප්‍රබන්ධයක් නොවෙයි. මෙය ඇත්තටම අපේ රටේ සිදුවෙමින් පවතිනවා. මාතලේ සහ බදුල්ල වැනි ප්‍රදේශවල ගම්මානවලින් මෙවැනි භයානක කඩාවැටීම් කොතෙකුත් වාර්තා වී තිබෙනවා. මතුපිටින් ඉතාමත්ම ශක්තිමත් වගේ පෙනෙන්නට තිබුණු මහපොළොව දැනුම් දීමකින් තොරව අනාරක්ෂිත බවකට පත්වීම මහා අවාසනාවක්.
ඇත්තටම මීට හේතුව කුමක්ද? අපේ ගම්මානයට යට සැඟවී ඇති අබිරහස් බලය කුමක්ද? ඒවා ඇස් දෙකට පෙනෙන්නේ නැහැ. ඒවා වසර ගණනාවක් තිස්සේ නිශ්ශබ්දව ලංකාව යටින් ගලා බසිනවා. මතක තබාගන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපගේ දෙපතුල්වලට යට ගැඹුරින් පාෂාණ තුළ සැඟවී කිසිවකුට දැකිය නොහැකි ගංගාවන් ගලා බසිනවා. මේවා අපේ ලංකා මහපොළොව මත ගලා බසින මහවැලි වැනි ගංගාවන් නොවෙයි. මේ ගංගා ගලා යන්නේ සහස්‍ර වර්ෂ ගණනාවක් තිස්සේ ඒ විදිහටම පොළොව හාරා ඛාදනය කරගෙන සාදාගත් අඳුරු උමං තුළින්. මේ සැඟවුණු ජාලය විශේෂයෙන්ම වර්ධනය වෙන්නේ හුණුගල් පාෂාණ ඇති ප්‍රදේශවලයි. ගලාබසින භූගත ජලය හුණුගල් දිය කර හැරීමෙන් තමයි මේ කියන අඳුරු උමං ජාලය නිර්මාණය වන්නේ.
එම භූ දර්ශනය භූගෝල විද්‍යාවේදී හඳුන්වන්නේ කාස්ට් ටොපොග්‍රැෆි යනුවෙන්. මෙය නිර්මාණය වෙන විදිහ පැහැදිලි කළොත්, වැසි ජලය පොළොව තුළට කාන්දු වී පහසුවෙන් දියවෙනසුලු හුණුගල් වැනි පාෂාණවල ඇති ඉරිතැළීම් සහ පැළීම් සොයාගෙන පහළට බසිනවා. කාලයත් සමගම වැසි ජලය ගලාබැහැපු ප්‍රදේශය විශාල වී භූගත ගුහා සහ මාර්ග බවට පත්වෙනවා.
මෙම භූගත ගංගා තවත් එක් විශේෂ දෙයක් සිදුකරනවා. එනම් ජලය මගින් තම මාර්ගවල සංකීර්ණ ලක්ෂණ කැටයම් කරමින් එම ගංගාවන් ගලාබසින චැනල්ස් ආරක්ෂා කරගැනීමයි. ශ්‍රී ලංකාවේ මුලන්කාවිල් අසල එවැනි වැදගත් කාස්ට් භූගත ජල තටාකයන් තිබෙනවා. ඒවා තීරණාත්මක මිරිදිය සංචිත ලෙස ක්‍රියා කරනවා. කෙටියෙන්ම කිව්වොත් ඒ සැඟවුණු ලෝකයක් වගේම අපගේ පාද යටින් ඇති විශාල නළ පද්ධතියක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ඒවා නිරන්තරයෙන් පහළ වූ භූමිය හැඩගස්වනවා.
හිතන්න ඔබේ නිවස යටින් මීටර් කිහිපයක් පමණක් ගැඹුරින් බස් රථයක් තරම් විශාල හිස් අවකාශයක් තිබෙනවා කියලා. නමුත් ඔබ එය තිබෙන බව කිසිදා දැන සිටියේ නැහැ. මෙන්න මේ තමයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නට යන සැබෑම අනතුර. මෙම නොපෙනෙන ගංගා පොළොව යටින් ගලා යද්දී ඒවා ජලය ප්‍රවාහනය කරනවා පමණක් නොවෙයි, ඒවා පාෂාණ ඛාදනය කරමින් භූගත විශාල හිස් අවකාශයන් සාදනවා.
මතුපිට පොළොව ස්ථාවර සේ පෙනුණත් ඇත්තම තත්ත්වය තමයි අපි පය තබා ඇවිදින්නේ හිස් අවකාශයකට උඩින් එල්ලී පවතින ඉතා තුනී පස් තට්ටුවක් උඩ වෙන්නට පුළුවන්. මෙහිදී සිදු වෙන්නේ අපි ඇතුළු මතුපිට වූ සියලු දේවල් දරාගෙන සිටින පාෂාණ සෙවිලිම තුනී වී දුර්වල වීමයි. අවසානයේදී එයට තවදුරටත් බර දරාගත නොහැකි තත්ත්වයකට පත්වෙනවා. එය පළමුව පැළී ඉරිතළන්නට ගන්නවා. පසුව එය පොළොව තුළට නැමෙන අතර ඉහළ වූ දේවල් සමගම පහළ ඇති හිස් අවකාශය මතට කඩා වැටෙනවා. එය හරියට ජලයෙන් පිම්බුණු බැලුනයක් වගේ. මොකද එහි සිදුරු වුණොත් ඉහළ ඇති සියල්ල ඇතුළට වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාමකාමී ගම්මානයක මාර්ගයක් ක්ෂණිකව බය හිතෙන අගාධයක් බවට පත්වන්නේ.
බුද්ධිමත්ව හිතුවොත් අපි අනාරක්ෂිත බිමක ගමන් කරනවා පමණක් නොවෙයි, අපි විසින් ඒ කඩාවැටීමට උදවු කරමින්ද සිටිනවා. ස්වභාවධර්මය පොළොව අභ්‍යන්තරයේ මේ භයානක හිස්තැන් වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණය කරන අතර, මිනිස් ක්‍රියාකාරකම් මගින් අනතුර වේගවත් කළ හැකියි. කෘෂිකර්මාන්තය සඳහා වගේම දෛනික අවශ්‍යතා සඳහා භූගත ජලය අධික ලෙස පොම්ප කිරීමෙන් ජල මට්ටම පහත හෙළනවා. ඔබ දන්නවාද එය එතරම් හොඳ දෙයක් නොවෙයි? මොකද සාමාන්‍යයෙන් මේ භූගත ගංගාවල ජලය තමයි කාස්ට් ගුහාවල ව්‍යුහය පවත්වා ගැනීමට උපකාරී වන්නේ. අපි එහි පිරී ඇති ජලය අධික ලෙස පොම්ප කරන විට සිදු වන්නේ එහි ස්ථාවරත්වයට සහයෝගය දක්වන මේ තීරණාත්මක සහාය ඉවත් කිරීමයි. එය බැලුනය ඇතුළතින් හුළං අඩු කිරීමට සමාන කරන්නට පුළුවන්.
වනාන්තර විනාශයද මේ සඳහා බලපානවා. මොකද එහිදී ජලය පසට කාන්දු වෙන ස්වභාවය වෙනස් කරනවා. ඉතින් මෙහිදී සිදුවන්නේ මේ ක්‍රියාවන් මහ පොළොවේ සංවේදී සමතුලිතතාව අස්ථාවර කිරීමයි. එය කඩාවැටීම් වැඩි වශයෙන් සිදුවීමට ඉඩ සලසමින් සහ වසර ගණනාවක් තිස්සේ ස්ථාවරව පැවති ප්‍රදේශවල ඒවා ඇති විය හැකි තත්ත්වයක් නිර්මාණය කරමින්.
හිතන්න ඔබේ මුළු ගමම සියල්ල ගිල ගන්නට බලා සිටින සින්ක් හෝල් එකක් මත පිහිටා තිබෙනවා වෙන්න පුළුවන්. කාස්ට් භූ විෂමතාවට සම්බන්ධ සින්ක් හෝල් ගෝලීය වශයෙන් ගත්තොත් සාමාන්‍ය දෙයක්. එසේ වුවත් ශ්‍රී ලංකාවේ නිශ්චිත අධිඅවදානම් කලාප අතර මාතලේ වැනි මධ්‍යම පළාතේ කොටස් සහ අනුරාධපුර සහ බදුල්ල වැනි උතුරුමැද සහ ඌව පළාත්වල ප්‍රදේශ ඇතුළත් වෙනවා. මොකද මෙම කලාපවලට යට මහ පොළොවේ නිරන්තරයෙන් කාස්ට් භූ ලක්ෂණ නිර්මාණය වීමට අවශ්‍ය කරන හුණුගල් පාෂාණ ස්ථර පවතිනවා. ඉතින් මෙම භූ විද්‍යාත්මක තත්ත්වයන් පවතින ස්ථාන තේරුම් ගැනීමෙන් හදිසි බිම් කඩාවැටීම්වලට ලක්විය හැකි ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා ඉතා වැදගත් වෙනවා.
මහ පොළොව කෑගසන්නට පෙර ඒ විසින් සිහින් කෙඳිරිල්ලක් සිදුකරනවා. නමුත් අපි ඊට සවන් දෙනවාද? උදාහරණයක් විදිහට බොහෝ අවස්ථාවන්වලදී විශාල කඩාවැටීමකට පෙර අනතුරු ඇඟවීම් දැකගන්නට ලැබෙනවා. ළිං හදිසියේ සිඳී යාහැකියි. එසේ සිදුවන්නේ ජලය භූගත නව මාර්ග සොයා යන විටයි. බිත්ති හෝ මාර්ගවල කුඩා ඉරිතැළීම් දිස්වන්නට පුළුවන්. ඔබ පා පොළොවේ ගසන විට හිස් හඬක් පැමිණිය හැකියි. මේවා පෘථිවියේ මහ පොළොව විසින් එවනු ලබන අනතුරු ඇඟවීම්. අපි ඒ සඳහා අපේ සියුම් අවධානය යොමුකළ යුතුයි.
මහපොළොව මේ අනතුරු ඇඟවීම් කරද්දී ඔබ නොසලකා සිටිනවා නම් යමක් සිදුවූ පසු මහ පොළොවට සාප කිරීමෙන් පලක් නැහැ. ඉතින් මතක තබා ගන්න අපි අපේ පය යට ඇති පොළොව අධ්‍යයනය නොකළහොත් එය දිගු කලක් අප යට පවතින එකක් නැහැ.
ශ්‍රී ලංකාව යට ඇති බිම හුදෙක් පාෂාණ සහ ගල් පමණක් නොවෙයි. එය නිරන්තරයෙන්ම වෙනස් වන ඩයිනමික් සිස්ටම් එකක්. අපි සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මේ මහ පොළොව මත. ඒ අපේ නිවාස, අපේ ගොවිපොළවල් සහ අපේ ජලය සඳහා. එසේ වුවත් නොපෙනෙන ගංගාවන් ගලා බසින අපේ මිනිස් ක්‍රියාකාරකම්වලින් අවදානමට ලක්වන මේ පද්ධතියට අපේ භූ දර්ශනය සැලකිය යුතු ලෙස නැවත හැඩගැස්වීමේ හැකියාව තිබෙනවා.
මෙම තර්ජනය සත්‍ය වශයෙන්ම පවතින්නක්. එය නොපෙනී සැඟවී සිටිනවා. මේ පිළිබඳ කල්තියා දැනුවත් වීම තමයි අපට ඇති හොඳම ආරක්ෂාව. මේ අපි තබන සෑම පියවරක් දෙසම බියෙන් බැලීමට කරන ආරාධනයක් නොවෙයි. අපේ දෙපතුල් යට ඇති බලවත් බලවේගවලට ගරුකිරීමට ඔබට කරන ඇරයුමකි. මහ පොළොව ගිලෙන්න යනවා පවසන තුරුම අපි බලා නොසිටිමු. මහා කෑගැසීම්වලට පෙර කොඳුරන සිහින් හඬට සවන් දෙමු.
Nodutu Lokaya










