ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල්වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද “ආදරය” වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000කට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය සැපයීම දැන් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව හම්බන්තොට,ගම්පහ, කෑගල්ල .නුවරඑළිය කුරුණෑගල,අම්පාර, මහනුවර ආදී දිස්ත්‍රික්ක ගණනාවක දරු දැරියන්ට මේවන විටත් අදාල අධ්‍යාපන උපකරණ කට්ටල සපයා ඇති බව මන්ත්‍රීී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය .
තමන් සංකේතාත්මකව ආරම්භක උත්සවයේදිි දරු දැරියන් කිහිප දෙනෙකුට අවශ්‍ය උපකරණ කට්ටල භාරදීමෙන් පසු ඉදිරියට වැඩසටහන් පවත්වාගෙන යාම සිය පක්‍ෂ යාන්ත්‍රණය මගින් සිදු කරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එහිදී කිසිදු පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීම තමන්ගේ අරමුණ බව පැවසීය.










