සුළි කුණාටුවෙන් සිදුවූ මහා ව්‍යසනයෙන් රටත් ජනතාවත් යළි ගොඩගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි ජාතික සභාවක් බිහිකරන ලෙසට ආණ්ඩුව වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
පසුගිය සතියේ වෘත්තිකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මේ සම්බන්ධයෙන් ආරම්භක සාකච්ඡා පවත්වමින් රට ගොඩගැනීම සදඟා ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කොට තිබිණි.
ඔවුන් එම යෝජනාව මහානායක ස්වාමින්වහන්සේලාට සහ කාදිනල් හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
එහෙත් මේ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රායෝගික නැති නිසා විපක්ෂය යෝජනා කිරීමට සූදානම් වී සිටින්නේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් ඒකාබද්ධ කරගත් ජාතික සභාවක් හරහා මෙම ගැටලුවලට පිළිතුරු සෙවීමට කටයුතු කළයුතු යැයි කියාය.










