හෙළ ගීත කෝකිලාවිය වන ලතා වල්පොල මහත්මියගේ සුවදුක් විමසීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) ඒ මහත්මියගේ නිවෙසට ගියේය.
එහිදී ලතා වල්පොල මහත්මිය සමග බොහෝ වේලාවක් දුක සැප විමසමින් ගත කළ ප්‍රේමදාස මහතා ඇයත් සමග එක්ව ගීත ගායනා කිරීමටද පියවර ගත්තේය.
එමෙන්ම ගිටාරය සහ පියානෝව වාදනය කරමින් ගීත කිහිපයක් ගායනා කිරීමටද ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
මෙම අවස්ථාවට ලතා වල්පොල මහත්මියගේ දියණිය වන ධම්මිකා වල්පොල සහ මහින්ද බණ්ඩාර මහතාද එක්ව සිටියහ.








