ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව උඩුගම මහත්මිය ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබේ.
ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාවට මෙය දැනුම් දීමට පියවර ගෙන ඇත.










