• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අයවැය නවත්වන්න! කල්අරගෙන ආපදාවට මුහුණදෙන්න පුළුවන් අලුත් සහන අයවැයක් ගේන්න! ජනපීඩක IMF ගිවිසුම අවලංගු කර අලුත් ගිවිසුමකට යන්න! ජාත්‍යන්තර ආධාර සමුලුවක් කැඳවන්න! ආණ්ඩුවට බැරි නම් විපක්ෂය රට වෙනුවෙන් ආධාර සමුළුවක් කැඳවන්න සූදානම්! ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරන්න! විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී විනාශ වෙච්ච රට ගොඩගන්න යෝජනාවලියක් ඉදිරිපත් කරයි! සහන සැලසූ සියලු දෙනාටත් ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

December 3, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිකුරාදා අයවැය අනුමත කර ගන්න පෙර වත්මන් අයවැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවත් මේ අවස්ථාවේ කළ යුත්තේ අවතැන් වූ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අයවැයක් කෙටිකාලීනව සකස් කර විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන අයවැයක් සකස් කිරීම බවත් තවදුරටත් විහිලු නොකර මේ මහා විපතින් හානි වූ ජනතාවට සහන සලසන අයවැයක් කඩිනමින් සකස් කල යුතු බවත් දින කිහිපයක් ගෙන නව අයවැයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ විපත ගැන අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර ආධාර සමුළුව කැදවන්න විපක්ෂය සහාය දෙන්නම්

එසේම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවා විපතට පත් ජනතාවට සහන සැලසිය යුතු බවත් රජයට එය කළ නොහැකි නම් විපක්ෂය රජය වෙනුවෙන් එය කැදවීමට කටයුතු කර රටට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව අයි. එම්. එෆ් ගිවිසුමකට යන්න

ඊට අමතරව නව අයි. එම්. එෆ් ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා කළ යුතු බවත් ජනතා පීඩක ජන හිංසන අයි. එම්. එෆ් කොන්දේසි සමග ඉදිරියට යා නොහැකි නිසා කඩිනමින් අයි. එම්. එෆ් එකට සාකච්ඡා කළ යුතු බවත් රජයට නොහැකි නම් විපක්ෂය ද ඒ සදහා සහාය දෙන බවත් නව ගිවිසුම හරහා ජනතාවට සවියක් විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිර්දේශපාලනීකරණය වූ වැඩපිළිවෙළකට යන්න

මිනිසා ජීවත් කරවන්න මිනිසා රැකගන්න රට සංවර්ධනය කරන්න ආපදාවට පත්වූ ජනතාවට සහන දෙන්න නැති වූ ගොවිබිම් ටික සුරකින්න නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් නිර්දේශපානීකරණයට ලක් වූ ජාතික සංවර්ධන වැඩපිලිවෙළක් සදහා විපක්ෂය ද සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදීසි නීතිය උපයෝගී කර ගෙන මාධ්‍ය මර්දනය කරන්න එපා

හදීසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හකුලන වැඩපිළිවෙළකට නම් ඉඩ දිය නොහැකි බවත් හදිසි අවස්ථා ඇති කළේ ජනතාවට සහාය දෙන්න මිස මාධ්‍ය මර්ධනය කරන්න නොවන බවත් නීතිය හා සාමය ක්ෂේත්‍රය භාර ඇමතිවරු මෙවැනි ප්‍රකාශ කරන බවත් මේ හදිසි නීතිය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්න නොව ජනතාවට සහන සලසන්න බවත් අද වන විට මේ හරහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වන බවත් මේ මර්දන රජය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අවතැන් වූ ජීවිත අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්න

පාස්කු ප්‍රහාරය, කොවිඩ්, රට බංකොලොත් වීම, දිට්වා සුළි කුණාටුවත් එක්ක වසර 7ක් තුළ 4 වැනි ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකි බවත් ‌මේ නිසා පවුල් 437,507ක් සහ පුද්ගලයින් 1558919ක් විපතට පත්ව ඇති බවත් මරණ 465ක් සිදුව 366ක් අතුරුදන් වූ පූර්ණ හානි නිවෙස් 783ක් මෙන්ම අර්ධ හානි නිවෙස් 31417ක් ඇති බවත් මීට අමතරව කදවුරු 1433ක පවුල් 61875ක පුද්ගලයන් 232752ක් මේ මොහොතේ විපතට පත්ව ඇති බවත් මේ ආපදාවට පත්වූ සියලු දෙනාට ජීවිත දේපල අහිමිව ජීවනෝපය අහිමිව අවතැන් වූ අනාථ වූ සියලු දෙනාට සිය ශෝකය පුදකරන බවත් මොවුන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සහන සැලසූ සියලු දෙනාට ස්තූතියි

මේ විපතට පත් සියලු දෙනා රැකබලා ගැනීම ජාතික යුතුකමක් බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් එය සිදු කළ යුතු බවත් ආපදාවට පත් ජනතාව මුදවා ගන්න කටයුතු කළ ත්‍රිවිද හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය විශේෂ කාර්ය බලකාය ඇතුළු රණවිරු සියලු දෙනාම වෙනුවෙන් සිය ප්‍රණාමය උත්තමාචාරය පුදකරන බවත් මේ නිසා අභාවයට පත්වූ නාවුක හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීවරුන් මෙන්ම කොටහේන පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු ජනතාව මුදවා ගැනීමට උර දුන් සියලුම දෙනා ගෞරවයෙන් මතක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අභියෝග අපහසුතා ගැටලු ප්‍රශ්න මැද රාජ්‍ය සේවකයන් විශිෂ්ඨ කාර්යක් ඉටු කළ බවත් ගම්මට්ටම බිම් මට්ටමේ සිට සමස්ත රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම සිය ස්තූතිය ගෞරවය පුදකරන බවත් අදටත් නිදි මරා කැපකිරීම් කරන පරිත්‍යාගශීලීව කටයුතු කරන සහන සලසන රට දැය වෙනුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කරන සේවාව අගය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් අපි කටයුතු කරමු

රටක් ලෙස අභියෝග රැසකට මුහුණ දෙන මොහොතේ විපක්ෂයක් ලෙස වගකීම ඉටු කරන බවත් ජාති ආගම් පන්ති පක්ෂ භේදයෙන් තොරව දේශපාලනය පසෙකලා රටේ ජනතාව අපේක්ෂා කර විශිෂ්ඨ සේවාව ඉටු කරන බවත් මේ මොහොත වන විට ජපන්, කොරියා, යුරෝපා සංගමය, ඉන්දියාව, ඉතාලි හා ජර්මානු තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් මෙනම ලෝක බැංකු ප්‍රධානීන් හමුවී අප රටට ලබා දිය හැකි සියලුම සහන ආධාර උපරිමයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපතට පත් සියලු දෙනාට ආධාර නිර්ව්‍යාජ පාරිදෘෂ්‍ය ක්‍රමයෙන් යුතුව විවෘත සාධාරණ කාර්යක්ෂම වැඩපිළිවෙලක් හරහා ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කර සහන සලසන්න

මේ මොහොත වන විට රටට ප්‍රතිචාර දැක්වීම, සහන දීම, පුනරුත්ථාපනය, අහිමි වූ දේ ලබා ගැනීම, නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට විපතට පත් පවුල්වලට ජනතාවට උපරිම සහන දිය යුතු බවත් ජීවිත අහිමි වූ ජීවිකාව විනාශ වූ අවතැන් වූ ජනතාවට මුදල් වෙන් කරන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ, ධීවර කෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ඇති නිසා මේවා විසදා සංචාරක කර්මාන්තය දිරිගැන්විය යුතු බවත් මේ වන විට විපතට පත් ප්‍රමාණය වැඩි වෙමින් සිටින නිසා යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කර රාජ්‍ය නිලධාරීන්ට ජනතාවට උදව් කරන්න අවශ්‍ය නීතිමය පද්ධතිය සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කළුකඩ මාෆියාවට තිත තියන්න

මේ වන විට ලක්ෂ 220ක් පාරිභෝගික ජනතාව ගසා කන කලුකඩ මාෆියා නිර්මාණය වන නිසා මිල පාලනය ඇති කරන ලෙසත් ගම් නගර පිටින් නැති වූ අවස්ථාවේ ජනතාව ගැන සංවේදී වී වචනවලින් මෙන්ම සහනවලින් ද ශක්තියක් විය යුතු බවත් ඔවුන්ගෙ ගැටලුවලටලට උත්තර සැපයිය යුතු බවත් ප්‍රශ්නවලින් පැන නොයා විපතට පත් ජනතාවට සහන ලබා දෙන්න කැප වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නින්දිත පහත් දේශපාලනයෙන් බැහැරව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ විපතට පත් ජනතාවට ශක්තියක් දිය යුතුයි

මේ ආපදාව හරහා දේශපාලනය නොකළ යුතු බවත් ජීවිත දේපල හානි වූ ජනතාව මුල් කර ගෙන දේශපාලනික වශයෙන් ජනප්‍රියවන ක්‍රියාදාමවලට මුල් නොවිය යුතු බවත් මේ හානිය අවම කර ගන්න නොහැකි වූ හේතු ගැන සොයා බැලිය යුතු බවත් ආපදාව කළමනාකරණය කරනවා වෙනුවට ආපදාව ප්‍රවර්ධනය වීමට වැරදුනු තැන් සොයා බැලිය යුතු බවත් වටිනා ජන ජීවිත නැති වන තැනට නැවත වරක් රට මෙහෙය විය යුතු බවත් නින්දිත පහත් දේශපාලනයෙන් බැහැරව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ විපතට පත් ජනතාවට ශක්තියක් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැරදි අඩුපාඩු සකස් කර රට ගොඩනගමු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙවැනි භයානක තත්ත්වයක් ඇති වනවා කියා කියද්දි ඒ ගැන සොයා නොබැලීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ වැරදි හදා අඩුපාඩු සකස් කර ගැනීම බවත් රට ගොඩනැගීමට ලබා දිය යුතු උපරිම ශක්තිය ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් විපක්ෂය යුතුකම් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදිසි ආපදා තත්ත්වයක් නිවේදනය නොකලේ ඇයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි කියන විට එය ජනතාවට සන්නිවෙදනය නොවූ හේතුව සොයා බැලිය යුතු බවත් ආපදා කළමනාකරණ පනතේ ඇති අඩුපාඩුකම් නිසි ආකාරව නිවැරදි නොවීමට හේතු සොයා බැලිය යුතු බවත් ආපදා තත්ත්වයේ බැරෑරැම්කම දැන දැනත් හදිසි ආපදා තත්ත්වයක් නිවේදනය නොකළේ ඇයි ද කියා සොයා බැලිය යුතු බවත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත නොවීම ගැනත් සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

බඩු එනවා! අහස උසට ගිය එළවළු මිල ඔන්න එකපාරටම බැස්සා! දැන් කළුකඩකාරයන්ට ඉඩක් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

මෝදි දොස්තරවරු-හෙද හෙදියන්-උපස්ථායකයන් එක්ක ඉස්පිරිතාල දෙකකුත් එවයි!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.