ආපදා කළමනාකරණය සදහා හදිසි නීතිය පැනවීමේදී ජනාධිපතිවරයා පසුගිය දා කියා සිටියේ ඒ වෙනුවෙන්ම මිස කිසිදු මර්දනයක් සදහා මෙම නීතිය යොදා නොගන්නා බවට තමන් සහතිකයක් දෙන බවකි.
කෙසේවෙතත් ඊයේ දින මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කොට තිබුණේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කරන පිරිස් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසය.










