• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක විශාල අභියෝගයක්! තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි! ජනාධිපතිතුමනි.. කතාවට සීමා නොවී විපක්ෂයටත් සහභාගී වෙන්න පුළුවන් යාන්ත්‍රණයක් වහාම හදන්න! විපක්ෂනායකතුමාත් අපිත් රට වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

December 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මුලතිව් මුහුදේ අතරමංව සිට බේරාගත් රෝහින්ග්‍යාවරු 103 දෙනා ආපහු මියන්මාරයට යවන්න ගත්ත තීන්දුව වහාම හකුළාගන්න! ඒක අපේ රටට හරි නෑ! ඔවුන්ගේ ජීවිතවලටත් අවදානමක්! ජාත්‍යන්තර නීතිවලටත් පටහැනියි! මුජිබර් අනුරට ලියුමක් ලියයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘අධික වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් රටට සිදුවුණ හානියත් සමඟ රජයට විශාල අභියෝග රැසකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවේවි. ඒ වගේම රට ගොඩගැනීම සඳහා සියලු දෙනාම එකතුවී වැඩ කළ යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා නිතරම ප්‍රකාශ කරනවා. ජනාධිපති අනුර දිසානායක මහතාගේ එම ප්‍රකාශයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කිසිදු විරුද්ධතාවයක් නැහැ. රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට සියලු දෙනාම එකතු විය යුතුයි. ඒ සඳහා සියලුම දෙනා අවදානය යොමු කළ යුතුයි. ඒ වගේම කතාවකට පමණක් සිමා නොකර රට ගොඩ ගැනීමේ ක්‍රියාන්විතයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සක්‍රීය දායකත්වයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සමගි ජනබලවේගය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා. රට ගොඩගැනීමට සියලුම දෙනා එකතුවිය යුතු බව කතාවට පමණක් සිමා නොකර ඒ සඳහා සක්‍රීය යාන්ත්‍රණයක් සකස් කරන්න ජනාධිපති අනුර දිසානායක මහතා සහ ආණ්ඩුව කටයුතු කළ යුතුයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආණ්ඩුව ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහසක සිටියත් මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ව්‍යවසනයෙන් රට මුදවා ගැනීම සඳහා විපක්ෂයේ දායකත්වය ලබාදෙන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සුදානම්. ඒ නිසා රට මුහුණ දී තිබෙන ව්‍යවසනකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සියලු දෙනාට සම්බන්ධ වී වැඩ කළ හැකි යාන්ත්‍රණයක් සකස් කරන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ගං වතුර තත්ත්වය පහව ගියාට පසු සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ සඳහා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය ශක්තිමත් කිරීමට රජය වහාම පියවර ගත යුතුයි. ඒ වගේම ගං වතුර තත්ත්වය හේතුවෙන් විශාල ආහාර අර්බුදයක් රට තුළ ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. රටට අවශ්‍ය එළවලු වලින් විශාල ප්‍රමාණයක් ලැබෙන නුවරඑළිය , බදුල්ල , නුවර වැනි දිස්ත්‍රික්ක වලට විශාල හානියක් සිදුවී තිබෙනවා. ඒ වගේම වී වගාකරන අනුරාධපුර , පොලොන්නරුව දිස්ත්‍රික්කවල වහා හිනි සිදුවෙලා තිබෙනවා. ඒ වගේම සත්ත්ව ගොවිපළවල් විශාල වශයෙන් විනාශ වී තිබෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ රටේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට ඉඩ තිබෙනවා. එම නිසා අර්බුදයකින් තොරව ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම රටට බලපෑ ගංවතුර තත්ත්වය සහ නාය යෑම් නිසා රටේ මාර්ග පද්ධතියට විශාල හානියක් සිදුවෙලා තිබෙනවා. මාර්ග පද්ධතිය යළි සකස් කිරීමට රජය යම් වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් දියත් කළ යුතුයි. මාර්ග පද්ධතියට හානි සිදුවීම හරහා අවතැන් වු ජනතාවට සහන ලබාදීමට පවා අපහසු වී තිබෙනවා.

ඒ වගේම පරාටේ නීතිය යළි ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව විසින් බැංකුවලට අවසර ලබා දී තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේදී රටේ තිබෙන සෑම බැංකුවක්ම විශාල ලාභයක් ලබා තිබෙනවා. කෙසේ නමුත් විශාල පිරිසක් ගං වතුරෙන් , නාය යෑම් වලින් අවතැන් වී ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටී , කඳවුරුවල සිටින මොහොතක ඇතැම් බැංකු ජනතාවගේ ඉඩකඩම් වෙන්දේසි කරන්න කටයුතු කර තිබෙනවා. ඒ නිසා පරාටේ නීතිය වසරකින්වත් කල් දමන ලෙස මහබැංකුවට උපදෙස් ලබාදී මෙම ප්‍රශ්නයට මැදිහත්වන්නැයි සමගි ජනබලවේගය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම රට තුළ ඇතිවී තිබෙන ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒ සඳහා මැලිකමක් දැක්වුවා. එ් වගේම රටේ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. ඒ අනුව දින දෙකකට පමණ පසු රටේ හදිසි නිති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කළා. ඒ වගේම පිරිපුරක ඇස්තමෙන්තුවක් වෙන් කරගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් එවැනි අවශ්‍යතාවයක් නැති බවත් මුදල් තිබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. නමුත් පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශ කළා. කෙසේ නමුත් ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු පෙන්වා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩයාමේ අදහස ප්‍රකාශයට පත් කරන්න කටයුතු කරනු ලබනවා. විපක්සයේ අදහස් පිළිබඳවක් ආණ්ඩුව යම් අවදානයක් යොමු කරනවානම් සුදුසුයි. ඒ වගේම රටේ ඉදිරිගමනට සහ ආණ්ඩුවේ ඉදිරිගමනට වැදගත් වන යෝජනා රැසක් විපක්ෂය විසින් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. එම අදහස් සහ යෝජනා එක හෙළා බැහැර නොකර , ආණ්ඩුවේ තිබෙන අධි හීනමානය අත්හැර රටේ යහපත වෙනුවෙන් , ජනතාවගේ යහපත වෙනුවෙන් එහ අදහස් සහ යෝජනා කෙරෙහි අවදානය යොමු කරන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. රටේ මීට පෙර සිටි විපක්ෂ මෙන් සමගි ජනබලවේගය ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම රට ගැන , රටේ ජනතාව පිළිබඳව කල්පනා කරන විපක්ෂයක් තමයි අද රට තුළ තිබෙන්නේ. ඒ නිසා රට ගොඩගැනීම සඳහා අවශ්‍ය සියලුම සහාය ලබාදීමට සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සූදානම්. ඒ වගේම සියලුම දෙනාට එකතුවී වැඩකළ හැකි යාන්ත්‍රණයක් සකස් කරන්න රජයට කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා. එම යාන්ත්‍රණය වෙනුවෙන් විපක්ෂය කැප වී වැඩකටයුතු කරන්න සුදානම්. ආණ්ඩුවේ මඩ බලකාය හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මඩ ප්‍රහාර එල්ල නොකර සියලු දෙනාම එකතුවී රට ගොඩගැනීමටයි කටයුතු කළ යුත්තේ. එමෙන්ම ඒ සඳහා යන්ත්‍රණයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විදෙස් රටවල් බොහොමයකින් ශ්‍රී ලංකාවට ආධාර ලැබෙනවා. ඒ නිසා විදෙස් රටවලින් ලැබෙන ආධාර ලබාගන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව මේ මොහොතේදී දරුණු තත්ත්වයක සිටින්නේ. සෑම තැනකින්ම ශ්‍රී ලංකාවට මේ මොහොතේ ලැබෙන ආධාර වැදගත් වෙනවා.

රට මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන්න , අදහස් ඉදිරිපත් කරන්න විපක්ෂයට ආණ්ඩුව අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. එය පැය දෙකකට සීමා කරන්න ආණ්ඩු පක්ෂයේ සභානායකවරයා කටයුතු කරනු ලැබුවා. මන්ත්‍රීවරුන්ගේ ප්‍රදේශවල ඇතිවුණ ආපදා තත්ත්වයන් පිළිබඳව , අවතැන් වු ජනතාව පිළිබඳව කතා කරන්න , මරණයට පත්වුණ ජනතාව ගැන කතා කරන්න ඒ පිළිබඳව ආණ්ඩුවට ප්‍රකාශ කරන්න විපක්ෂයේ මහජන නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දිය යුතුයි. මහජන නියෝජිතයන්ට අදහස් ප්‍රකාශ කරන්න තිබෙන ස්ථානය පාර්ලිමේන්තුව පමණයි. එ් සඳහා අවස්ථාව නොදී එම අවස්ථාව යටපත් කරන්න ආණ්ඩුව ගත්ත උත්සාහ කළ නිසයි විපක්ෂය පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වුණේ. ඒ හරහා ආණ්ඩුවට සංකේතාත්මකට විරෝධයක් දක්වන්න විපක්ෂය කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කාලය පැය දෙකකට සීමා කිරීමෙන් ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රිවරුන්ටත් අසාධාරණයක් සිදුවුණා. ඔවුන්ටත් ඔවුන්ගේ ප්‍රදේශවල තිබෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ නිසා හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසටත් බාධා ඇති වුණා. රටේ සියලුම ජනතාවට පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. ඒ නිසයි මන්ත්‍රිවරු 225 ක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන්නේ. ඔවුන්ටවත් දැන් අදහස් ප්‍රකාශ කරන්න නිදහසක් නැහැ. ඒ වගේම අයවැය විවාදය දින කිහිපයකින් කල් දැමිමෙන් කිසිදු බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම රටේ ඇතිවී තිබෙන ව්‍යවසනකාරී තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න දින දෙකක් ලබා දෙන ලෙස විපක්ෂය යෝජනා කළා. නමුත් ආණ්ඩුව ලබාදුන්නේ පැය දෙකක කාලයක්. එම කාලය මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් නැහැ. කෙසේ නමුත් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට වඩා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙම ව්‍යවසනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව නැති වුණා.

ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා සිටින මතයේ නෙවෙයි සභානායකවරයා සිටින්නේ. රට මුහුණ දි තිබෙන ව්‍යවසනයෙන් රට ගොඩගැනිමේ ක්‍රියාන්විතයට විපක්ෂයේ සහාය අවශ්‍ය නැති බවයි සභානායකවරයාගේ හැසිරිමෙන් පෙනෙන්නේ. ජනාධිපති අනුර දිසානායක මහතා කියන දේ ඔහුට පහළ සිටින පිරිස ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා සියලුම දෙනාගේ සහාය අවශ්‍ය බව කියමින් කාලය ගත නොකර ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන්න ජනාධිපති අනුර දිසානායක මහතා කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් රටේ ඇති වී තිබෙන ව්‍යවසනකාරී තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට විපක්ෂයේ මන්ත්‍රීවරු හැකි පමණින් උදව් උපකාර කරනවා. නමුත් රාජ්‍ය යාන්ත්‍රණයත් සමඟ වැඩ කිරීමේදී ඊට වඩා විශාල වැඩ කොටසක් සිදුකිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පාර්ශ්වය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළ යුත්තේ සභානායකවරයා නෙවෙයි අගමැතිවරියයි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ නායකයා අගමැතිවරිය මිසක සභානායක නෙවෙයි. ආණ්ඩුවේ නිල නායකයා අගමැතිවරිය. පාර්ලිමේන්තුවේදී අගමැතිවරිය බිම බලාගෙන සිටිනවා. සභානායකවරයා අදහස් ප්‍රකාශ කරනවා. අගමැතිවරිය පාර්ලිමේන්තුව තුළ අසරණ වෙලා සිටින බවක් පෙනෙන්න තිබෙනවා. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින් සභානායකවරයා. ඒක වැරදි දෙයක්. පාර්ලිමේන්තුවේ තිබෙන පරිපාලනමය කටයුතු සඳහා තමයි සභානායකවරයා සිටින්නේ. ආණ්ඩුවේ නිල ප්‍රකාශ , තින්දු තිරණ ගත යුත්තේ අගමැතිවරිය. නමුත් ආණ්ඩුවේ එවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ. අගමැතිවරියගේ වැඩ කොටස කරන්නේ සභානායක. අගමැතිවරිය ආණ්ඩුව වෙනුවෙන් කිසිවක් සිදුකරන්නේ නැහැ.‘‘

SendShareShare
Previous Post

දරුවන් දෙදෙනාත් එක්ක අම්මා මල්වතු ඔයට පනී! ගම්මු අම්මව නම් බේරගෙන! දරුවො දෙන්නා..? VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය අලුත් කරලා! අද කතානායකතුමා අතින් එළිදක්වයි!  I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.