දිට්වා සුළි කුණාටුව නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඉතාලි ජනරජයේ මෙරට තානාපති Damiano Francovigh මහතා හමු විය.Sri Lanka Latest News
එහි දී පවතින ආපදා තත්ත්වය සමඟ උද්ගත වූ ආර්ථික, සමාජීය, පාරිසරික ගැටලු රාශියක් කෙරෙහි දෙපාර්ශ්වයේ අවධානය යොමු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින ආපදා තත්ත්වයත් ඉන් පසුව උද්ගත විය හැකි පශ්චාත් ආපදා තත්ත්වය සහ වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ඉතාලි ජනරජයට ලබා දිය හැකි උපරිම දායකත්වය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යාමටත් බිඳ වැටී ඇති දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමටත් සහාය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය














