• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ වගේම පූර්ව අනතුරු ඇඟවීමක් කරලා තිබ්බත් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නෑ! සිද්ධ වෙච්ච හැම මරණයකටම ආණ්ඩුව වගකිව යුතුයි! ආණ්ඩුවට විරුද්ධව අපරාධ නඩුවක් දානවා! VIDEO I Sri Lanka Latest News

December 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘රට තුළ මතුවී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ප්‍රමාණවත් කාලයක් ඉල්ලා සිටියත් රජය විසින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් විපක්ෂයට ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. රට මුහුණු දුන් ආපදා තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සාර්ථක සැලසුම් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. සුළි කුණාටුවෙන් බලපෑමෙන් ශ්‍රී ලංකාවට විශාල ව්‍යවසනයක් සිදුවිය හැකි බවට නොවැම්බර් 12 වැනිදා අදාල අංශ විසින් රජය දැනුම්වත් කර තිබුණා.

ඒ වගේම ජලවිදුලිය නිෂ්පාදය , කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ගංවතුර පාලනය කිරීම ජලාශ මගින් සිදුකරනු ලබනවා. ඒ වගේම ජලාශවල ජලය ක්‍රමානුකූලව නිදහස් කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරුන් දැනුම්දිමක් කර තිබුණා. කෙසේ නමුත් ආණ්ඩුව මෙම උපදෙස් පිළිනොගෙන උද්දච්චභාවය ප්‍රදර්ශනය කරන්න කටයුතු කළා. ඒ අනුව ජලාශවල වාන් දොරට එකවර විවෘත කිරීම හරහා විශාල ව්‍යවසනයක් ඇතිවුණා.

ඒ වගේම කැළණි ගඟේ මෝය කටවල් පළල් කිරීම ආණ්ඩුව සිදුකළේ නැහැ. ඒ වගේම ගං වතුරකදී පුර්ව සුදානම් විය යුතු ආකාරය පිළිබඳව ජනාධිපතිවරයාගේ , අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවලිදී විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කළා. ඒ වගේම භුමිය තුළ තිබෙන කැළණි ගඟ ආශ්‍රීත ඇලමාර්ග වල ජලය පිට කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් ඒ පිළිබඳව ආණ්ඩුව අවදානය යොමු කළේ නැහැ. ඒ වගේම ගොතටුව ප්‍රදේශයේ තිබෙන ගං වතුර පාලන ගේට්ටුවෙන් වතුර යම් ප්‍රමාණයක් පිට කරන්න හැකියාව තිබුණා. නමුත් මේ කිසිවක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. මේවැනි දේවල් වලින් ගං වතුරෙන් සිදුවුණ හානිය වළක්වා ගැනීමට හැකියාවු තිබුණා. නමුත් ගං වතුර පාලනය කර ගැනීමට කිසිවක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ඒ වගේම මෙවැනි ව්‍යවසනයක් රට තුළ ඇතිවුණාට පසුව ආණ්ඩුවට සහල සැලසීම සඳහා මිලියන 2000 ක් පමණ මුදල් වෙන් කළ යුතුයි. නමුත් මෝය කටවල් පළල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළානම් වසරකට මිලියන 100 ක් පමණයි වැය කරන්න සිදුවෙන්නේ.

ඒ වගේම ආපදාවට ලක්ව කඳවුරුවල සිටින ජනතාවට පිසු ආහාර ලබාදෙන්න රජය කටයුතු කර තිබෙනවා. නමුත් ජනතාවගෙන් සියයට 5 ක්වත් කඳවුරුවලට පැමිණෙන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආපදාවට ලක්වුණ ජනතාව වෙනුවෙන් දියත් කරන්න රජය අපොහොසත් වී තිබෙනවා. ආපදාවට ලක්වූවන්ට සහන සලසන්න මුදල් වෙන් කර තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් මහ පොළොවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒ වගේම ගං වතුර හේතුවෙන් සිරවී සිටින ජනතාව බේරා ගැනීමට ප්‍රමාණවත් බෝට්ටු සේවයක් දැමීමට , ප්‍රමාණවත් පරිදි ආරක්ෂක අංශයේ සමාජිකයන් යෙදවීමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින විට ක්‍රියා කළ ආකාරයට සමගි ජනබලවේගය කටයුතු කළේ නැහැ. වගකිව යුතු විපක්ෂයක් ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් කළ හැකි සියලුම දේ කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබුවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේදී රටට සිදුවුණ ව්‍යවසනය පිළිබඳව සාකච්ඡා කරන්න විපක්ෂය බලාපොරොත්තු වුණා. මෙම ව්‍යවසනය පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් අමානුෂික කටයුත්තක්. කෙසේ නමුත් රට බංකොලොත් කිරීමට විරුද්ධව රාජපක්ෂවරුන්ට නඩු ගොනු කළා මෙන් වර්තමාන ආණ්ඩුවට අපරාද නඩුවක් යොමු කරන්න කටයුතු කරනු ලබනවා. මෙම ව්‍යවසනයෙන් මැරුණ සෑම පුද්ගලයෙකුටම ආණ්ඩුව වගකිව යුතුයි. පුර්ව අනුතරු ඇඟවිමක් සිදුකර තිබියදී , පුර්ව සුදානමක් නැතිව කටයුතු කිරීමට විරුද්ධව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.

ඒ වගේම ආණ්ඩුව මෙම ව්‍යවසනය පිළිබඳව සත්‍ය කරුණු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිම වළක්වාලන්න උත්සහ කළා. නමුත් ආණ්ඩුවේ තිබෙන අකාර්යක්ෂමතාව , දුර්වලතාව , සුදානම් නොවීම , තිරණ නොගැනීම වැනි කාරණා හේතුවෙන් රටේ විශාල පිරිසකට වන්දි ගෙවන්න සිදුවුණා. කෙසේ නමුත් මෙම ව්‍යවසනයෙන් මියගිය ගණන පිළිබඳව රජය ලබාදෙන දත්ත වැරදියි. මීට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යවසනයෙන් මරණයට පත්වුණා. ඒ දත්ත ලබාදෙන්නේ නැහැ. ඒ වගේම මුලු රටම අපදාවට ලක්වෙලා තිබෙනවා.

ඒ වගේම පීඩාවට පත් ජනතාවට සහන සලසන්න සමගි ජනබලවේගයට හැකි උපරිමයෙන් කටයුතු කරනු ලබනවා. ගං වතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර පාන ලබාදීමට සමගි ජනබලවේගය පසුගිය දින කිහිපය තුළ කටයුතු කරනු ලැබුවා. ඒ වගේම අවතැන් කඳවරුවල සිටින දරුවන්ට අවශ්‍ය දේවල් ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබුවා.
ඒ වගේම ගං වතුර හේතුවෙන් කොටුවුණ ජනතාව බේරා ගැනීමට බෝට්ටු දෙකක් ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබුවා. ඒ වගේම මෙම මෙහෙයුම නොනවත්ව ක්‍රියාත්මක කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ අකාර්යක්ෂම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව දැන් පැහැදිලි වී තිබෙනවා.

ඒ වගේම රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කරන සේවාව ජනතාව ප්‍රසාදයට ලක්කර තිබෙනවා. සමගි ජනබලවේගය විපක්ෂයේ සිටි නිසා පීඩාවට පත් ජනතාවට උදව් උපකාර කරන්න කටයුතු කරනු ලබනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියානම් රටේ ජනතාව කුලප්පු කරලා , වැඩ කටයුතු කඩාකප්පල් කරන්න කටයුතු කරනු ලබනවා.‘‘

SendShareShare
Previous Post

මුලු රටම දායක කරගනිමින් අරමුදලක්! රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක්! ව්‍යාපාරිකයන් හමුවේ අනුර රට ගොඩගන්න විදිහ ගැන කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මහ වැස්සට සීගිරි රන්මසු උයනේ වතුර මල් ටික වැඩකරන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.