ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 200 වන ධර්ම දේශනය අද (03) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සොලොස්මස්ථානාධිපති ගෙඩිගේ රජමහා විහාරාධිපති අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි නා හිමියන් විසින් මෙවර ධර්ම දේශනය පවත්වන ලදී.
වෙඩරුමේ උපාලි නාහිමියන් පුරා විද්‍යා උපදේශක කමිටුවට පත්කිරීමට අදාළ පත්වීමේ ලිපිය මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගැන්වූ අතර දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අඩුපාඩු සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවද මෙහිදී අග්‍රහාර කාශ්‍යප හිමියන් අග්‍රාමාතයවරයා වෙත භාරදුන්නේය.
එම අවසේථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් සහ සැදැහැවතුන් පිරිසක් සහභාගී වූහ.













