• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන්දෙදි ඒ ඒ පක්ෂ ගන්නා ප්‍රතිපල ගැන බැසිල් අද කියපු අනාවැකිය

August 2, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල්ගෙන් රටටම උපදෙසක්: හදිසියකදී එහෙට මෙහෙට පනින කට්ටිය පාර්ලිමේන්තු එවන්න එපා
Share on WhatsAppShare on Facebook

‘අපේ රටේ පැරැණිම දේශපාලන පක්ෂය මෙවර 4 වැනියාගෙන් බේරුණොත් ඇති. ආසන සංඛ්‍යාවෙන් අඩු තැනකට ඔවුන් එනවා. අපි ගන්නා ඡන්ද ප්‍රමාණයෙන් අඩකට හෝ අපේ දෙවැනියට ගන්න බැහැ. වැඩි දිස්ත්‍රික්ක ප්‍රමාණයක් අපි දිනනවා. එක්සත් ජාතික පක්ෂය එකම දිස්ත්‍රික්කයක් හෝ දිනන්න බැරි වෙයි. දෙමල ජාතික සන්ධානය දිස්ත්‍රික්ක තුනක් දිනයි කියා හිතනවා. ජනතා විමුක්ති පෙරමුණට ටිකක් වැඩිපුර පාර්ලිමේන්තු ආවොත් හොදයි’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක, බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් පෙදෙසේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

එහිදී බැසිල් රාජපක්ෂ මහත‌ා මෙසේද කීය.

මේ මැතිවරණ ව්‍යාපාරය මෙතෙක් පැවැත්වූ සාමකාමී කිසිම ගැටුමකින් තොරව සාමකාමීව පැවැත්වුවා. මෙහි ගෞරවය ජනාධිපති, අගමැතිට හා මැතිවරණ කොමිසමට පිරිනමනවා. අපිටත් එහි ගෞරවය යම් තරමකින් හිමිවන්න ඕන. ජනාධිපති ඉන්න පක්ෂය මැතිවරණ නීතයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ නීතියට අනුව හැකි පමණ සාර්ථක ලෙස පැවැත්වුවා. මේ මැතිවරණයේ නොයෙක් අලුත් දේ සිදුවුණා. පළමුවරට ජනාධිපති ජනතාව වේදිකාව අමතන්නේ නොමැතිව රට පුරා ගොස් ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යෙමුකර, ඔවුන්ගේ ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. අද හම්බන්තොටින් අවසන් කරනවා. ලංකාවේම ගිහින් ජනතාවට කතා කරන්න අවස්ථාව දුන්නා. නායකයන්ට කියන්න ඕන පණිවුඩය ඇසුවා. එතුමා අපේ පක්ෂයේ අපේකෂකයන් සියලු දෙනා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගත්තා. ඒ සඳහා පැමිණියා. ලංකා දේශපාලන ඉතිහාසයේ පළමුවරට කිසිඳු වේදිකාවක කතා නොකර ජනතාවට කතා කරන්න අවස්ථාව දුන්නා.

මෙය අපිට ලොකු ආදර්ශයක්. එතුමා අපිට පක්ෂයට නිසි මඟපෙන්වීම කර තිබෙනවා. ඒ මහතා මැතිවරණය කරද්දී අලුත් දේ කළා. මෙවරත් අපිට අලුත් දෙයක්. මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් විවිධ මත තිබුණ ද එය ක්‍රියාත්මක කළේ මේ රටේ තිබෙන නීතිය තමයි. 1981 අංක 01 දරණ පනතට අනුව කටයුතු කළා. ඒ සඳහා අපි සමඟ පැවැත්වූ සාකච්ඡාවල දී අපි එකඟවුණා. සෞඛ්‍ය බලධාරීන් ද යම් යම් කොවිඩ් සම්බන්ධයෙන් පැනවූ නීති අකුරටම ක්‍රියාත්මක කළා. මැතිවරණයක් වුණාම හැමවෙලාවේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහීව අවසන් කරන්නේ. ඒ අනුව අපි මේ මැතිවරණයෙන් ද අනිවාර්යයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නවා. මේ මැතිවරණය අපි අනිවාර්යයෙන් ජයග්‍රාහීව අවසන් කරනවා. ඒ ගැන අපි සතුටින් පවසනවා. ජනතාව කෙරෙහි විශාල විශ්වාසයක් තිබෙනවා ඒ ජයග්‍රහණය අපිට දෙයි කියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර තරඟ කරන්නේ දිස්ත්‍රික්ක 21ක් සඳහා පමණයි. යාපනය දිස්ත්‍රික්කය සඳහා අපි තරඟ කරන්නේ නැහැ. එයින් බහුතරයක් අපි  ජය ගන්නවා. අපි බලයට එන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ පක්ෂයේ ජනාධිපති ලෙස කටයුතු කරනවා. එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලය අපිට ලැබිය යුතු වෙනවා. ජනාධිපතිට විධායක බලය ලැබෙනවා. ව්‍යවස්ථාදායක හා මුදල් බලය පාර්ලිමේන්තුවට තිබෙන්නේ. ඒ අනුව අපි විධායක බලය පවත්වාගෙන යන්න කටයුතු කරන විට ව්‍යවස්ථාදායකය තුළින් ලැබිය යුතු සහය ලැබුණේ නැහැ. ඒ නිසා බොහෝ දේ අපෙන් අතපසු වුණා. නමුත් ඉදිරියේ දී ඒවා හරියට ක්‍රියාත්මක කරන්න සහය දෙන්න කියා ඉල්ලනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් විධායකයට වගකීම තිබෙනවා. මේ රටේ ජනතාවගේ ආරක්ෂාව විනය ගරුක සමාජයක් ඇති කරන්න, ජාතික ආරක්ෂාව ආරක්ෂා කරගන්න සියලු බලය එතුමාට ලැබිය යුතු වෙනවා. ජනතාව දෙන වරම උඩ යම් යම් සංශෝධන කර හෝ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපේ රටට නිදහස ලැබිලා තිබුණත් තවමත් ගම්වල බීමට වතුර, පාරවල් නොමැති පවුල් ඉන්නවා. දරිද්‍රතාවයෙන් පෙළෙන තුන් වේල ආහාර ලබාගන්න නොහැකි පවුල් ලක්ෂ 10 ට වැඩිය ඉන්නවා. මෙය අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් නොවෙයි. නමුත් රටක් ලෙස මේ ගැන දුක්විය යුතුයි.

අපි සහතික වෙනවා ජනාධිපති අගමැති දෙදෙනාගේ නිල කාලය තුළ අපි අනිවර්යයෙන් මේ රටේ හැම කෙනෙකුට අවශ්‍ය පහසුකම් වැසිකිලි, බීමට ජලය ආදිය ලබා දෙන්න කටයුතු කරනවා. උපන් බිමේ බිම් අගලක අයිතිය දෙන්න කටයුතු කරනවා. මේ කටයුතු කරන්න ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලයට පමණක් බැහැ. සියලු දෙනා සම්බන්ධ වෙන්න ඕන. අපි රටේ පැරැණිම දේශපාලන පක්ෂය මෙවර 4 වැනියාගෙන් බේරුණොත් ඇති. ආසන සංඛ්‍යාවෙන් අඩු තැනකට ඔවුන් එනවා. අපි ගන්නා ඡන්ද ප්‍රමාණයෙන් අඩකට හෝ අපේ දෙවැනියට ගන්න බැහැ. වැඩි දිස්ත්‍රික්ක ප්‍රමාණයක් අපි දිනනවා. එක්සත් ජාතික පක්ෂය එකම දිස්ත්‍රික්කයක් හෝ දිනන්න බැරි වෙයි. දෙමල ජාතික සන්ධානය දිස්ත්‍රික්ක තුනක් දිනයි කියා හිතනවා. ජනතා වරම උඩ ජනතා අපේක්ෂාවන් ඉටු කරන්න අපි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මෙතෙක් ලෝකය මුහුණ දුන් භයානක අර්බුදයට අපි මුහුණ දෙමින් ඉන්නවා. ඒකට මුහුණ දුන් ආකාරය ගැන සිතන විට ශ්‍රී ලාංකිකයන් ලෙස අපිට අවංකව සතුටු වෙන්න පුළුවන්. මිනිස් ජීවිත පමණක් නොව ඒ අයගේ ජීවනෝපායත් ආරක්ෂා කළා. අපේ ආර්ථිකයේ වැදගත් අංශයක් තමයි අපනයනය. එහිදී අපි මේ ජූලි මාසයේ වාර්තා අනුව අපි මෙතෙක් 2019 ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා.

ඩොලර් මිලියන 999 යි පසුගිය වසරේ ලැබුනේ. මේ වසරේ ජූලි 31 වන විට ඩොලර් මිලියන 1060ක් ලබා තිබෙනවා. මේ ගැන අපි සතුටු විය යුතු වෙනවා. ගිය මාසයේ වෙළද ශේෂය ධනාත්මක වුණා. අපි විවිධ දේ මේ රටට ගෙන්වීම නතර කලා කියනවා. අපි කොහු ගෙන්වන එක නතර කළා කිසිම ගෙදරක් අතුගාන එක නතර කර නැහැ. ඒ නිසා අපේ රටට අවශ්‍ය දේ පමණක් ගෙන්වන ප්‍රතිපත්තිය ක්‍රියාත්මකයි. අපිට අවශ්‍ය දේ පමණක් ගෙන්වනවා. කහ මේ රටේ ලෙහෙසියෙන් වගා කරන්න පුළුවන්. අපේ රටේ ගොවියන් උඳු වගා කරයි. අපිට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, අනෙකුත් අමුද්‍රව්‍ය අනිවාර්යයෙන් ගෙන්වනවා. විදේශ විනිමය ලැබුණු ප්‍රධාන මාර්ගය සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම පහත වැටී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා බාර ගත්තේ හොඳට තිබුණු රටක් නොවෙයි. සෘණ ආර්ථිකයකට ගිහින් තිබුණු රටක්. මේ රටේ යටිතල පහසුකම් නවතා තිබුණා. විශාල ලෙස ණය වී තිබුණ රටක් අපි බාර ගත්තේ. රජයේ තිබුණු නාස්තිය හැම තැනම තිබුණා. නමුත් දැන් නාස්තිය අවම කර තිබෙනවා. මේ වෙනුවෙන් නොයෙක් බාධා තිබෙනවා. කොරෝනා උවදුර පමණක් නොවෙයි. අපිට විවිධ බාධා තිබෙනවා. නමුත් ධනාත්මකව ඉදිරියට යනවා. මෙතෙක් මේ රටේ නොතිබුණු සෞභාග්‍යමත් රටක් ලෙස ආර්ථිකය ගොඩනඟන්න කටයුතු කරනවා. අපි පැහැදිලිව ව්‍යවස්ථාව 1977 වසරේ දී ඉදිරිපත් කර තිබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමයකට නොවෙයි එය ඉදිරිපත් කළේ. ඒ ව්‍යවස්ථාව 19 වතාවක් වෙනස් කර තිබෙනවා. එහි මූලික කරුණු ප්‍රධාන අවස්ථා විටින් විට වෙනස්කර තිබෙනවා. අද මේ ව්‍යවස්ථාව විකෘති වී තිබෙන ව්‍යවස්ථාවක්. එහි නොයෙක් විෂයන් තිබෙනවා. ජාතික ආරක්ෂා, ස්වෛරීභාjය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් තිබිය යුතු වෙනවා. ව්‍යවස්ථාදායකය හා මුදල් බලය පාර්ලිමේන්තුවට තිබෙන්නේ. එය ක්‍රියාත්මක කරන්න සියලු බලය ලබාදිය යුතු වෙනවා. විධායකය හා ව්‍යවස්ථාදායක අතර ගැටුම් ඇති නොවන විදියට කටයුතු කළ යුතු වෙනවා. පළාත් පාලන ක්‍රමයට නව ඡන්ද ක්‍රමයක් අපි හදුන්වා දුන්නා. ජනතාවගේ සිට රටේ යම් විදියකින් බලය බෙදීම සම්බන්ධයෙන් ද ජනතාව අවුරුදු පහකට හයකට වරක් පමණක් ඡන්දය දීලා තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරනවා ද නැතිනම් දිනපතා තමන්ගේ පරමාධිපත්‍ය හැමදාම ක්‍රියාත්මක කරනවා ද ව්‍යවස්ථාවෙන් අපි අපේක්ෂා කරනවා.

ගමේ තමන්ගේ දේ කරන වෙලාවට තම අදහස් සම්බන්ධ කරගෙන පක්ෂ භේදයකින් තොරව අවශ්‍ය පරිසරය හැදිය යුතු වෙනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් අපි උපරිම සේවයක් ලබාදෙනවා. ස්වාධීන කොමිසන් ස්වාධීන කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන සෞභාග්‍යයේ දැක්ම අපේ ප්‍රතිපත්තිය ජනතාව විසින් පිළිගත්තා. අනෙක් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළා. රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවට සහන දියයුතු වෙනවා. ඇතැම් ආණ්ඩු සිතුවේ මේවා රජයේ වගකීමක් බාරගත යුතු නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයත් අපේ අදහස ජනතාවට සහන දියයුතු වෙලාවේ සහන දිය යුතුයි කියලයි. සාලාව අවි ගබඩාව පිපිරූ වෙලාවේ යම් ගමකට සහන දෙන්න නොහැකි වුණා. නමුත් අපි මුළු රටේම ජනතාවට පවුල් ලක්ෂ 79 ට සහන දුන්නා. ඉදිරියටත් සහන දෙන්න අපේක්ෂා කරනවා. මේ අවස්ථාවේ අපේ ව්‍යාපාරික ප්‍රජාවට සහන ලබාදෙනවා. නැවත ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න යම්කිසි මුදලක් අවශ්‍ය වෙනවා. අපිට වැඩ කරන්න ඉක්මණින් පාර්ලිමේන්තුවට ආවොත් මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. අපි ලොකු උත්සාහයක් ගන්නවා සෑම ජනකොටසක්ම එකතු කර ගන්න. අපේ පක්ෂයට කිසිදු ජාතියකට, ආගමකට සීමාවෙලා නැහැ. අවාසනාවකට අපි සමඟ සම්බන්ධ වී තිබෙන්නේ එක් කොටසක් පමණයි. මේ රටේ සියලු ජාතීන් සියලු ආගමිකයන් සම්බන්ධ පක්ෂයක් කරගන්න අපි අපේක්ෂා කරනවා. ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් නායක වාසුදේව නානායක්කාර මහතා පැහැදිලි ප්‍රකාශයක් කළා. මේ තත්ත්වය මැතිවරණයට බලපාන්නේ නැහැ. පසුගිය වර දිස්ත්‍රික්කයේ අංක එකට පැමිණියේ සිරබත් කනවිටයි. මෙවරත් ඒ නිසා වාසියක් වෙයි කියා හිතනවා. සම්පූර්ණයෙන්ම ඇමැති මණ්ඩලය පත්කිරීමේ බලය තිබෙන්නේ අගමැතිට සහ ජනාධිපතිට. අපි උත්සාහ කරනවා සියලු ජාතීන් සමඟ සම්බන්ධ වී සුහඳතාවය ආරක්ෂා කරන්න. අපිට දිඟුකරන අතට කෙළගසන්නේ නොමැතිව අපි සමඟ එකට වැඩ කරමු. අපි අවංකව අපේ පක්ෂය සියලු ජාතින් සියලු ආගම් නියෝජනය කරන කොටස් සමඟ එක්වන්න කැමැතියි. අපේ විරුද්ධත්වය තිබෙන්නේ අන්තවාදයට, ජාතිවාදවයට විරුද්ධව මිස ජාතියකට හෝ ආගමකට විරුද්ධව නොවේ. තෙවැනි මැතිවරණයත් ඉතා කෙටිකලකින් දිනාගෙන මැතිවරණ තුනම දිනන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබී තිබෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වනවා නම් එයත් අපි දිනනවා. අපේ රජය මුල සිටම සිටියේ මේ පවතින තත්ත්වය හමුවේ කිසිවෙකුගේ රැකියාව අහිමි වියයුතු නැතැයි කියලයි. ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කරනවිට අපි ඉදිරියට යායුතු වෙනවා. ඇඟළුම් කර්මාන්තයේ ශුද්ධ ලාභය බලන විට අපේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන් යොමුව තිබෙනවා. රැකියා රැක ගන්න රජය, පෞද්ගලික අංශය එකට කටයුතු කරනවා. මේ රටේ රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවා. මේ සම්බන්ධයෙන් යම් යම් නීති අනුගමනය කරන්න ඕන. මැතිවරණ නීතියේ සඳහන් කාලය අවසන් වූ විගස රැකියාවල පුහුණුව ලබාදෙන්න කටයුතු කරනවා. රටේ නීතිය අනුව දේශපාලන බැදීමකින් තොරව සාධාරණව සියලු කටයුතු සිදුවෙනවා. ඒ වෙනුවෙන් මොනම ආකාරයකින් දේශපාලන වශයෙන් මැදිහත් වෙන්නේ නැහැ. ඒ ගැන ජනාධිපති අගමැති සහතික කර තිබෙනවා.

මැතිවරණ කොමිසම නීතිය අකුරටම ක්‍රියාත්මක කළා. මෙවර මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහීව අවසන් කරනවා. කෙසේ වුවද ඉදිරියේ දී හවුල් ආන්ඩුවක් ස්ථාපිත කිරීමට අපේ කිසිඳු සූදානමක් නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් සහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් යන මහත්වරුද මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

හූල්ට ජන්ද අපේක්ෂකයන් එපා වෙයි

Next Post

හිරගෙදරට කුඩු ඇද්ද පූසා අතුරුදන්: හිරෙන් පැන්නාද-පැන්නුවාද සැකයක්

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.