අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබේ. Sri Lanka Latest News
එමෙන්ම පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත.
මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ.
එමෙන්ම පවුල් 27,494කට අදාළව පුද්ගලයින් 100,898දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 798ක රැඳී සිටී.










