• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින්ට ලන්ඩනයෙදි කොටි වැඩ පෙන්නුවේ බාලසිංහම්ගෙ නෝනද? Sri Lanka Latest News

November 30, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ටිල්වින්ට ලන්ඩනයෙදි කොටි වැඩ පෙන්නුවේ බාලසිංහම්ගෙ නෝනද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ නව රජයත් ත්‍රස්තවාදී රජයක්. එවැනි රජයක නියෝජිතයන් අපිට අවශ්‍ය නැහැ’
‘දස දහස් ගණනක දෙමළ ජන සංහාරයට මේ රජයත් සහාය දක්වනවා’
‘නවත්වන්න නවත්වන්න දෙමළ ජන සංහාරය නවත්වන්න’
‘ශ්‍රී ලංකා රජය ‘තමිල් ඊළම’ ආක්‍රමණය කළා. විනාශ කළා. අපේ එකම විසඳුම තමිල් ඊළමයි…’
‘ටිල්වින් සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ රජයේ දෙමළ ජන සංහාරයට සහාය දැක්වූවා…’
‘2024දී බලය බෙදාහැරීමට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදාහැරීම අවශ්‍ය යැයි ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා. අපට ඔහුගේ පැමිණීම අවශ්‍ය නැහැ…’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන කතාන්දරය? මෙය යම් අයුරක විරෝධතාවක්ද එසේත් නැත්නම් උද්ඝෝෂණයක්ද? ඔව්. සැබැවින්ම මෙය උද්ඝෝෂණයකි. මෙයට දින කිහිපයකට පෙරදී මෙම කතාව අපට අසන්නට ලැබුණේ මහා බි්‍රතාන්‍යයෙන් නොහොත් එංගලන්තයෙනි. එම සිදුවීම දිගහැරෙන්නේ මේ ආකාරයෙනි. එනම් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගියදා මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර පැවැති දේශපාලන රැස්වීමකට සහභාගි වීමට මෙරටින් පිටත්ව ගියේය. ඔහු බි්‍රතාන්‍යයට පැමිණ රැස්වීම පැවැත්වෙන ස්ථානයට යෑමේදී නොසිතූ ආකාරයේ අර්බුදයකට මුහුණ දුන්නේය. 1987 – 1989 යන කාලයේදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේදී මියගිය පිරිස් අනුස්මරණය කිරීම සඳහා මෙම උත්සවය වෙම්බ්ලි නගරයේ පිහිටි ඇල්ජර්ටන් උසස් පාසලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඒ අනුව ටිල්වින් සිල්වා ප්‍රධාන නියෝජිතයන් කිහිප දෙනකු මෑතකදී ලියාපදිංචි කරන ලද නවීනතම වර්ගයේ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයකින් පැමිණෙමින් සිටියදී එම මාර්ගය අවහිර කර විශාල උද්ඝෝෂණයක් පැවැත්වීමට යම් පිරිසක් කටයුතු කළේය. සිය ගණනකින් යුත් එම පිරිස එංගලන්තයේ සිටින දෙමළ කොටි හිතවාදී ‘දෙමළ ඩයස්පෝරාවේ’ නියෝජිතයන් විය. ඔවුහු ටිල්වින් සිල්වාගේ සංචාරයට බලවත් සේ විරෝධය දක්වන්නට වූහ. එතැනින් නොනැවතී ඔවුහු ටිල්වින් සිල්වා ගමන් කළ මෝටර් රථය හරස් කර එහි ගමනට බාධා කළහ. උද්ඝෝෂණ බැනර් සහ පුවරු රාශියක් ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසන්නට වූහ. අවසානයේදී බි්‍රතාන්‍ය පොලිසියේ මැදිහත් වීමෙන් කැලබලය යම් අයුරකට පාලනය කරන්නට විය.

ශ්‍රී ලංකාව තුළ දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති (වසර 50කට අධික) ජනතා විමුක්ති පෙරමුණ නමැති දේශපාලන පක්ෂය යනු වත්මන් ජාතික ජන බලවේග රජයේ ප්‍රධානතම පාර්ශ්වයයි. මෙම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය දරන්නේ ටිල්වින් සිල්වාය. එසේනම කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඔහුගේ බි්‍රතාන්‍ය සංචාරයට විරෝධතාවක් දැක්වූයේ ඇයි? ඒ සඳහා කොටි හිතවාදී එල්.ටී.ටී.ඊ. දෙමළ පිරිස් කියා සිටින්නේ අපූරු කතාවකි.

‘ටිල්වින් සිල්වා යනු දෙමළ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක්. ඔහු උතුරු-නැගෙනහිර දෙමළ ජාතිය සඳහා ඕනෑම අර්ථවත් දේශපාලන විසඳුමක් සඳහා වූ අවශ්‍යතාව තදින් ප්‍රතික්ෂේප කළ අයෙක්. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදාහැරීම දෙමළ ජනතාවට අවශ්‍ය නොවන දෙයක් යැයි ඔහු ප්‍රකාශ කළා. මෙරට දෙමළ දේශපාලනඥයන් තමන්ගේ බලය ස්ථාපිත කරගැනීම සඳහා පාලනයක් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ බලය නොව මූලික පහසුකම් පමණයි යැයි ඔහු කියා සිටියා. මේ නිසා දෙමළ ඩයස්පෝරාව ඔහුගේ ක්‍රියාවලිය තරයේම ප්‍රතික්ෂේප කරනවා. ඒ අතර 2005දී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජන සංහාරයේ ප්‍රධාන කේන්ද්‍රීය නිර්මාපකයකු වූ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී සහායද දැක්වූවා…’

මේ ආකාරයේ බැරෑරුම් ප්‍රකාශයක් මෙම කොටි හිතවාදී පිරිස් ප්‍රකාශ කළේය. එසේම ඔවුන් දැඩි ලෙස කුපිතවී ටිල්වින් සිල්වා පැමිණි රථය ආපසු හරවා යැවීමටද උත්සාහ කළේය. එහෙත් පොලිසියේ මැදිහත් වීමෙන් රථය උත්සව ශාලාව වෙත යැවුණු අතර, උත්සවය නිසි ලෙස පවත්වනු ලැබීය.

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එනම් මෙම වතගොත කුමක්දැයි ඔබට අවබෝධ වන්නේය. දැන් එසේනම් මෙම කතාවේ වෙනත් පරිච්ඡේදයන් කිහිපයකට හැරෙන ආකාරය සොයා බලමු. දෙමළ ඩයස්පෝරාව ලෙස හඳුන්වන්නේ ලෝකයේ වෙනත් විදේශ රටවල වෙසෙන දෙමළ ජනතාවයි. මෙහිදී මෙම පිරිස්වලින් එක්තරා පිරිසක් එල්.ටී.ටී.ඊ. දෙමළ කොටි සංවිධානයට හිතෛෂී පිරිස් ලෙස පිළිගත හැකිය. ඔවුන් දැනට දශක ගණනාවක සිට එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයට සහාය දක්වමින් විවිධ ක්‍රියාවලීන් සිදුකර ඇති අතර, ඉන් ප්‍රධාන තැනක් ගන්නේ විවිධ උද්ඝෝෂණ සහ අරගලයන්ය. ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධය පැවැති සමයේදී සහ එය 2009දී නිම වීමෙන් පසුවද මෙවැනි අරගල රැසක් පැවැතිණි. මෙහිදී විශාල වශයෙන් එවැනි උද්ඝෝෂණ සිදුවන්නේ මහා බි්‍රතාන්‍යය තුළදීය. එයට හේතු වන්නේ දෙමළ කොටි ඩයස්පෝරාව එරට තුළ ඉතා ශක්තිමත් හෙයිනි. එසේම මෙහිදී හෙළිවන තවත් සුවිශේෂ කරුණක් නම් වාර්ගික යුද්ධය නිමවී වසර 16ක් වැනි දීර්ඝ කාලයක් ගතව තිබියදීද මෙවැනි අරගල සාර්ථකව සිදුකිරීමය. එසේ සිදුවන්නට එක්තරා අපූරු කතාවක් හෙළිවෙයි. එය නම් දෙමළ කොටි ත්‍රස්ත සංවිධානයේ අදිසි හස්තයන් තවද ක්‍රියාත්මක වීමය. කුමක්ද මෙම නොපෙනෙන අදිසි හස්තයන්ගේ කතාව? මෙහිදී එය අතිශයින්ම ප්‍රබල අදිසි හස්තයක මෙහෙයුම් ගැන පසුගිය කාලය පුරා වාර්තා වී තිබිණි. දැන් එසේනම් මෙසේ ප්‍රකාශ වන සුවිශේෂ චරිතය කවරෙක්ද?

ඇය සැබැවින්ම ගැහැනියක් වූ අතර, දෙමළ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදී සංවිධානය කණපිට හැරවූ මෙම ප්‍රබලතම චරිතයක් විය. ඇය වෙනත් කවරකුවත් නොව කොටි සංවිධානයේ කාන්තා බළකායේ ප්‍රධානියා වූ ඇඩෙල් බාලසිංහම්ය. කාලයක් පුරා කොටි සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ, පිළිකා රෝගයෙන් මියගිය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිය වූයේ මෙම කාන්තාවය. ඇය වසර ගණනාවක් පුරා කොටි සංවිධානයේ කාන්තා බළකාය රජයේ හමුදාවලට එරෙහිව මෙහෙයවූ අතර, කාන්තා ළමා සෙබළියන් බලහත්කාරයෙන් බඳවා ගැනීමද සිදුකිරීමට මූලික වූවාය. එසේම එම තරුණියන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් පවා පැලඳවූයේ ඇය විසිනි. ඇය සිවිල් යුද්ධය මෙරට රජය ජයග්‍රහණය කිරීමට පෙර හොර රහසේ මහා බි්‍රතාන්‍යයට පලා ගියාය. ඉන් පසුව ඇය ලන්ඩන් නුවර ආසන්න සරේ නගරයේ නිවසක රහසිගත අයුරින් කොටි ඩයස්පෝරාවේ ආරක්ෂාව යටතේ ජීවත් වන්නේය.

2009 සිවිල් යුද්ධයෙන් පසුව බි්‍රතාන්‍යයේ ප්‍රධානතම පුවත්පත් කිහිපයක් වාර්තා කර ඇති ආකාරයට ඇඩෙල් බාලසිංහම් තමන්ට වයස 60 වන විටදී සිටම කොටි ඩයස්පෝරාවේ ශ්‍රී ලංකාවට එරෙහි විවිධ උද්ඝෝෂණ සංවිධාන කළ බැව් පැවසෙයි. එහෙත් එම කිසිදු අවස්ථාවක ඇය ශාරීරික වශයෙන් සහභාගි නොවී ඇති අතර, උපදේශන සහ නියෝග පමණක් ලබාදී ඇත. ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා සාක්ෂි ඇතිව ඒ බව ඔප්පු කර පෙන්වා ඇත. 1950 වසරේදී උපන් ඇඩෙල් බාලසිංහම්ගේ දැන් වයස අවුරුදු 75ක් වෙයි. ඇයගේ මෙයට වසර 05කට පමණ පෙර ගත් එක් සේයාරුවක් පමණක් දක්නට ඇති අතර, මේ වනවිට ඇය ගැන කිසිදු තොරතුරක් හෝ අසන්නට නැත. එසේ වන්නේ ඇය වියපත් වියෙහි සිටින හෙයින්ද? එසේත් නැතිනම් තවමත් අදිසි හස්තයක් ලෙස කොටි සංවිධානය රහසිගතව මෙහෙයවමින් සිටින නිසාද?

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විරෝදාර රණවිරුවනි නුඹලා පහළ වුණේ දැයේ පිනටයි! ශවේන්ද්‍ර සිල්වා ෆේස්බුක් සටහනක් තියයි! Sri Lanka Latest News

Next Post

වැල්ලම්පිටියේ කොලොන්නාවේ අවතැන් කඳවුරුවලට විතරක් නෙමෙයි සජිත් ගොතටුවේ වතුර දාපු පැතිවලටත් ගිහින් මිනිස්සු එක්ක කතා කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.