• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිමල් කේන්තියෙන්! Sri Lanka Latest News

November 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් සිදුකරන සාධනීය වැඩපිළිවෙළ හමුවේ විපක්ෂය අසරණ වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට විපක්ෂයට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ තමන්ට වඩා හොඳින් ජනතා මුදල් ඉතිරි කර පෙන්වීම බවයි.Sri Lanka Latest News

ගරු කතානායකතුමනි, අද විපක්ෂයට මොකක්ද වෙලා තියෙන්නේ? අද අපි මේ මොනවද විවාදවල දකින්නේ? අපි විවාදවල දකින්නේ වෛරය පිට කිරීම විතරයි. අසහනය පිටකිරීම විතරයි. තමන්ගේ අපේක්ෂාභංගත්වය පිටකිරීම විතරයි. උදේ ඉඳලම මොනවද කියන්නේ? මේ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ආණ්ඩුව විවේචනය කරන්න හරි ආයුධයක් හොයාගන්න බෑ. අල්ලස් කොමිසමේ දූෂණ චෝදනා තියෙන දෙන්නෙක් තමයි අල්ලස් කොමිසමටයි අධිකරණයටයි දැම්මේ. විපක්ෂ මන්ත්‍රීවරු ගොඩක් කතා කළානේ. ශ්‍රීධරන් මන්ත්‍රීතුමා කතා කළා. ඒගොල්ලො කවුරුත් අධිකරණය ගැනවත් අල්ලස් කොමිසම ගැනවත් කතා කළේ නෑ. අද අල්ලස් කොමිසමටයි අධිකරණයටයි වැඩියෙන්ම බැන්නේ කවුද? අල්ලස් කොමිසමෙයි අධිකරණයෙයි නඩු තියෙන කට්ටිය.

ඒ වගේම මේගොල්ලන්ට අද මොකක්ද වෙලා තියෙන්නේ? අද අපි පෙන්වලා තිබෙනවා, ආණ්ඩුවක් වශයෙන් අපි වියදම් ඉතුරු කරනවා, වරප්‍රසාද අඩු කරනවා, අනවශ්‍ය පහසුකම් අපි අයින් කරලා තිබෙනවා කියන එක අපි ජීවිතයෙන් ඔප්පු කරලා තිබෙනවා. දැන් එතකොට ජනාධිපතිටයි අගමැතිටයි බණිනවා ඒගොල්ලො ආරක්ෂකයෝ තියන් ඉන්නවා කියලා. ඔබතුමාට බණිනවා ආරක්ෂකයෝ ගන්නේ නෑ කියලා. ඔබතුමාට බණිනවා ඔබතුමාගේ නිල නිවාස පර්යේෂණ උපදේශක මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තු කාර්යයන් පිළිබඳ පත්කිරීමට විරුද්ධව. එතකොට මොකක්ද මේ දෙබිඩි පිළිවෙත?

ජනාධිපතිතුමාගෙත් අගමැතිනියගෙත් ආරක්ෂාව අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන තිබෙන්නේ. අඩු කරලවත් වැඩි කරලවත් නෙමෙයි. අපි අඩු කරලා තිබෙනවා. ඒක අපේ අරමුණ. නමුත් අඩුකිරීම කියන්නේ ඒ දෙදෙනාම ආරක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් දෙයක් තමයි දීලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? මොකක් හරි කියනවා. මොකක්ද මේ තියෙන්නේ? අපේක්ෂා භංගත්වයක්. අපිව විවේචනය කරන්න, අපිව හරියට අල්ලගන්න හරි විවේචනයක් නෑ. ඒගොල්ලො හිතනවා අපි ඒගොල්ලන්ගේ දූෂණ වංචා ගැන විවේචනය කරපු නිසා දූෂණ වංචා ගැන චෝදනාවලින්ම අපිවත් අල්ලන්න පුළුවන් කියලා. ඒගොල්ලො ඥාති සංග්‍රහය කරපු නිසා ඒගොල්ලො හිතනවා ඒ ඥාති සංග්‍රහය ගැන දහ වතාවක් විතර කිව්වම මිනිස්සු පිළිගනියි කියලා අපිත් ඥාති සංග්‍රහය කරනවා කියලා.

මේ මට කැන්ටිමේ සේවක මහත්වරු කියලා තිබෙනවා කොහොමද චීස් කිලෝ ගණන් අරන් ගියේ කියලා. ලැජ්ජයි කියන්න. මේකේ හිටපු කතානායකවරු. ඕකේ තමන්ගේ අයියලාට දානේ දීලා තිබෙනවා මේ රටේ සල්ලිවලින්. පාර්ලිමේන්තුවෙන් දුන්න ලැප්ටොප් එක අරන් ගිහිල්ලා තිබෙනවා. ජෙනරේටර් එක අරන් ගිහිල්ලා තිබෙනවා හිටපු කතානායකලා ඔය පක්ෂවල. එතකොට කට වහගෙන හිටියේ හිටපු අය. මේ මන්ත්‍රීලා අතරත් ඉන්නවා. නිලධාරීන් අතරත් ඉන්නවා. අපි එහෙම අය නෙමෙයි.
දැන් ඒගොල්ලො හිතනවා ඒගොල්ලන් කරපු වැරදි ටිකම තමයි ඒගොල්ලො අපිට විවේචන වශයෙන් ඉදිරිපත් කරන්නේ. ජනාධිපති උපදේශකයො ගැන මම හිතන්නේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා මොකක්ද? කලින් තිබුණේ මොකක්ද? කාර් එකයි, කොඩියයි, පඩියයි දෙනවා, සත පහක උපදේශයක් ගන්නේ නෑ. රාජපක්ෂත් එහෙමයි, රනිලුත් එහෙමයි, ඊට කලින් හිටපු කට්ටියත් එහෙමයි. ප්‍රේමදාසලත් ඔක්කොමලා එහෙමයි. සල්ලි නාස්ති කරනවා බොරු උපදේශවලට. අපි ඇවිල්ලා මොකක්ද කළේ? අපි අත්‍යාවශ්‍ය උපදේශකයන් කීප දෙනෙක් අරන් තියෙනවා මුදල් දීලා. ජනාධිපතිතුමා නම් මම හිතන්නේ එක්කෙනෙක්වත් එහෙම අරගෙන නෑ. දැන් මොකක්ද කියන්නේ? දැන් කියනවා ඇවිල්ලා නෑ නෑ උපදේශකයෝ ගන්න ඕනෙ සල්ලි ගෙවලා ගන්න ඕනෙ. ඒ කියන්නේ විවේචනයක් කරන්න ටූල් එකක් නෑ. ආයුධයක් නෑ. රටේ තිබිච්ච ප්‍රශ්නේ මොකක්ද? ජනාධිපති උපදේශකයෝ පත්කරනවා, කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නෑ, නිකන් සල්ලි දෙනවා. අපි මොකක්ද ඇවිල්ලා කරලා තියෙන්නේ? අපි කරලා තිබෙන්නේ අපි ස්වේච්ඡා දේශපාලන ව්‍යාපාරයක්. අපි කවුරුත් එහෙමයි. ඒ නිසා අපේ උපදේශකයෝ කියලා ඉන්න කට්ටියත් එහෙමයි. අපි ඒගොල්ලන්ගෙන් ඇත්තටම උපදෙසුත් ගන්නවා. කාර් එකයි, කොඩියයි දීලා නෑ හුඟක් අයට. දැන් එතකොට අජිත් පෙරේරාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒගොල්ලන් කරපු දෙයින් අපිට ගහන්න බෑ. දැන් ඇවිල්ලා කියනවා උපදේශකයන්ට පඩි දෙන්න ඕනෙලු. අපි දන්නවා. දෙන්න ඕනෙ අයට දෙනවා.

ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? නිල නිවාස ගැන කිව්වා. දැන් පුදුම ප්‍රශ්නයක්. ඔබතුමාගේ නිල නිවාසේ පාර්ලිමේන්තු රිසර්ච් සෙන්ටර් එකක් දාන එක ගැන දැන් කියනවා ව්‍යස්ථාපිතව ඒවාට එහෙම පාවිච්චි කරන්න බෑ කියලා. ගරු කතානායකතුමනි, මම හොයලා බැලුවා අරලියගහ මන්දිරයේ රෙසිඩන්ෂල් ඒරියා එකේ යෝෂිත රාජපක්ෂටයි, බැසිල් රාජපක්ෂටයි ඔෆිස් තිබිලා තියෙනවා. ඒවා ඕනෙ තරම් විගඩම්වලට පාවිච්චි කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන ඔබතුමා පාවිච්චි කරන්නේ නැති මන්දිරය මොනවටද පාවිච්චි කරලා තිබෙන්නේ? ඒ නිසා මේ මන්දිර මහජන යහපත සඳහා අපි යොදාගන්න හදනකොට කියනවා අපෝ ඒවා මේ දළදා වහන්සේ වගේ දළදා මාලිගාව වගේ මුකුත් කරන්න බෑ කියලා. මම ඒකයි කියන්නේ කරන්න විවේචනයක් නෑ. විවේචනයක් කරන්න හරි ටූල් එකක් හරි ආයුධයක් හදාගෙන නෑ. ඒ නිසා උදේ කියන එකට වඩා දවල් විරුද්ධ දෙයක් කියනවා. ඒ නිසා මම විපක්ෂයට කියන්න කැමැතියි අපිට ගහන්න ඕගොල්ලො අලුත් ආයුධ හදාගන්න. ඕගොල්ලන්ව විවේචනය කරපු ආයුධවලින් ඕගොල්ලො අපිට ගැහුවට වදින්නේ නෑ. ඒ නිසා අපි කියන්නේ අලුත් ආයුධ හදාගන්න. එතකොට අලුත් ආයුධ කියලා කියන්නේ මොනවද? අපිට වඩා කැපවීමක් පෙන්නන්න. අපිට වඩා දක්ෂතාවයක් පෙන්නන්න. අපිට වඩා වරප්‍රසාද අත්හරින, අන්න ඒ ටූල්වලින් ගහන්න. එතකොට වදිනවා.

අද වෙලා තියෙන්නේ ඇත්තටම ගත්තොත් අපරාධයක් මේ විවාදය. ඒ කියන්නේ කිසිම හරයක් නැති, කිසිම පදනමක් නැති, එක්කෙනෙක් කියන තර්කය නෙමෙයි අනිත් කෙනා ගොඩනගන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරු නම් තමන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න කියනවා ඒකනම් කමක් නෑ. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමැතියි අද විපක්ෂයට වෙලා තිබෙන්නේ අර ඉව වැරදිච්ච බල්ලන්ට වෙලා තියෙන දේ. හැම තැනම ඉව කරනවා හැබැයි හොයාගන්න බෑ මොකක් හරි ඇත්ත පොයින්ට් එකක්.

ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමැතියි අපි ආණ්ඩුවක් වශයෙන් අපි ස්වාධීන කොමිෂන් සභාවලට උපරිම ශක්තිය ලබාදෙනවා. ඔබතුමා දන්නවා අද අල්ලස් කොමිසම. ඒගොල්ලන්ට මිලියන 750යි ගිය සැරේ මුදල් වෙන්වෙලා තිබුණේ. දැන් මිලියන 1500ක් වෙන්කරලා තිබෙනවා. අල්ලස් කොමිසම දිස්ත්‍රික්ක 24ම තමන්ගේ ශාඛා දාන්න යනවා. අධිකරණ බලය ඒගොල්ලන් ව්‍යාප්ත කරන්න යනවා දිස්ත්‍රික්ක ඔක්කොටම. එතකොට අර කොළඹ ඉන්න ලොකු හොරු වගේම දිස්ත්‍රික් මට්ටමෙන්, පළාත් මට්ටමෙන් ඉන්න පොඩි හොරුත් අල්ලන්න පුළුවන් එතකොට අල්ලස් කොමිසමට. ඒකයි මම කිව්වේ අපි අනුරාගයකින් මේ දූෂණ විරෝධී අරගලය කරනවා. අල්ලස් කොමිසමට පණ ආවේ නෑ නිකන්. ඒකෙ නිලධාරීන්ට නිසි ගෞරවය ඇතුව අල්ලස් කොමිසමට පණ ආවේ ජනවරමෙන්. ඒ නිසා අපි ඔබතුමාට ඒක කියන්න කැමතියි.
ඒ වගේම ජාතික සමගිය ගැන. අපි ජාතික සමගිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවෙනවා. අද ශ්‍රීධරන් මන්ත්‍රීතුමා පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල්වල ඉතුරු කොටස් තිබෙනවා අපි පිළිගන්නවා. නමුත් අපි පිළිගන්නවා කිලිනොච්චි, උතුරු පළාතේ මොන්ටිසෝරිවල අද උගන්වනවා තවමත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පඩි ගන්න මොන්ටිසෝරි ටීචර්ස්ලා. ඒ ඔක්කොම දෙමළ ගුරුතුමියන්. හැබැයි ඒගොල්ලො සිවිල් ආරක්ෂක සේවයේ ඉන්නේ. ඒගොල්ලන්ට රුපියල් 38000ක්, 40000ක පඩියක් හම්බවෙනවා. ලංකාවේ මේ පැත්තේ ඉන්න මොන්ටිසෝරි ටීචර් කෙනෙකුගේ පඩිය කීයද? මම දන්නේ නෑ රුපියල් 15000ක්, 20000ක්වත් හම්බවෙනවද? ඒගොල්ලන් ගිහිල්ලා එතැන හමුදාව ගැන උගන්වන්නේ නෑ දරුවන්ට. එතැන කියන්නෙත් ‘බා බා බ්ලැක් ෂීප්’ කියලා තමයි. හමුදාව ගැන උගන්වන්නේ නෑ. නමුත් අපි පිළිගන්නවා ඒක වෙනස් වෙන්න ඕනෙ. නමුත් ඒ ඒ ගුරුවරුන්ගෙන්, ඒ දෙමවුපියන්ගෙන් ගිහිල්ලා ඇහුවම අපිට හොඳටම තේරෙනවා ඒ ගුරුවරියන්ට පුහුණුවත් වැඩියි. ඒ ගුරුවරියන් යම්කිසි ආදායමක් ලබනවා අනිත් ගුරුවරියන්ට වඩා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේවා අපි වෙනස් කරන්න ඕනේ.

ඒ වගේම තමයි සමරුම් සම්බන්ධයෙන්. ඔබතුමා දන්නවා 2024 නොවැම්බර්වලත් ඒ අවස්ථාව ලබාදුන්නා. 2025 නොවැම්බර්වලත් ඒ අවස්ථාව ලබාදුන්නා. මිනිස්සුන්ට තියෙනවා මියගිය අය සමරන්න. එල්ටීටීඊය සමරන්න නෙමෙයි. අපි අද ආණ්ඩුවක් අරගෙන, අපි ගිහිල්ලා රටේ ප්‍රධාන ස්ථානවල ස්මාරක හදලා නෑ. ස්මාරක හිතේ තිබ්බම ඇති. මේ ඔක්කොම කරන්නේ ඒ ඒවත් එක්ක තමයි. මේ ධෛර්ය ඇවිල්ලා තියෙන්නෙත් ඒකත් එක්ක තමයි. මේක ආඩම්බරයක් කියලා පේනවා නම් ඒ පේන්නෙත් ඒ නිසා තමයි. මම කතා කරනකොට පොඩ්ඩක් ආඩම්බරයි කියලා දැනෙනවා කියලා මට සමහර අය කියලා තිබෙනවා. ඒ ආඩම්බරය තනිකරම ප්‍රතිපත්තිගරුකභාවය තුළින් උපයාගත්ත දෙයක් මිසක් වෙන මුකුත් නෙමෙයි.

චානක ලියනගේ

SendShareShare
Previous Post

නුගේගොඩට ලොකුම සෙනග ආවේ කළුතරින්ද? සංජීව කියපු විදිහට ගේම ගැහුවාද?  VIDEO I Sri Lanka Latest News

Next Post

තමන්ට එරෙහි විමර්ශනය ගැන විදුලිබල ඇමැති කුමාර ජයකොඩි අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.