• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීගිරියේ ත්‍රීවීල් මාෆියාව හංගේරියානු සංචාරක පවුලකට කරපු ජරා වැඩක් එළියට එයි! පිදුරංගලට යන්න 6000ක් වෙනුවට 14000ක් ඉල්ලලා! ගාණ අසාධාරණයි කියලා සංචාරකයෝ රෑ පයින් යද්දි කාර් දෙකක් නවත්වලා උදව් කරන්න හැදුවාම ත්‍රීවීල් මාෆියාව ඇවිත් වටකරලා ඒ අයටත් සද්දයක් දාලා! දාගෙන යන්න එපා වාහන කුඩු කරනවා කියලා! සීගිරි පොලිසියට කිව්වත් සතපහක වැඩක් වෙලා නෑ! පික්මී ඌබර්වලට මුන් ටික එන්න දෙන්නෙත් නෑ! ජනාධිපතිතුමනි.. ඩොලර් හොයනවා නම් ඔක්කොටම කලින් මේවා ක්ලීන් කරලා ඉන්න! VIDEO I Sri Lanka Latest News

November 6, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
සීගිරියේ ත්‍රීවීල් මාෆියාව හංගේරියානු සංචාරක පවුලකට කරපු ජරා වැඩක් එළියට එයි! පිදුරංගලට යන්න 6000ක් වෙනුවට 14000ක් ඉල්ලලා! ගාණ අසාධාරණයි කියලා සංචාරකයෝ රෑ පයින් යද්දි කාර් දෙකක් නවත්වලා උදව් කරන්න හැදුවාම ත්‍රීවීල් මාෆියාව ඇවිත් වටකරලා ඒ අයටත් සද්දයක් දාලා! දාගෙන යන්න එපා වාහන කුඩු කරනවා කියලා! සීගිරි පොලිසියට කිව්වත් සතපහක වැඩක් වෙලා නෑ! පික්මී ඌබර්වලට මුන් ටික එන්න දෙන්නෙත් නෑ! ජනාධිපතිතුමනි.. ඩොලර් හොයනවා නම් ඔක්කොටම කලින් මේවා ක්ලීන් කරලා ඉන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

💢සීගිරිය අවට මුදානොගත් ප්‍රදේශයක්💢

අහෝ ශ්‍රී ලංකා….එසේ කීමට හේතුව පහත ඇති වීඩියෝව නරඹා මවිසින් පවසන කතාව කියවා බලන්න. මෙම වීඩියෝවෙහි සිටින්නේ හංගේරියානු ජාතික යුවළක් සහ තවත් ළමුන් දෙදෙනෙකි. ⁣Sri Lanka Latest News

ඊයේ දින එනම් 2025/02/05 වැනි දින අපි පිදුරංගල නැගීමට ගිය අතරතුර අපට මේ පිරිස මුණගැසී කතාබස් කරමින් ආවෙමු. අප වාහන නවත්වා ගියේ පිදුරංගල විහාරස්ථානය අසල රථ ගාලෙහිය. ආපසු පිටත් වීම සඳහා ඒ ස්ථනයට පැමිණි අවස්ථාවෙි්දී ඉහතින් කියන ලද හංගේරියානු පවුල පයින්ම සීගිරිය දෙසට යාමට සැරසෙනු දුටු අප ඔවුන් ආපසු පයින් ගමන් කරන්නේ කුමක් නිසාදැයි ඇසුවෙමු.

ඔවුන් කියා සිටියේ පිදුරංගල සිට කිලෝමීටර් 10 ක් ඉනාමළුවට යාම සඳහා පිදුරංගල රථ ගාලෙහි ත්‍රීවීලර් කරුවන් විසින් රථ දෙකක් සඳහා රුපියල් 14000 ක් ඉල්ලා සිටින බවයි.

එක රථයක සිව් දෙනාම රැගෙන යන ලෙස ඔවුන් ඉල්ලා ඇත්තේ එම ගාස්තුව ඉතා අසාධාරණ බැවිනි. Ubar හෝ pick me මගින් එම දුර සඳහා අයකරන මුදල වන්නේ රැ.3000/= බවත් , මෙහි පැමිණන විට ඔවුන් පැමිණියේ එම ගාස්තුව ගෙවා බවත්, ඔවුන් එතරම් පොහොසතුන් නොවන බවත් වැඩිදුරටත් ඔවුන් පවසා සිටියහ.

අප මෙම ගමන ගොස් සිටියේ කාර්රථ දෙකකින් වන අතර එක් රථයක හතර දෙනෙකු සහ අනෙක් රථයෙහි දෙදෙනෙකු විය. මේ මොහොතෙහි රටෙහි කීර්තිනාමය වෙනුවෙන් සහ මනුස්ස කම වෙනුවෙන් ඔවුන්ට උදව් කිරීමට කථිකා කොටගත් අපි දෙදෙනෙකු ගමන් ගත් රථයට ඔවුන් නංවා ගන්නට සැරසුණි

එවිටම සිදුවූයේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. ඉතා පහත් කුණුහරප කියමින් ත්‍රිරෝද රථ කරුවන් අපව වටලා ගත් අතර අපට #පහර_දෙන_බවට සහ අපගේ #වාහන #කුඩු.#පට්ටම් කරන බවත් පවසමින් පහර දෙන්නටම සැරසුණි.

මගේ දියණියද,බෑනාද,ඔවුන්ගේම තවත් මිතුරෙකුද හමුදාවේ කපිතාන් වරු වූයෙන් ඒ බව පැවසීමෙන් පසු තරමක පසුබෑමක් ඇති වුවද විදේශිකයන් නංවා නොගෙන ඉක්මනින්ම අපට යන ලෙස ඔවුන් බලකරන ලදි.

පසුව අප ඔවුන්ට වෙනත් රටක සිට අප රටට පැමිණෙන සංචාරකයින්ට සාධාරණ සහ විනීත ලෙස සැලකිය යුතු ආකාරයත්,එමගින් ඔවුන්ගේ ආදායම වැඩිකර ගත හැකි බවත් පවසා සිටි නමුත් ඔවුන් ඒ කිසිවකට කන් දුන්නේ නැත. අවසානයේදි අප විසින් නියමිත ගාස්තුව වන 3000/= මුදල ලබාගෙන රථ දෙකකින් ඔවුන් ගෙනයන ලෙස ඉල්ලා සිටියද ත්‍රිරෝද රථ කරුවන් හැසිරුණේ #කොල්ලකරුවන් ලෙසිනි.

අවසානයේ සංචාරකයින් කළුවරේම(වේලාව ප.ව 6.30) පයින් යාමට පටන් ගත් අතර අපි ඔවුන්ට තරමක් දුර පයින්ම යන්නට ඉඩහැර පසුව ගොස් ඔවුන් අපේ වාහන වලට නංවා ගත් අතර ත්‍රිරෝද රථ කරුවන් ත්‍රිරෝද රථ කිහිපයකින් සහ යතුරු පැදි කිහිපයකින් අපව වට කරන ලදි. විදේශිකයින් බයෙන් ගැහෙමින් සිටියහ. එහෙත් අප වාහන වලින් බැස ආරක්ෂක අංශයන් තදබල ලෙස මැදිහත් කරන බව පවසා ඡායා රූප සහ වීඩියෝ ලබාගෙන තරමක් තදින් කථාකිරීම නිසාත් තිදෙනෙකුම හමුදා නිලධාරීන් වූ නිසාත් ඔවුන් තරමක් මෙල්ල විය.

ඉතින් මෙවන් වප සරියක සංචාරක කර්මාන්තය නංවන්නේ කෙසේද? එසේම මෙම ස්ථාන වලට ආපසු යාමට Uber හෝPick me රථ ගෙන්වා ගත හොත් ඔවුන්ටද පිදුරංගල රථ කරුවන් පහර දෙන බැවින් සංචාරකයන් ආපසු රැගෙන යාමට ඔවුන් පැමිණෙන්නේ නැත. සංචාරකයන් කැඳවාගෙන යන pick me හෝ Uber රථ එතැනට ගිය විගස ආපසු හරවා එවයි. ඉතා සැහැසි ලෙස සංචාරකයින්ගේ ආගන්තුක බව සහ අසරණ කමද වනාන්තර වීමද කොල්ල කන මොවුන් මැඩ පැවැත්විය යුත්තේ. සංචාරක කර්මාන්තය මේ රටේ බලාපොරොත්තු සහගත ආදායම් මාර්ගයක් බැවිනි.

මේ නොසන්ඩාලයන් වල කපා ගන්නේ උන්ගේම දියුණුවටයි. පොලිසිය මේවාට මැදිහත් නොවන්නේ දැන දැනම බව අප පොලීසි වලට දුන් දුරකථන ඇමතුම් වලින් අපට පැහැදිලි විය. පොලීසියට මෙය ඉතා සාමාන්‍ය සිදු වීමක් බව අපට පැහැදිලි විය. ත්‍රිරෝද රථ කරුවන් පොලීසියට බිය නොවන්නේ මෙවැනි දේ සඳහා පොලීසියෙන් අනුග්‍රහය ලැබෙන බැවිනි.

අදාළ බලධාරීනි මේ සඳහා ඉක්මනින්ම පිළියම් යොදන්න. මේ අමනයින් නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග යොදා සංචාරකයින් ප්‍රවර්ධණය කරන්න. එම හංගේරියානු ජාතිකයින් අපෙන් විමසන ලද්දේ රජය මේවාට මැදිහත් නොවන්නේ ඇයිද යන්නය. පොලීසිය මැදිහත් නොවන්නේ ඇයිද යන්නය. අපි ඒ පැනයන් සඳහා කියන ලද්දේ එම සිද්ධිය අහඹුවක් බවත් සමාවන ලෙසත් පමණි. එහෙත් එම විදේශිකයින් එය අහඹුවක් නොවන බවත් අප මහ අපිලිවෙල ජාතියක් බවටත් පසක් කොට සිටි බව ඔවුන්ගේ නෙත් වලින් අපි දුටුවෙමු.

උපුටා ගැනීමකි..

SendShareShare
Previous Post

ජනාධිපති කෙනෙක්ටවත් පාරේ බැහැලා පයින් යන්න බැරි තැනකට රට පත්වෙලා! මෙක්සිකෝ ජනාධිපතිවරිය පයින් යද්දී මනුස්සයෙක් ඇවිත් බලෙන් කිස් කරලා! I Sri Lanka Latest News

Next Post

අනුරාධපුරේදී කුඩුත් එක්ක ඇල්ලූ විදුහල්පතිවරයාගේ මාලිමා මන්ත්‍රී බිරිය ගැන කවුරුත් නොදත් කතාවක් පොලිසිය එළියට දමයි! පාතාල නායකයෙක් වෙච්ච කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්ලු!  I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.