• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මව්රට’ කියපු දෙයක් වැරදුණේ නෑ! කෝටා එක 40% කරන්න ආණ්ඩුව සූදානම්! චීන සිනොපෙක් හම්බන්තොට පිරිපහදුව ආරම්භ කරන්න සූදානම්! I Sri Lanka Latest News

November 2, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සයිනොපෙක් නිසා තෙල් සංස්ථාව වැහෙන ලකුණු! ආදායම විශාල වශයෙන් කඩන් වැටිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය වන සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාල ගිවිසුම් අත්සන් තැබීම මේ වන විට එහි අවසන් අදියරට පැමිණ තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News

ගිවිසුම අත්සන් තැබීමෙන් ඩොලර් බිලියන 3.7 ක වටිනාකමකින් යුත-ු තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුත-ු ආරම්භ කිරීමට නියමිත ය.

ඉදිකිරීමට නියමිත පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් ලක්ෂ දෙකකි.

දේශීය විකුණුම් කෝටාව 20% සිට 40% දක්වා ඉහළ දමන ලෙස සමාගම රජයෙන් ඉල්ලා ඇති අතර, ඒ පිළිබදව රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ද මෝර්නිං පුවත්පත සමඟ මේ බව පවසා තිබේ.

සැප්තැම්බර් 21 රාජ්‍ය රහස් ඔස්සේ අප කළ අනාවරණය!

40%ම චීනයට

මීට අමතරව චීනය දැනටමත් හම්බන්තොට පිරිපහදුවේ වැඩ ආරම්භ කිරීමට පටන්ගෙන තිබේ. පසුගිය කාලයේදී ආණ්ඩුව සහ චීන සිනොපෙක් සමාගම අතර යම් මතභේදයක් පැවැතුණේ චීනය ලංකාවේ ඉන්ධන පරිභෝජනයෙන් 40%ක කොටසක් තමන්ට අවශ්‍ය බව දැනුම් දී සිටීම නිසාය. නමුත් ආණ්ඩුවේ ස්ථාවරය වී තිබුණේ 20%ක කොටසක් පමණක් චීන සිනොපෙක් සමාගමට ලබාදිය හැකි යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් දීර්ඝව පැවැති සාකච්ඡාවලදී ආණ්ඩුව චීන සිනොපෙක් සමාගම ඉල්ලූ 40%ක කොටස ලබාදීමට නම්‍යශීලී වී තිබේ. නමුත් එහි ඇති අවදානම වී ඇත්තේ එවැනි විශාල කොටසක් චීන සිනොපෙක් සමාගමට ලබාදීම හරහා ඛනිජ තෙල් සංස්ථාව කඩාවැටීමේ අවදානමක් මතුවනු ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ඉදිරිපත් වී තිබීමය.

ඔක්තෝබර් 26 අප කළ රාජ්‍ය රහස් අනාවරණය!

අලුත්ම චීන නියෝජිතයා

සියල්ලන්ම දන්නා පරිදි ජවිපෙ ප්‍රබලම සාමාජිකයන් පස්දෙනා අතර බිමල් ඉන්නේ තුන්වැනියාටය. බිමල්ට ඉහළින් එහි සිටින්නේ අනුර සහ ටිල්වින් පමණි. ජවිපෙ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලදී ටිල්වින් ප්‍රධාන භූමිකාව සිදුකළත්, ආණ්ඩුව සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලදී සහ පාර්ලිමේන්තුව ඇතුළේ ගන්නා තීන්දු තීරණවලදී ප්‍රබලයා වශයෙන් කටයුතු කරන්නේ සභානායක බිමල්ය. ඒ අනුව බිමල්ගේ මේ හදිසි චීන ගමනේ සැඟවුණු රහස වී ඇත්තේ බිමල්ද ටිල්වින්ගේ චීන ගමන තවත් ඉදිරියට ගෙනගොස් තිබීමය. බිමල් මෙහිදී චීන බලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර, එහිදී රටවල් දෙකේ පක්ෂ දෙක අතර සබඳතා තරකර ගන්නා ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරංචිය.

මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය මෙම සංචාරයේදී බිමල්ට විශේෂ වගකීමක් පැවරීමට කටයුතු කොට ඇති බව පැවසේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ චීන සංචාරයේදී එරට ජනාධිපතිවරයා සමග අස්සන් කළ ගිවිසුම් සහ 70කට අධික වූ අනෙකුත් ගිවිසුම් වහ වහා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. එම ගිවිසුම්වලට අනුව ඩොලර් බිලියන 3.9ක දැවැන්ත ආයෝජනයකින් යුතුව හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඒ කිසිදු ව්‍යාපෘතියක් මේ දක්වා ආරම්භ කිරීමට පසුබිම සකස් වී නොමැත. ඒ, අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් එල්ල වූ දැඩි බලපැම් මුල්කොට ගෙනය. මේ මොහොත වන විටත් චීන සිනොපෙක් සමාගම හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට සූදානමින් සිටියද ඇමෙරිකාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වීම හේතුකොට ගෙන එහි කටයුතු තවමත් ආරම්භ කිරීමට චීන සිනොපෙක් සමාගමට හැකියාවක් ලැබී නොමැත.

පසුගිය සති දෙකේදීම මේ සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකරමින් අප කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ඊට එරෙහිව දැඩි විරෝධයක් ඉදිරිපත් කොට ඇති බවය. එමෙන්ම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිටියදීම හම්බන්තොට චීන තෙල් පිරිපහදුවට එරෙහිව දැඩි නිවේදනයක් නිකුත් කොට තිබිණි. මීට අමතරව කොළඹ වරාය නගරයේ දියත් කිරීමට නියමිත චීන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ. මේ සියලු කරුණු සලකා බලා චීනය බිමල්ට භාරදුන් රාජකාරිය වූයේ කුමන බාධක එල්ල වුවද චීනය සමග අස්සන් කළ ගිවිසුම්වලට අනුව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වගකීමය. වෙනත් වචනවලින් කියනවා නම් මේ වනවිට චීනයේ ලංකා නියෝජිතයා බවට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව බිමල්ය.

ඔක්තෝබර් 12 අප කළ රාජ්‍ය රහස් අනාවරණය!

චන්ග් ලොකු ගේමක

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක නිවේදන නිකුත් කරද්දී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ලංකාව සම්බන්ධයෙන් වන සිය ක්‍රියාකාරකම් මේ වනවිට තීව්‍ර කොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ජූලි චන්ග් මේ වනවිට ලංකාවේ සිය නිල කාලයේ අවසන් අදියරට පැමිණ සිටින අතර, ඇය ලබන දෙසැම්බරයේ හෝ ජනවාරි මුල් සතිවල හෝ සිය නිල කටයුතු අවසන් කොට ලංකාවෙන් පිටව යෑමට නියමිතය. ඒ අනුව මේ දිනවල චූලි චන්ග් නිතරම වොෂිංටනය සමග සම්බන්ධ වෙමින් ලංකාව පිළිබඳ කටයුතු ඉක්මන් කරන ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම එහිදී ශ්‍රී ලංකා රජය හම්බන්තොට වරාය තුළ චීනය විසින් සිදුකොට ඇති පිරිපහදුව ආරම්භ කිරීමේ කටයුතු අත්හිටුවීම සඳහා තිරය පිටුපස විශාල උත්සාහයක් දරමින් සිටින ආකාරයක් දැකගත හැකිය. චීන සිනොපෙක් සමාගම හම්බන්තොට තෙල් පිරිපහදුව ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, එය මෑත කාලයේ ලංකාවට ලැබුණු දැවැන්තම විදේශ ආයෝජනය ලෙස සැලකීමට පුළුවන. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මුල් අදියරේදී ලංකාව විසින් ලබාදී තිබූ 20%ක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත්, එය 40%ක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් සිනොපෙක් සමාගම විසින් දැනුම් දී තිබීම නිසා මෙම ආයෝජන කටයුතු ආරම්භ කිරීම කල් ඇදි ඇදී තිබිණි. නමුත් මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ චීන සිනොපෙක් සමාගමේ ඉල්ලීම පරිදි ලංකාව තුළ සිදුකෙරෙන ඔවුන්ගේ ඉන්ධන බෙදාහැරීමේ කෝටාව 40% දක්වා ඉහළ නැංවීමටය. ඒ අනුව සිනොපෙක් සමාගම නුදුරු දිනෙකදීම හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම චීන පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු නැවැත්වීම සඳහා ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් පෞද්ගලිකවම විශාල උත්සාහයක් දරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. එය හොඳටම පැහැදිලි වන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලංකාව ඉලක්ක කොටගෙන නිකුත් කළ නිවේදනයේ අඩංගු තොරතුරු දෙස බලන විට එය පැහැදිලිවම මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් ලබාදී ඇති බවක් පැහැදිලිවම දැකගන්නට තිබීමය. එමෙන්ම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාව එළියට ආවේද ජූලි චන්ග් වොෂිංටනයේ සිටියදීය. කොරියානු සම්භවයක් සහිත කාන්තාවක් ලෙස ජූලි චන්ග් සැලකුණද, සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඇය දැඩි චීන විරෝධියකු ලෙසටය.

SendShareShare
Previous Post

නේවි එක ඇල්ලූ බෝට්ටුවේ බිලියන 5ක කුඩු!  I Sri Lanka Latest News

Next Post

අද රටේ ක්‍රියාත්මක වන අලුත්ම සංස්කෘතිය ගැන විපක්ෂනායක මැදකොළඹ ආසනයේ සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් හෙළිදරව් කරයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.