• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දට බය ත්‍රිකෝණය (රටේ පැත්ත)

July 25, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දට බය ත්‍රිකෝණය (රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක විමල් වීරවංශ වෙනුවෙන් පැවැති දේශපාලන උත්සවයක ප්‍රධාන ආරාධිතයා විදිහට ආපු මහින්ද හොඳ කතාවක් කීවේය.
“2015 මාව පරද්දල මැදමුලනේ ජනේලයේ එල්ලලා සමහරු ෂැම්පේන් බිව්වා…”
මහින්ද කීවේ එහෙමය.
ඒකෙන් මහින්ද අදහස් කළේ 2015 තමන්ව පැරැද්දුවේ රටේ ජනතාවවත්, යූ.ඇන්.පී.ය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයවත් නොව බටහිර රටවල්වල ඒසී කාමරවල හිටපු සුද්දො ටිකක් එකතු වී කුමන්ත්‍රණය කොට තමන්ව පැරැද්දුවා කියන එකය. ඒ සුද්දො ගහපු කුමන්ත්‍රණයට මෙහේ ඉඳන් යහපාලන නඩය හූමිටි තිබ්බා විතරයි කියන එකය.
එදා ඒ සුද්දො හිතුවේ 2015 මහින්දව පරද්දල මැදමුලනට යැව්වාම මහින්දලාගේත්, රාජපක්ෂලාගේත් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවර යැයි කියාය. මේ සුද්දන්ගේ උපදෙස් මත යහපාලන ආණ්ඩුව පිහිටුවා පළමු දින 100 ඇතුළත වෙන කිසිම දෙයක් නොකර 19 වැනි සංශෝධනය හදිසියේම සම්මත කර ගත්තේත් මහින්දලාගේ දේශපාලනය ඉවර කරන ඒ අවසන් ඇණයත් ගසන්නටය. 19 වන සංශෝධනයෙන් මහින්දට තව පාරක් තරග කරන්න තිබ්බ අවස්ථාව නැති කළා පමණක් නොව මහින්දගේ සහෝදරයන්ටවත් ඡන්දයකට ඉදිරිපත් වෙන්න බැරි විදිහට වගන්ති ඇතුළත් කළේය. ඒකට ගහපු ගැටය ද්විත්ව පුරවැසිභාවයය. පුතා වෙච්ච නාමල්ට තරගයට එන්න බැරි විදියට වයස් සීමාවක්ද දැම්මේය.
මේ යහපාලන නඩය එතැනින් නැවතුණේද නැත. විවිධ මූල්‍ය අක්‍රමිකතා චෝදනා දමා රාජපක්ෂ පවුලම හිරේ විලංගුවේ දමන්නට සැලැසුම් සකස් කළේය. ආණ්ඩුව ඒකට උපදෙස් ගත්තේ විදෙස් රටවල්වල මූල්‍ය වංචා හොයන ආයතනවලිනි. ඒවට ආණ්ඩුව එදා ඩොලර් මළු පිටින් ඒ සමාගම්වලට ගෙව්වේය. රාජපක්ෂලාව කොටුකරන්න එෆ්.සී.අයි.ඩී.ය නිර්මාණය කළේ ඒ විදෙස් මූල්‍ය සමාගම්වලින් දුන් උපදෙස් අනුවය. එෆ්.සී.අයි.ඩී.ය රාජපක්ෂලාගේ බැංකු ගිණුම් පස්සේ දුවන්න පටන් ගත්තේත් ඒ අනුවය. එහෙම දුවලා චෝදනා ඔප්පු කරගන්න බැරි වුණත් රාජපක්ෂ පවුලේ න්‍යායාචාර්යවරයා මෙන්ම මහමොළකරුවා ලෙසත් සැලකෙන බැසිල්ව හිරේ විලංගුවේ දැමීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.
රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා ලෙස සැලකෙන නාමල්ව එෆ්.සී.අයි.ඩී.යෙන් අල්ලාගෙන හිරේ දැමීමට කටයුතු කළේය.
මහින්දගේ දෙවැනි පුතා වූ යෝෂිතව මූල්‍ය චෝදනා මත කූඩුවට දැම්මේය.
ශිරන්තිට විරුද්ධවත් යහපාලන ආණ්ඩුව එකල චෝදනා ගොනු කළේය.
ගෝඨා පස්සෙන් දිගටම පැන්නුවේය. ගෝඨාව දවසකට හරි ඇතුළට දාන්න දතකට කෑවත් ගෝඨා ඒකෙන් බේරුණේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ නියෝගයක් අරගෙනය.
යහපාලන ආණ්ඩුව මේවා කළේ තනිවම හිතා මතා තීන්දු අරගෙන නොව බටහිර රටවල්වල සිටින සුද්දන්ගෙන් ගෙඩිපිටින් ලැබුණු උපදෙස්වලට අනුවය. ඒ කාලයේ බටහිර රාජ්‍ය නායකයන්ට මේ රට ඔවුන්ගේ සංචාරක තිප්පොළක් බඳු විය. උදේ හවා ඔවුන් ලංකාවේ සංචාරය කළේ රාජපක්ෂලාව කෙසේ හෝ සදාකාලිකවම දේශපාලනයෙන් ඈත්කර තියන්නටය. ‘කොහොම හරි රාජපක්ෂලාව ඉවර කරපල්ලා‘ යන්න එම සුද්දන් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ට එදා දුන් ලොකුම උපදෙස විය.

ඇයි සුද්දන්ට මහින්දව පරද්දන වුවමනා වුණේ..

සුද්දන්ට ඕන කරල තිබුණේ මේ රට කෙසේ හෝ දෙකට බෙදන්නටය. කොටින්ට ආයුධ සහ සල්ලි ලබාදෙමින් බටහිර රටවල් ලංකාව ඇතුළේ බෙදුම්වාදය පෝෂණය කළේත්, ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්නේත්, කොටින්ට කිරි පෙව්වේත් මේ අරමුණ ඔළුවේ තියාගෙනය. හැබැයි සුද්දන්ට ඒක කරගන්න බැරි වුණේ මහින්ද මේ රටේ ජනාධිපති පුටුවේ සිටි නිසාය. යුද්ධය දරුණුවට ගිය කාලයේ වහාම යුද්ධය නතර කරන ලෙසට බටහිර රටවල් නියෝජනය කළ මේ සුද්දන් පණිවුඩ පිට පණිවුඩ එව්වත්, කොපමණ බලපෑම් කළත් ඒ කිසිවක් තඹේකට මායිම් කරන්නේ නැතුව මහින්ද යුද්ධය ඉවර කරලා පෙන්නුවේය. ඒ නිසාම සුද්දන්ට මහින්ද කෙරෙහි විශාල කෝපයක්, වෛරයක් තිබිණ. මුලු ලෝකයක් ඉදිරියේ මහින්ද මේ සුද්දන්ව ලැජ්ජාවට පත් කොට තිබිණ. යුද්දෙ කරපු රණවිරුවන්ව විදුලි පුටුවට සහ දංගෙඩියට දක්කන්නට බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කළේ මේ වින්ඳ නවනිංගිරාව නිසාය.
හැබැයි මහින්ද ජනාධිපති පුටුවේ සිටි තාක් සුද්දන්ට ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න ඉඩක් නොවීය. රණවිරුවන්ගේ එක මයිල් ගහකට අතක් තියන්නටවත් සුද්දන්ට නොහැකි විය. මහින්ද පුටුවේ සිටිනතාක් ලංකාවට අත තබන්නට නොහැකි බවත්, බෙදුම්වාදී දේශපාලනය ශක්තිමත් කිරීමට නොහැකි බවත් ඔවුහු දැන සිටියහ. මේ සුද්දන් 2015 දී මහින්දව ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් පරාද කොට ගෙදර යැව්වේ ඒකය. මහින්ද යළි පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටියත් අඩුම තරමින් මේ පිරිස මහින්දට ඒකවත් ලබාදුන්නේ නැත. ඒකත් දුන්නේ දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන්ටය.
කෙසේ වුවත් මහින්දව පරද්දලා ගෙදර යැව්වත් එදා මහින්ද පැරදුණේ නැත. ඒකෙන් වුණේ මහින්ද වටේ කලින් තිබුණාටත් වඩා විශාල ජන රැල්ලක් ගොනුවීමය. ඒ රැල්ලෙන් මහින්ද යළි පණ ලැබුවේ හරියට ෆීනික්ස් කුරුල්ලා අළු මතින් යළි නැඟිටිනවා වාගේය. බටහිර රටවල සුද්දන් තමන්ව පරද්දලා ෂැම්පේන් බිව්වත් අවුරුදු තුනක් ඇතුළත මහින්ද යළි සුද්දන්ගේ ඉහමොළ රත් කළේ ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටි ආණ්ඩුවක් පුංචි ඡන්දයෙන් හතරගාතෙන් බිමට ඇද දමාය. එදා 2018 පුංචි ඡන්දයේදීත් මේ බටහිර රටවල සුද්දන් ප්‍රතිඵල බලන්න සෙට්වුණේ ෂැම්පේන් බොන ගමන්ය. ඔවුන් සිතා සිටියේ 2015දී මෙන්ම 2018දීත් මහින්ද හේදිලාම යයි කියලාය. හැබැයි ප්‍රතිඵල එන විට මේ සුද්දන්ට තරු පෙනිණ. මහින්ද මුළු රටේම ප්‍රාදේශීය සභා, නගර සභාවල බලය ගනිද්දී රාජපක්ෂලා යළි නැඟිටිනු ඇති බවට මේ සුද්දන් බය විය.
2019 ජනාධිපතිවරණය වන විට මහින්දට අපේක්ෂකයකු තෝරාගන්න බැරි වෙන තරමට මේ බටහිර රටවල සුද්දන් කුමන්ත්‍රණයක් දියත් කළේ ඔවුන්ගේ සිතේ මහින්දට තිබ්බ මේ බය නිසාය. හැබැයි මහින්ද ඒ කුමන්ත්‍රණය මැද්දේත් බය නැතිව ගෝඨාභය ඉදිරියට රැගෙනවිත් පොහොට්ටුවේ පළමු සංවත්සර දිනයේදීම ගෝඨාව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට අභිෂේක කළේය. එපමණක් නොව ගෝඨාත් සමඟ රට වටේ ගොස් ගෝඨාව ජනාධිපති පුටුවේ වාඩිකොට මම තවත් රාජපක්ෂ කෙනෙක් මේ රටේ ජනාධිපති කළා යැයි කියා සුද්දට අභියෝග කර පෙන්නුවේය.
මේ නිසා දැන් මේ සුද්දන් බලන්නේ මෙවර මහ ඡන්දයේදීවත් කෙසේ හෝ මහින්දව පරද්දවා හෝ මහින්දට අඩු බලයක් ලබාදී දුර්වල ආණ්ඩුවක් රට ඇතුළේ බිහිකරන්නටය. ඒ හරහා මහින්දව දුර්වල කොට මේ රට දුර්වල කරන්නටය. සුද්දගේ මේ කුමන්ත්‍රණය පරද්දන්න නම් මේ රටේ සියලු දෙනාම එකාවන්ව පෙළගැසී මහින්දව ශක්තිමත් කළ යුතුය. ආණ්ඩුව ශක්තිමත් කළ යුතුය. රට ශක්තිමත් කළ යුතුය.

ඇයි කොටි මහින්දට බය…

අවුරුදු 30ක් පුරා පැවැති යුද්ධය මහින්ද විසින් පරාජය කිරීමෙන් පසු පිටරටවල සිටින කොටි ඩයස්පෝරාව උදේ, දවල්, රෑ නැතිව කල්පනා කළේ මහින්දව මට්ටු කරන විදිහක් පිළිබඳවය. මුලින්ම ඔවුන් බැලුවේ යුද අපරාධ චෝදනා එල්ල කොට එක්සත් ජාතීන්ගේ සංවිධාන තුළ මහින්දවත්, මහින්දගේ ආණ්ඩුවත් හිර කරන්නටය. ඉන්පසු මහින්දගේ ආණ්ඩුව දුර්වල කොට ලංකාවට සම්බාධක පනවාගෙන ජනමත විචාරණයක් හරහා කෙසේ හෝ රට දෙකඩ කරන්නටය. දෙමළ ඩයස්පෝරාව විසින් අවසන් වරට පැවැති උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස විග්නේශ්වරන් පත්කර ගත්තේද ඒ උවමනාවට අනුවය. හැබැයි මහින්දත් ඩයස්පෝරාවේ මේ සැලැසුම නොදැන සිටියා නොවේ. ඒ නිසා විග්නේෂ්වරන්ට ඕන ඕන හැටියට උතුරේ නටන්නට මහින්ද ඉඩ තිබ්බේ නැත. ඩයස්පෝරාව ගහන පදයට නටන්නට විග්නේෂ්වරන්ට ඉඩ තිබ්බේ නැත. මහින්ද ඒක පාලනය කළේ හිටපු හමුදා නිලධාරියෙක් හට උතුරේ ආණ්ඩුකාර ධුරය භාරදීම හරහාය.
මහින්දව පරද්දන්න ලංකාවේ දේශපාලනඥයන් මේ දෙමළ ඩයස්පෝරාවත් එක්ක කරට අතදා ගත්තේ 2015ට පෙර සිටමය. එදා යූ.ඇන්.පී. නායකයන් ලන්ඩනයට ගොස් මහින්ද එළවන්න මේ දෙමළ ඩයස්පෝරාවත් සමඟ කාමරවල පැය ගණන්, දවස් ගණන් සාකච්ඡා පැවැත්වූහ. වරක් චන්ද්‍රිකා ප්‍රසිද්ධ වේදිකාවේදී ‘ප්‍රභාකරන් මහත්තයා’ කියා මිනීමරු කොටි නායකයාව ආමන්ත්‍රණය කළේ මේ ඩයස්පෝරා නායකයන් සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුවය. කොහොම හරි මහින්දව පැරැද්දුවට පසු මේ කොටි ඩයස්පෝරාව සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ ඇමෙරිකාව සමඟ එක්ව රණවිරුවන් දංගෙඩියට යැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හයිබි්‍රඞ් අධිකරණයක් පිහිටුවා ගැනීම හරහාය. ඉන්පසු රණවිරුවන්ට බොරු චෝදනා එල්ල කොට යහපාලන ආණ්ඩුව ලවා දිගින් දිගටම ඔවුන්ව සිරගත කරවීමට ඩයස්පෝරාව සමත් විය. බුද්ධි අංශ නිලධාරීන් එකාපිට එකා හිරේ දැම්මේය. ඩයස්පෝරාව බැලුවේ යහපාලන ආණ්ඩුව ඇතුළේ මෛත්‍රි, රනිල් ගහගන්නා විට ඒ අවුඅස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා රට ඇතුළේ කෙසේ හෝ ක්‍රියාත්මක කොට ඊළම පිහිටුවන මාර්ග සිතියම ක්‍රියාත්මක කරවා ගන්නටය.
නමුත් යහපාලන ආණ්ඩුව පන්නා දමා රාජපක්ෂලා යළි නැඟිටීමත් සමඟ ඩයස්පෝරාවේ මේ සිහිනය එක රැයින් බිඳවැටිණ. මහින්දලා එදා ඉඳන්ම ප්‍රසිද්ධියේම කීවේ රණවිරුවන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් පවත්වන්නේ නැතැයි කියාය. රට ඇතුළේ හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රියාත්මක කිරීමට ඉඩක් නැතැයි කියාය.
ඒ නිසා දැන් ඩයස්පෝරාව සිටින්නේ මහින්දලාත් සමඟ යළිත් කෝපයෙන්ය. ඔවුන්ට උවමනා වී ඇත්තේ මේ මහ ඡන්දයෙන් ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවට දුර්වල ආණ්ඩුවක් බිහිවෙනවා දකින්නටය. එහෙමත් නැත්නම් මහින්ද පරදිනවා දකින්නටය. ඒ නිසා මහ ඡන්දයේදී මහින්දව ශක්තිමත් කළේ නැත්නම් රට ඇතුළේ සිද්ධ වන්නේ ඩයස්පෝරාවට උවමනා දේය.

ඇයි අයිි.එස්.අයි.එස්. මහින්ද එනවට බය…

අයි.එස්.අයි.එස්. සංවිධානයද කාලයක් තිස්සේ ලංකාවට ඇහැ ගහගෙන හිටියේ මුස්ලිම් අන්තවාදය හරහා මේ රට ඇතුළේ ක්‍රියාත්මක වන්නටය. හැබැයි මහින්ද බලයේ සිටි 2015 වන තෙක් අයි.එස්.අයි.එස්. සංවිධානයට ඊට ඉඩක් ලැබුණේ නැත. මොකද ඒ කාලේ රාජපක්ෂලා දැඩි ආරක්ෂක මුරකාවල් රට ඇතුළේම පනවා තිබීම ඊට හේතුව විය. 2015 රාජපක්ෂවරුන් පරාජයට පත්කිරීමට අන්තවාදී මුස්ලිම් නායකයන්ද විශාල දායකත්වයක් දැක්වීය. එහි ප්‍රතිඵලය වූයේ මේ මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් හරහා මේ රටට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ඇතුළු වීමය.
කොහොම හරි 2018 දී මහින්ද නැවැතත් අගමැති කිරීමට සිරිසේන පියවර ගැනීමත් සමඟ මේ අයි.එස්.අයි.එස්. කණ්ඩායම තටු හකුලා ගත්හ. වැඬේ දෙල්වේගෙන එන බව දුටු මේ කණ්ඩායම මහින්ද එරෙහිව මැදපෙරදිග රටවල් අල්ලාගෙන විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. මහින්ද පාර්ලිමේන්තුවේ බහුතරය හොයන මෙහෙයුමට අත තියද්දී පාර්ලිමේන්තුවේ සිටි මුස්ලිම් මන්ත්‍රිවරුන්ට මැදපෙරදිගින් කැඳවීමක් ලැබිණ. ඊට පසු මහින්දව පාර්ලිමේන්තුවේ මුස්ලිම් මැති ඇමැතිවරුන්ගේ සහයෝගය අහිමි විය. යළිත් සිරිසේන – රනිල් ආණ්ඩුව බලයට පත්වූයේ ඒ අනුවය.
පසුව යහපාලන නායකයන් උදේ හවා කාකොටා ගනිද්දී මේ රටේ ආරක්ෂාව බින්දුවට වැටෙන බව මේ අයි.එස්.අයි.එස්. නායකයෝ දැන සිටියහ. එම නිසා ඔවුහු හිතේ හැටියට රට ඇතුළේ පුහුණුවීම් කටයුතු කළහ. විදෙස්ගතව අයි.එස්.අයි.එස්. පුහුණුව ලබාගත්හ. මුස්ලිම් තරුණයන් අන්තවාදයට යොමුකර ගත්හ. රටට මහා විනාසයක් සිදුකරමින් පාස්කු ප්‍රහාරය සිදුවූයේ යහපාලන ආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තිබූ මේ දුර්වලතාවය නිසාය. නමුත් රාජපක්ෂවරු බලයේ සිටියේ නම් කෙදිනකවත් මේ රටේ මුස්ලිම් අන්තවාදයට හෝ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට ඉඩක් තබන්නේ නැත.
යහපාලන ආණ්ඩුවේ අවසන් කාලයේ සිදුවූ මේ ප්‍රහාරයෙන් පසු ගෝඨාභය මේ රටේ ජනාධිපතිවරයා බවට පත්විය. දැන් මේ රටේ අයි.එස්.අයි.එස්. සංවිධානයට රිසි සේ ක්‍රියාත්මක වීමට කිසිදු ඉඩක් නැත. බෝම්බ පුපුරවීමට කිසිදු ඉඩක් නැත. මේ නිසා අයි.එස්.අයි.එස්. ක්‍රියාකාරීන්ද රාජපක්ෂවරුන් සමඟ සිටින්නේ කෝපයකින්ය. ඔවුන්ගේ ඉදිරි සැලැසුම් රට ඇතුළේ ක්‍රියාත්මක කිරීමට නම් දුර්වල ආණ්ඩුවක් රට ඇතුළේ නිර්මාණය වීම අත්‍යවශය. ඒ නිසා අයි.එස්.අයි.එස්. ක්‍රියාකාරිකයන්ද බලා සිටින්නේ මේ මහ ඡන්දයෙන් මහින්ද පරාජයට පත්වන තෙක්ය. නැත්නම් දුර්වල ආණ්ඩුවක් නිර්මාණය වන තෙක්ය. ඒ නිසා මහින්ද ශක්තිමත් නොකළහොත් ඉෂ්ඨ වන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සැලැසුම්වලට පාර කපා දීමක්ය.
මේ නිසා මෙවර මහ මැතිවරණයේදී සජිත්වත්, රනිල්වත් පරාජයට පත්කරනවාට වඩා රටේ ජනතාව මුල්තැන දිය යුත්තේ ලංකාව ගිලගන්න දත් විලිස්සාගෙන බලා සිටින මේ බටහිර රටවල සුද්දන්, කොටි ඩයස්පෝරාව සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් යන විනාශකාරී ත්‍රිකෝණය පරාජයට පත්කිරීමටය. මේ තුන්ඈඳුතු විනාශයෙන් රට බේරා ගැනීමට නම් අනිවාර්යෙන්ම මහින්දලා බලයට පත්විය යුතුමය. දෙකට දෙවාරයේ ආණ්ඩු හදනවාට වඩා ශක්තිමත් තුනෙන් දෙකේ බලයක් රාජපක්ෂවරුන්ට ලබාදිය යුතුමය.
අනෙක් අතට සුද්දන්ට අවශ්‍ය පාලනයක් ලංකාවේ ඇතිකරන, කොටි ඩයස්පෝරාවට ඕන රූකඩ ආණ්ඩුවක් ලංකාවේ බිහිකිරීමට පාර කපන, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත මාර්ග සිතියම් ලංකාවේ ක්‍රියාත්මක කිරීමට උඩගෙඩි දෙන 19 වැනි සංශෝධනය පිළිබඳවත් මහින්දලාට තීන්දුවක් ගතහැකි වන්නේ ජනතාව ලබාදෙන මේ ශක්තිමත් ජන වරමට අනුවය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මහින්ද-රනිල් ගල්ලෙන සජිත් බිඳීද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මහණවෙලා දවස් හතෙන් පැයකටත් වැඩිය බණක් කිව්වා

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.