IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකය ආසන්නයේදී පොලිසිය භාරයට ගෙන ඇත.
යුධ හමුදා බුද්ධි අංශ විසින් මෙම පළා ගිය රෝගියා කොළඹ ජාතික රෝහලේදී සොයා ගෙන සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වන විට එම කොරෝනා ආසාදිත රෝගියා යලි IDH රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.










