දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.Sri Lanka Latest News
පේරාදෙණිය, රුවන්වැල්ල සහ තඹුත්තේගම යන ප්‍රදේශවලින් මෙම සිද්ධීන් වාර්තා විය.
අනුරාධපුර තඹුතේගම ප්‍රදේශයට බලපෑ වර්ෂාපතනයත් සමඟ ඇතිවු ක්ෂණික ගංවතුරට හසුවීමෙන් ඊයේ (19) දිනයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මේ අතර පේරාදෙණිය ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් 72හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා ඇළ මාර්ගයක් අසලින් ගමන් කරමින් සිටියදී ඒ අසල තිබු පස් කන්දක් ඔහු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මේ අතර රුවන්වැල්ල, මාගම්මන ප්‍රදේශයේදී අධික වර්ෂාපතනය පවතින අවස්ථාවක ඇළ මාර්ගයක් හරහා ඒදණ්ඩකින් ගමන් කිරීමට උත්සහ කළ පුද්ගයෙකු එම ඇළට වැටී දියේ ගිලි මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.










