මත්ද්‍රව්‍ය පුරවාගෙන අමෙරිකාව දෙසට යාත්‍රා කරමින් තිබූ සබ්මැරීනයක් විනාශ කිරීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ.Sri Lanka Latest News
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය truth social ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ විසින් තහවුරු කළ බවය.
එමෙන්ම යාත්‍රාවේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙකු සිටි බවත් ප්‍රහාරයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සටහනේ සඳහන් ව තිබේ.
තවද අදාළ සබ්මැරීනය ගොඩබිමට පැමිණියේ නම් අවම වශයෙන් අමෙරිකානුවන් 25,000ක් තම ජීවිතවලින් වන්දි ගෙවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන් වේ.
සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගත් ජීවිත බේරාගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ගේ උපන් රටවල් වන ඉක්වදෝරය සහ කොලොම්බියාව වෙත ආපසු යවනු බවත් එහි සඳහන්ව තිබේ.










