2011 ලෝක කුසලානය පාවාදීම ගැන අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මීට සති තුනකට පමණ පෙර මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ලෝක කුසලානය පාවාදීම ගැන සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා හමුවී පැමිණිල්ලක් කළ නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසිපරිදි ක්‍රියාත්මක වීමක් පෙනෙන්නට නොමැති බව එහිදී එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසුවේය.
අළුත්ගමගේ මහතාගේ කතාවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තරවත් රටට අපකීර්තියක් සිදුව ඇති බවයි ගුණසේකර මහතා සඳහන් කළේය.
එහෙයින් කිසිදු වෙනසකින් තොරව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඔහු අවධාරණය කළේය.










