• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දිනන සූත්‍රය…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 18, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
දිනන සූත්‍රය…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයය. කොමියුනිස්ට් පක්ෂය බිහිවන්නේ ඉන් පසුවය. මේ පක්ෂ දෙකම වාමාංශික පක්ෂය. මේ වාමාංශික පක්ෂවලට විකල්පයක් ලෙස යූ.ඇන්.පී.ය බිහිවන්නේ දක්ෂිණාංශික පක්ෂයක් ලෙසය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරන්නේ දක්ෂිණාංශික යූ.ඇන්.පී.යටත්, වාමාංශික, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලටත් විකල්පයක් ලෙස මධ්‍යස්ථ පක්ෂයක් ලෙසය. 1952 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයේ විකල්ප පක්ෂය බවට පත්වී ලංකාවේ ද්වි පක්ෂ ක්‍රමය ආරම්භ වෙයි.Sri Lanka Latest News

1994 තෙක් මේ ද්වි පක්ෂ ක්‍රමය, එනම් දක්ෂිණාංශික යූ.ඇන්.පී.ය සහ වමට බර ශ්‍රීලනිපය කලින් ආණ්ඩු බලය පිහිටුවනු ලැබීය. ලංකාවේ පළමු දේශපාලන පක්ෂය වූ ලං.ස.ස.ප.ය සහ කො.ප.යද මේ ද්වි පක්ෂ ක්‍රමයට අනුගත වෙමින් ශ්‍රීලනිපය සමග සන්ධානගත වී ආණ්ඩු පිහිටුවන්නේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති වමට බර නිසාය.

මේ ද්වි පක්ෂ ක්‍රමයේ පළමුවෙන්ම විනාශ වන්නේ ල.ස.ස.ප.ය සහ කො.ප.යය. හේතුව ල.ස.ස.ප. සහ කො.ප. නායකයන් ජීවිතාන්තය දක්වා පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීමට දරපු උත්සාහය නිසාය.

මෙ ලෙඩේ 1994ට පසු යූ.ඇන්.පී.යට බෝවේ. ඒ, 1994 පක්ෂ නායකත්වයට පත්වෙන රනිල් ජීවිතාන්තය දක්වා පක්ෂ නායකත්වය ආරක්ෂා කරගන්න දරන උත්සාහය නිසාය. මේ නිසා 2010 පසු යූ.ඇන්.පී.ය තුළ කැරැලි කෝලාහල මතුවී පක්ෂය දුර්වල වේ. දුර්වල වූ පක්ෂයේ නායකත්වය ආරක්ෂා කරගන්න රනිල් කරන්නේ 2015 ජනාධිපතිවරණයට ශ්‍රීලනිප ලේකම්වරයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමය. දින්නාට පසු රනිල් කරන්නේ මෛත්‍රීපාල පාවිච්චි කොට ඔහුව ශ්‍රීලනිප නායක ධුරයට පත්කොට යූ.ඇන්.පී. – ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවක් හදා ශ්‍රීලනිපය විනාශ කිරීමය. ලංකාවේ ද්වි පක්ෂ ක්‍රමයේ අවසානය සිදුවීමට නියමිතව තිබුණේ රනිල් යූ.ඇන්.පී. නායකයා වී මෛත්‍රී ශ්‍රීලනිප නායකයා වී පක්ෂ දෙක එකට එක්වී ජාතික ආණ්ඩුවක් හදපු දවසේය. ඒත් මහින්ද ඒ ජාතික ආණ්ඩුවට එක් නොවී පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් හදා යළිත් ලංකාවේ ද්වි පක්ෂ ක්‍රමය ආරක්ෂා කර දුන්නේය.

2019 යූ.ඇන්.පී. අපේක්ෂකයා වූ සජිත්ට එරෙහි පොදුජන පෙරමුණේ ගෝඨාභයගේ ජයග්‍රහණය ලංකාවේ ද්වි පක්ෂ ක්‍රමයේ අනාගතය සුරක්ෂිත කරනු ලැබීය. මහින්ද සහ ගෝඨාභය රනිල් සහ මෛත්‍රී විනාශ කළ ශ්‍රීලනිපය පොදුජන පෙරමුණ බවට පත්කර ගත්හ. සජිත් රනිල් විනාශ කළ යූ.ඇන්.පී.ය සමගි ජන බලවේගය බවට පත් කරගත්තේය.

ඒත් 2022 අරගලයෙන් පසු ගෝඨාභය සහ මහින්ද ඇතුළු රාජපක්ෂ පවුල රනිල්ව ජනාධිපති කොට පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම රනිල්ට භාරදීමෙන් 2015 රනිල් සහ මෛත්‍රී කළ වරද යළිත් කරගත්හ.

ඒ වෙලාවේ රනිල් නාමල් රාජපක්ෂ අගමැති කොට මහ මැතිවරණයකට ගියා නම් හෝ 2024 ජනාධිපතිවරණයට නාමල් අගමැති කොට ඔහුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා නම් පොදුජන පෙරමුණ මෙහෙම විනාශ වන්නේ නැත. රනිල් කළේ මහින්ද, නාමල් සහ රාජපක්ෂ පවුලට එරෙහිව පොදුජන පෙරමුණ කඩාබිඳ දමා තමා යටතට පත්කර ගැනීමය. 2019 ශ්‍රීලනිපයට වෙච්ච වින්නැහිය 2024 රනිල් පොදුජන පෙරමුණට කළේය.

එපමණක් නොව රනිල් ද්වි පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන්න බිහිවූ සමගි ජන බලවේගයද තමන් යටතට ගෙන සමගි ජන බලවේගයත් විනාශ කරන්න උත්සාහ ගත්තේය.

‘ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය අවසන්…’
රනිල් වික්‍රමසිංහ
ඉන්ඩියා ටුඩේ

මේ, රනිල් ජනාධිපති වී උජාරුවෙන් විදේශ මාධ්‍යයට කී කතාවය. ඔහුට අවශ්‍ය වී තිබුණේ ඔහු නායකත්වය දෙන යූ.ඇන්.පී.ය සුළු පක්ෂයක් බවට පත්ව ඇති නිසා යූ.ඇන්.පී.ය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා අනෙක් පක්ෂද විනාශ කර පක්ෂ ක්‍රමය අවසන් කරන්නටය. ඒත් සජිත් රනිල්ගේ උපක්‍රමවලින් සමගි ජන බලවේගය ආරක්ෂා කරගත්තේය. රනිල් පොදුජන පෙරමුණ දෙකට තුනඩ කඩා පක්ෂය විනාශ කළාට පසු රාජපක්ෂ පවුලේ දේශපාලන ගණිතයා වූ බැසිල් රාජපක්ෂට වෙච්ච නස්පැත්තිය තේරී ඔහු නාමල්ගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේය.

2024 ජනාධිපතිවරණයේදී රනිල් ගත්තේ සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු සුළු ජාතික ඡන්ද සහ නාමල්ට හිමිවිය යුතු පොදුජන පෙරමුණු ඡන්දය. 2024 ජනාධිපතිවරණයට පසු රනිල් 2025 පුංචි ඡන්දයට යූ.ඇන්.පී.යෙන් තරග කරන්න යෑමෙන් 2024 ජනාධිපතිවරණයේ රනිල්ට හිමිවූ පොදුජන පෙරමුණු ඡන්ද නාමල් හිමිකර ගත්තේය.

2024 ජනාධිපතිවරණයේදී විකෘති වූ ද්වි පක්ෂ ක්‍රමය යළි ඇතිකරන්න සජිත්ට සහ නාමල්ට අවස්ථාවක් ලැබී තිබේ. ඒ, සජිත් දක්ෂිණාංශික සියලු පක්ෂ සමගි ජන බලවේගය යටතට පත්කර ගැනීමෙන් සහ නාමල් වමට බර සියලු පක්ෂ පොදුජන පෙරමුණ යටතට පත්කර ගැනීමෙනි.

‘එතකොට මොකක්ද මේ රනිල් කියන්නේ බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කරගන්න ඔක්කොම පක්ෂ එකතු විය යුතුයි කියලා…?’

රනිල් මේ ආයෙත් ගහන්නේ පරණ පදයමය. ඔහුට ඕනෑ ඔහු යූ.ඇන්.පී.යට කළ විනාශය අනෙක් පක්ෂවලටත් කර ලංකාවේ පක්ෂ ක්‍රමය විනාශ කොට ඔහු මියයන තෙක් යූ.ඇන්.පී. නායකත්වය ආරක්ෂා කරගන්නටය. දැන් දැන් ඔහුගේ ගේම් ප්ලෑන් එක තේරී යූ.ඇන්.පී.යේ ඉතිරිව සිටින කිහිප දෙනා තම දේශපාලන අනාගතය සුරක්ෂිත කරගන්න සමගි ජන බලවේගය සමග එක්විය යුතුය යන මතයේ සිටී. ඔවුන් සමගි ජන බලවේගයට ගියහොත් රනිල් නන්නත්තාර වෙයි. ඒ නිසා ඔහු බලන්නේ සියලු පක්ෂ එක්විය යුතුය කියමින් යූ.ඇන්.පී.-සජබ එක්වීම කඩාකප්පල් කරන්නටය.

මේ වනවිට ඔහුත් සමග ජනාධිපතිවරණයේ සිටි පොදුජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරු මැති ඇමැතිවරු නාමල්ට එක්වෙමින් සිටී. ඔවුන් තම නායකත්වය යටතේ රඳවා ගැනීමටද ඔහු මේ ඔක්කොම පක්ෂ එකතු විය යුතුය යන සන්ධාන කතාව කියයි.

රනිල් පසුගියදා මහින්ද හමුවෙන්න ගියේ තවත් වටයකින් නාමල් බබාව වැල් පාලමේ ගෙන යන්න ඉල්ලා ගන්නටය. මහින්දට දැන් තේරෙන දේශපාලනයක් නැත. ඔහුත් ‘හා’ කියන්න ඇත. එක පාරක් රනිල්ගේ දෑත් වකුටුවී වැල් පාලමේ යන්න ගිහින් පක්ෂයත්, පවුලත් දෙකම නැතිකරගත් නාමල් ආයෙත් රනිල්ගේ දෑතට පනින්නේ ඔහු දේශපාලන උපක්‍රමිකයෙක් නොවන නිසාය.

රනිල්, නාමල්, මහින්ද ඇතුළු රාජපක්ෂ පවුල, ශ්‍රීලනිපය, උදයලා, විමල්ලා ඔක්කොම එක්වීමෙන් වෙන්නේ ද්වි පක්ෂ ක්‍රමය යළිත් විකෘති වී ජවිපෙ ශක්තිමත් වීමය. රනිල්ට පොදුජන පෙරමුණු බහුතරය කැමැති නැත. නාමල්ලා රනිල් එක්ක එකතු වෙන්න එකතු වෙන්න පොදුජන පෙරමුණ විනාශ වෙයි.

අද ජවිපෙ දුර්වල කරන්න නම් වමට බර විකල්පයක් අවශ්‍යය. ඒ විකල්පය හදන්න පුළුවන් පොදුජන පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ විමල් වීරවංශලාටය. ඔවුන් වමට බර විකල්පයක් හදා ජවිපෙ ගත් ඡන්ද කඩන්න කඩන්න වාසිය යන්නේ දකුණටය. ඒ කියන්නේ සමගි ජන බලවේගයටය. සමගි ජන බලවේගය ඒ වාසිය ගන්න ශක්තිමත් විය යුතුය. සමගි ජන බලවේගය දින්නොත් නාමල් විපක්ෂ නායක වෙයි. ජවිපෙ තුන්වැනි තැනට ඇදවැටෙයි.

නාමල් ඡන්ද කඩන විට සමගි ජන බලවේගය දුර්වලව සිටියහොත් නාමල් කඩන ඡන්ද ප්‍රමාණයේ හැටියට ඔහුට පළමු වැනියා වීමට වුවද පුළුවන.

දිනන සූත්‍රය ඕකය. රනිල් තව වටයකින් උත්සාහ කරන්නේ බහු පක්ෂ සූත්‍රය ගෙනැවිත් දිනන සූත්‍රය අවුල් කොට අනුරව ශක්තිමත් කරන්නටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හරිනි චීනෙයි ඉන්දියාවෙයි ගිහින් කරපු දේවල් ඔක්කොම එළියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

වැටුණා නැගිට්ටා….! රාවණා ඉවර වෙනකම් වැඩේ කරන් ගියා කියහංකො…! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.