• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද අපරාදේ යුද්දේ ඉවර කළේ…! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Share on WhatsAppShare on Facebook

ගල්කිස්සේ උසාවියේ පොලිස් කොස්තාපල්වරයකුයි නීතිඥවරයකුයි අතර වෙච්ච සිද්ධිය ගැන මේ දවස් ටිකේම කනක් ඇහිල්ලක් නෑ මීඩියාවල ෆස්ට් නිව්ස් එක…
පොලිසිය පැමිණිල්ලටයි විත්තියටයි දෙකටම ඉන්නවද කියලා අපේ මොළයත් නිකං කැරකෙනවා.. එහෙම නැත්නම් ලංකාවේ පොලිසි දෙකක් තියෙනවද දන්නෙත් නෑ. අන්න එහෙම පොලිසි දෙකක් තිබිච්ච කාලයක් තිබුණා කියලා මතක් වෙනකොටම මේ ෆොටෝ එක හම්බවුණා. මේක වෙන රටක පොලිස් නෙවෙයි අපේ රටේම තමයි. හැබැයි ඔයාලට යුනිෆෝම් එක වෙනස් නිසා අඳුරගන්න බැරුව ඇති..Sri Lanka Latest News

අර පහුගිය දවස්වල කොළඹ තිබුණු නිල නිවාසය අයින් කරලා තංගල්ලට ගියේ මහින්ද රාජපක්ෂ කියලා මනුස්සයෙක්. අන්න ඒ මනුස්සයා 2005 මේ රටේ ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා වවුනියාවෙන් උඩ තිබුණේ ඔය යුනිෆෝම් එක ඇඳගත්ත පොලිසිය තමයි. ඒක තමයි එල්ටීටීඊ පොලිසිය.

මං හිතන්නේ මේ LTTE Traffic Police. High speed අල්ලන මීටරයකුත් තියාගෙනනේ ඉන්නේ… ඒ විතරක් නෙවෙයි. ඒ පැත්තෙ ඒගොල්ලන්ට උසාවිත් තිබුණා. උසාවි තියෙනකොට නීතිඥවරු ඉන්න එපැයි.

ඉතින් එල්ටීටීඊ උසාවිවල කතා කරන්න ඒගොල්ලන්ට නීතිඥවරුත් හිටියා. ඉතින් ආයුබෝං මේ ඇත්තන්ට මතකද දන්නෑ, අර සාම ගිවිසුමක් කියලා එකක් තිබුණු කාලේ ළමා අපචාර සිද්ධියක් ගැන පරීක්ෂණ කරන්න කියලා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පැත්තට ගියා. දන්නවද මොකද වුණේ කියලා?
එල්ටීටීඊ පොලිසිය විසින්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කණ්ඩායම නිල ඇඳුමෙන් ඒගොල්ලන්ගේ රාජ්‍යයට ඇතුළු වුණා කියලා අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ගේ උසාවියට දැම්මා. එල්ටීටීඊ ගැහැනියක් තමයි නඩුකාරවරිය. කොහොමද අපේ පොලිස් ෂබිචැජඑදරි ලා ඒ ගෑනි ඉස්සරහට එක්ක ගිහිල්ලා නඩු අහලා එල්ටීටීඊ හිරගෙදර රිමාන්ඩ් කරහම. සමහර විට අපේ පොලිසියේ මහත්වරුන්ටත් දැන් ඒවා මතක නැතිව ඇති.

මට මතක විදියට නඩු වාර කීපයක්ම ඇප නොදී තිබුණා. ඇප ඉල්ලන්න කතා කරේ එල්ටීටීඊ නීතිඥයෝම වගේත් මතකයි.. මොකද මෙහේ නීතිඥයන්ට එහේ උසාවිවලට යන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නෑ.

එහෙම රටක් නැති කරපු මනුස්සයන්ට විරුද්ධ බෝඩ් උස්සගෙන අත්වැල් බැඳගෙන සෙල්ලං කරපු සමහර නීතිඥ මහත්තුරුත් අපිට මතක් වෙනවා. ‘සමහර’ කියන වචන යෙදුවේ එහෙම නැති, මේ රටට ආදරය කරන නීතිඥ ප්‍රජාවකුත් අප අතර ඉන්න නිසා. ඒ වගේම පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තේරීපත්වෙච්ච, ජනාධිපතිවරයෙක් බලයෙන් පහකරන්න, කඩාකප්පල්කාරී ක්‍රියා අරගල කරපු සෙට් එකක්, සමහර කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමේ හේතුවෙන් අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරාම ඒ අත්වැල් අල්ලපු බෝඩ් උස්සපු කණ්ඩායම සාමූහිකවම උසාවියට ගිහිල්ලා, කතා කරලා ඇපත් අරන් දීලා, උසාවි භූමියේදිම දෙපෙළ හැදිලා අත්පුඩි ගගහා එක් කරගෙන ආපු හැටිත් මතකයි.

ගල්කිස්සේ උසාවි සිද්ධියට මුහුණ දීපු තරුණ නීතිඥයත් එහෙම හිටියද නැද්ද කියලා අපි දන්නේ නෑ. ඇප හම්බවුණාට පස්සේ කොස්තාපල් කර උඩ තියාගෙන, නීතිඥවරුන්ට විරුද්ධව සටන් පාඨ කිය කියා, මිනිස්සු උසාවි භූමියේ දොරටුව අසල ඉඳලම, එළියට බැස්ස තැන ඉඳන්, පෙළපාළි යනකොට, එදා තමන් උසාවි භූමියේ දෙපෙළ හැදිලා අත්පුඩි ගහලා, කට්ටිය නිදහස් කරගෙන ගිය හැටි, සමහර විට නීතිඥවරුන්ට මතක් වෙන්න ඇති.

පොලිසියේ එක්කෙනෙක් යුනිෆෝම් එක ගලවලා අරගලකාරයන්ට එකතු වෙලා ඒ දවස්වල වීරයෙක් වුණු විදියත් මතකයි. හැබැයි මහින්ද රාජපක්ෂ එදා බලයට පත්නොවුණා නම් අර ගල්කිස්සෙ උසාවියේ සිද්ධිය වගේ දෙයක් වෙන එකක් නැහැයි කියලත් වෙලාවකට මට හිතෙනවා.
ඇයි දන්නවද මම එහෙම කියන්නේ?

එදා මහින්ද දිනුවේ නැත්නම් මේ වෙනකොට ගල්කිස්ස හරියෙ තියෙන්නෙත් එල්ටීටීඊ උසාවියක් එල්ටීටීඊ පොලිසියක් වෙන්න පුළුවන්. එහෙම වුණානම් ඔය විදියට නීතිඥවරු, පොලිස් කොස්තාපල්ලා ගහගන්න යන එකක් නෑ. මොකද ප්‍රභාකරන් දරුණු මිනිහෙක්නේ. මිනිහට ඔහොම එකක් ආරංචි වුණා නම් පොලිස් කොස්තාපලුයි නීතිඥවරයයි දෙන්නම ගෙනැල්ලා කටේ සයිනයිඩ් කරල් දෙකක් ඔබන්න ඉඩ තියෙනවා. ඒ බයට ඒගොල්ලෝ ගහ බැණගන්න එකක් නෑ.

ඒ නිසා හෙට අනිද්ද වෙනකොට කවුරු හරි කියාවිද දන්නෙත් නෑ, ‘අපරාදේ මහින්ද යුද්දේ ඉවර කරපු හින්දා තමයි මේ වගේ සිද්ධි ලංකාවේ වෙන්නේ….’ කියලා. එහෙම කිව්වත් අපි නම් පුදුම වෙන්නේ නෑ වර්තමානයේ ඉන්න අසමජ්ජාති එවුන් කියන කතා ඇහුවාම.
ප්‍රභාකරන් මහින්ද මහත්තයාගෙන් සල්ලි අරගෙන මැරුම්කෑවා කියන එකත් විශ්වාස කරන එවුන් සහ ඒ වගේ පාහර කතා කියන එවුන් ඉන්න රටක් නේ මේක. ඒක වෙන්නැති අපි ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි…
ලංකාවයි ශ්‍රී ලංකාවයි…’ කියන්නේ.
තවත් මොන කතාද…?

ලාල් ද අල්විස්

SendShareShare
Previous Post

බලවත් ගුරු 18 මාරු වුණා! ලග්න 12ටම සුබ-අසුබ දෙකම! Sri Lanka Latest News

Next Post

BYD වාහනවල ලොකු අවුලක්! විකුණපු වාහන 115,000ක් ආපසු කැඳවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.