හෝම්ලෑන්ඩ් සමාගම විසින් කොළඹ තුම්මුල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇති ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ තට්ටු 40ක නිවාස සංකීර්ණය සදහා පවතින නීති රීති ඉක්මවා ගොස් සහ පවතින නීතිරීති උල්ලංඝනය කොට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් අවසර ලබා දීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සවිස්තරාත්මක ලිපියක් යොමු කොට තිබේ.Sri Lanka Latest News
ඊයේ (12) දිනයේදී මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කොට තිබේ.
සිය ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ‘විශේෂ ප්‍රාථමික නේවාසික සංවර්ධන කලාපය’ තුළ මෙම ඉදිකිරීම ආරම්භ කොට ඇති බවත්, මෙම ඉඩම ‘මධ්‍ය ඝනත්ව මිශ්‍ර සංවර්ධන කලාපයට අයත් යැයි සලකා ඉතා ශීඝ්‍රගාමී සහ රහසිගත ආකාරයට ඉකුත් අගෝස්තු 01 වැනිදා නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බවත්ය.
ඒ අනුව හෝම් ලෑන්ඩ්ස් සමාගම විසින් මේ වනවිට ඉදිකිරීම් ආරම්භ කොට ඇති ව්‍යාපෘතියට එරෙහිව පසුගිය සෙනසුරාදා දිනයේදී ප්‍රදේශවාසීන් විසින් දැඩි විරෝධය දක්වමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පවත්වා තිබිණ.
මෙම විරෝධයෙන් පසුව ප්‍රදේශය බාර පොලිසිය විසින් මෙම ඉදිකිරීම් පරිශ්‍රයට ගොස් නිරීක්ෂණය කොට ඇති අතර ඉදිකිරීම් සම්බන්ධයෙන් අධිකරණ මාර්ගයන්ට යොමුවන බව දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරය මේ වනවිට අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතට පත් කොට ඇති බැවින් නව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගනු ඇති බවත්, ස්වාධීන විමර්ශනයක් සිදුකොට බලය අවභාවිත කොට ඇති නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ බලාපොරොත්තුව වී තිබේ.
බිමල් රත්නායක අමාත්‍යවරයා වෙත ප්‍රදේශවාසීන් යොමු කළ ලිපිය..


















