කුරුණෑගල නගරාධිපතිවරයා විසින් දෙවන බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන පුරා විද්‍යා ස්ථානයක් කඩා බිද දැමීම සම්බන්ධයෙන් කැදවා ඇති වාර්තාව ප්‍රමාද වනු ඇති බව නාර්තා වේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වාර්තාව කැදවා තිබිණ.
කෙසේවෙතත් මේ වනවිට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද සදහන් කර සිටින්නේ මෙම ස්ථානය පිළිබදව ලිඛිත සාක්ෂි නොමැති බවකි.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනක හෝටලය පවත්වාගෙන ගොස් ඇති ගොඩනැගිල්ල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යැයි මහාවංශයේ හෝ වෙනත් ලිඛිත මූලාශ්‍ර කිසිවක සඳහන්ව නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.
එය බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයක් යයි සඳහන් වන්නේ ජනප්‍රවාදයේ යයිද ඔහු සඳහන් කළේය.










