අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ නඩුවට අදාළව ඇය අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් අද දිනයේදී පෙනී සිටියේ මේ දක්වා ඇය වෙනුවෙන් අධිකරණයට පැමිණි නීතිඥවරයා නොව වෙනත් නීතීඥවරයෙකු බවත් වාර්තා වේ.
සිය සේවාදායිකාව අසනීප තත්වයෙන් පසුවන බව නීතීඥවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.
ඒ අනුව ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වරෙන්තු නිකුත් කළාය.
වැඩිදුර නඩු විභාගය ලබන අගෝස්තු 18 වනදා සිදුකිරීම නියමිතය.










