රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඉරණම විසදුණු ඒ රාත්‍රියේ තාජුඩීන් ගමන් ගත් මෝටර් රථය හඹාගිය පුද්ගලයා අනුර විදානගමගේ හෙවත් කජ්ජාම බව මේ වන විට තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
කජ්ජාගේ බිරිද විසින් සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කර බැලීමෙන් ලබා දුන් සාක්ෂියට පසුව වැඩි දුරටත් කරන ලද විමර්ශනවලින් මේ බව තහවුරු වී ඇති බවයි සී.අයි.ඩීය පවසන්නේ.
කෙසේ වෙතත්, තාජුඩීන් ඝාතනයට සෘජුවම වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට සී.අයි.ඩීයට හැකි වී නැත.
තාජුඩීන් ඝාතනය සිද්ධ වූ කාල වකවානුව තුළ අනුර විදානගමගේ හෙවත් කජ්ජා එවකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ පැවති අමාත්‍යංශයක රියැදුරෙකු ලෙස කටයුතු කර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට තහවුරුකරගෙන ඇති බව වාර්තා වේ.










