ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
ඒ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් ය.
ව්‍යාජ තොරතුරු යොදා ගෙන ලියාපදිංචි කළ වාහන 8 ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පසුගිය සති කිහිපයේදී පොලිස් භාරයට ගැණුනි.
ඒ සම්බන්ධ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වාහන රේගුවට වසන් කර මෙරටට ආනයනය කර පසුව පැරණ වාහනවල චැසි අංකවලට ලියාපදිංචි කර ඇති බවයි.
එම ජාවාරමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ සහය ලැබී ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.
ඇතැම් මොටර් රථ ලියාපදිංචිය සඳහා දත්ත පරිගණකවලට ඇතුළත් කර ඇත්තේ කාර්යාලයීය වේලාවලින් පසුව බවද විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය සඳහන් කළේ ය.
ඒ අනුව අධිකරණ නියෝග මත මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.










