කොළඹ නගරයේ වටිනාකමින් ඉහළ හිස් ඉඩම් රැසක් හෝටල් සහ දැවැන්ත මහල් ව්‍යාපෘති සදහා ලබාදීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව නවම් මාවතේ අක්කර 28ක භූමි ප්‍රදේශයක් සහ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි වටිනා ඉඩම් කිහිපයක් දැනටමත් හදුනාගෙන ඇති බව පැවසේ.
නවම් මාවතේ අක්කර 28න් අක්කර 10ක නිවාස 2200කින් යුත් මහල් නිවාස ව්‍යාපෘතියක් අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකිරීමටද යෝජනා වී ඇත. මෙම නිවාස සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නිවාස අහිමි වන පවුල් වෙත ලබා දීමට නියමිතය.
මේ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා විසින්ද තහවුරු කරනු ලැබ තිබේ.
කෙසේවෙතත් මෙම ඉඩම් ලබා දෙන ආයෝජකයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මහමැතිවරණයෙන් පසු මෙම ව්‍යාපෘති දියත් වීමට නියමිත බව දැනගන්නට ඇත.










