රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ගම්පහ මහාධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.Sri Lanka Latest News
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඉදිරිපත් කොට තිබෙන ඇප අයදුම අද (30) යලිත් සලකා බැලුණා.
ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේදී යි. එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා සිටියා.
එහිදී ඉදිරිපත් වුණු කරුණු සලකා බැලූ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය සැකකාර ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවා.
මේ අනුව ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතුබවට ඇප කොන්දේසි අතර සඳහන් වනවා.










