වැලිගමින් මෑතකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන තොගය, රජයේ රසපරීක්ෂකවරයා විසින් තහවුරු කිරීමේදී ‘මෙෆෙඩ්‍රෝන්’ නමැති මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබේ.Sri Lanka Latest News
දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසන්නේ, මෙම වර්ගයේ මත්ද්‍රව්‍යය රජයේ රසපරීක්ෂකවරයා විසින් වාර්තා කළ පළමු අවස්ථාව මෙය බවයි.
රජයේ රසපරීක්ෂකවරයාගේ වාර්තාවෙන් ‘අයිස්’ වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා මෙෆෙඩ්‍රෝන් භයානක බව හෙළි වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි..
වැලිගම ප්‍රදේශයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන ස්ථානයක් පොලිසිය විසින් වැටළීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍යය සොයාගන්නා ලදී.
පසුගිය සතියේ (21) සිදුකරන ලද වැටළීමකදී 18 හැවිරිදි මෝල්ටා ජාතිකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී පොලිසිය ‘අයිස්’ නිෂ්පාදනය සඳහා භාවිත කළ බවට විශ්වාස කෙරෙන ද්‍රව්‍ය ද අත්අඩංගුවට හත්තේය.










