සිසුන්ගේ ආරක්ෂාව අරමුණු කර ගනිමින් පාසල් සඳහා මේ වන විට ලබා දී ඇති අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පාසල් ජූලි මස 27 වන දා නැවත ආරම්භ කරන අතර එම සතිය තුළ දී පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 වන ශ්‍රේණිවල ළමුන් පමණක් බව එම අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුගේ නිර්දේශ ඊයේ (17) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැත්වුණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹී තිබේ.










