• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාඋයන සෙනසුන ලෙයින් තෙත් කළ අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

September 26, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
නාඋයන සෙනසුන ලෙයින් තෙත් කළ අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අක්කර 5000ක භූමියක හිිමිවරු 300කට වැඩිය වැඩ සිටිනවා Sri Lanka Latest News

කැලෑවේ වැටිලා හිටිය හිමිවරුන් හොයා ගත්තේ ටෝච් එළියෙන්: 
– අනතුර සියැසින් දුටු නාඋයන ගම්මානයේ අසංක සිරිවර්ධන කියයි

ඩක්කුව උඩටම ගියාට පස්සෙ එක පාරම නැවතිලා හෙමීට ඇවිත් පස්සේ වේගයෙන් පහළට ඇවිත් 
– ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින පාදුක්කේ සද්ධාසිරි හිමි

රාත්‍රී නවයට පමණ ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව තියෙන පැත්තෙන් බෝම්බයක් පුපුරනවා වගේ විශාල ශබ්දයක් ඇහිලා තියෙනවා. ඒත් එක්කම මට පණිවිඩයක් ආවා සේනාසනයේ ඩක්කුව පෙරළිලා ලොකු අනතුරක් වෙලා කියලා. මාත් එක්ක ගමේ කිහිපදෙනකුම ඉක්මනින් ඒ ස්ථානයට ගියා. රාත්‍රියේ අධික කළුවරේ වුණත් විශාල අනතුරක් වෙලා කියලා මම දැක්කා. මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදුව තිබූ මාරක අනතුර සියැසින් දුටු නාඋයන ගම්මානයේ පදිංචි අසංක සිරිවර්ධන මහතා අප හා පැවසීය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ මැල්සිරිපුර පිහිටා ඇති නාඋයන ආරණ්‍ය සේනාසනයේ පෙරේදා (24) රාත්‍රියේ සිදුවූ හදිසි අනතුරකින් එහි විසූ භික්ෂුන් වහන්සේ සත් නමක් අපවත් වී හය දෙනෙක් බරපතළ තුවාල ලබා සිටිති. විදෙස් රටවලින් පැමිණ භාවනානුයෝගීව විසූ භික්ෂුන් වහන්සේ තුන් දෙනෙකු සහ ලාංකේය භික්ෂුන් වහන්සේ සිවු දෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව සිටිති. පෙරේදා රාත්‍රී 9.30ට පමණ මේ අනතුර සිදුව ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පන්සියගම පොලීසිය සඳහන් කළේය. ආරණ්‍යයේ ඉහළ කඳු පෙදෙසට ගමන් කිරීම සඳහා සවිකර තිබූ යකඩ ඩක්කුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි භික්ෂුන් වහන්සේ 13 දෙනෙකුගෙන් හත් දෙනකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලද භික්ෂුන් වහන්සේ හය දෙනෙක් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන් දෙදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව ද පැවසේ.

රුසියානු ජාතික ධම්මරක්ඛිත, රුමේනියානු ජාතික ධම්මරංසි, ඉන්දීය ජාතික ධම්මගවේෂි හිමිවරුන් සමඟ ශ්‍රී ලාංකේය උඩවලවේ සත්තසුමන (41) , නාවලපිටියේ උත්තරානන්ද, නුගේගොඩ විපස්සී , මල්වානේගම සමිද්ධි ජීවිතක්ෂයට පත් වූ හිමිවරු වෙති.

එහිදී වැඩිදුරටත් අසංක සිරිවර්ධන මහතා කියා සිටියේ ඒ අවස්ථාවේ එහි සිටි කිහිපදෙනා එක්ව ටෝච් එළියෙන් සහ ඩක්කුව ක්‍රියාත්මක කරන ස්ථානයේ තිබූ පහන් කණුවේ ආලෝකයෙන් පහළ කැලයට වැටී තුවාල ලබා සිටි භික්ෂුන් වහන්සේ මාර්ගයට ගෙන රෝහල් කරා යැවීමට පියවර ගත් බවය.Ó සමහර ස්වාමීන් වහන්සේලා වැටිලා හිටියේ කැලෑව ඇතුළේ. අපි හොයා ගත්තෙත් හරිම අමාරුවෙන්. කිහිපදෙනෙක්ම වැටිලා හිටිය තැන්වලම අපවත් වෙලා ඉන්නවා දැක්කා. ඒ අයට වෙලා තිබුණු තුවාල කියන්නත් බැරි තරම්. ඩක්කුව සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙලා. කෑලි හැම තැනම විසිරිලා තිබුණේ. හරිම කනගාටුදායකයි භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා පිරිසකට මේ වෙච්චි විපත ගැනÓ යැයි ද ඔහු සඳහන් කළේය.

ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන පාදුක්කේ සද්ධාසිරි හිමි.

Òමේ ඩක්කුවෙන් අපේ ස්වාමීන් වහන්සේ නිතරම ඉහළ පහළ ගමන් කරනවා. ඒක කාටත් පුරුදු ගමනක්. මේ වෙලාවෙත් පුරුදු විදිහටම උන්වහන්සේ පිරිසක් ඒකට නැඟලා උඩට ගිහින් තියෙනවා. උඩටම ගියාට පසුව නවත්වන තැනට ඔන්න මෙන්න තියෙද්දී ඩක්කුව එකපාරටම නැවතිලා ආපසු පහළට එන්න පටන් අරන් තියෙනවා. මුලින් හෙමීට ආව ඩක්කුව ඊට පස්සේ නවත්තාගන්න බැරි වේගයෙන් පහළට ඇවිත් කඩාගෙන ගිහින් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.

වනවාසීව වැඩ වසමින් භාවනායෝගීව වෙසෙන භික්ෂුන් වහන්සේ සෑම දිනකම සවස් වරුවේ තම භාවනා කුටිවලින් නික්ම පහළින් ඇති ආරණ්‍ය සේනාසනයේ නාහිමියන් වෙසෙන කුටියට පැමිණ උන්වහන්සේ සමඟ ධර්ම සාකච්ඡා ආදියේ යෙදෙමින් සිට රාත්‍රී 9.00ට පමණ ආපසු තම කුටි කරා යාම සුපුරුදු චර්යාවයි.

ඩක්කුව ගම­න්ගත් මාර්ගය.

ඩක්කුව ගම­න්ගත් මාර්ගය.

ඒ අනුව පැමිණි භික්ෂුන් වහන්සේ 13 දෙනෙකු ඉහළ කඳු මුදුනේ පිහිටි තම කුටිවලට යෑමට පහළ කොටසේ සවිකර ඇති ඩක්කුවෙන් ගමනාරම්භ කර ඇත. මෙය විදුලියෙන් ක්‍රියාත්මක කරන හය දෙනකුට පමණ ගමන් කිරීමට සුදුසු ලෙස සකසා තිබූවක් බව කියවේ. නමුත් එදින එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේ 13 දෙනකු ගමන් කර ඇති බව ද, දැරිය නොහැකි බර හේතුවෙන් ඉහළටම නැග ගිය ඩක්කුව ආපසු වේගයෙන් පහළට ගමන් කිරීමෙන් මේ මාරක අනතුර සිදුව ඇති බව ද පොල්පිතිගම පොලීසිය සඳහන් කළේය. ඩක්කුවට සවිකර ඇති යකඩ කේබල් කැඩී යෑමෙන් අනතුර සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබේ.

අධික ආනතියක් සහිත බෑවුමක් ඔස්සේ යකඩ පීලි මත සකසා ඇති එම ඩක්කුව එය ගමන් ආරම්භ කරන ස්ථානයෙනුත් පහළට මීටර් 100ක් පමණ දුරකට ගොස් නැවතී තිබෙන ආකාරය දැකගත හැකි විය. අනතුරින් ඩක්කුව සම්පූර්ණයෙන්ම විනාශයට ලක්ව තිබේ. වනයේ ඇති ගස්වැල්වල වැදීමෙන් බරපතළ තුවාල ලද භික්ෂුන් වහන්සේ දෙනමක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පැවසේ. මේ අනතුර දැනගත් එහි සිටි අනෙකුත් වනවාසී හිමිවරුන් සහ ප්‍රදේශයේ ජනතාව එක්ව තුවාලකරුවන් පොල්ගොල්ල දිසා රෝහලට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් එහිදී අනෙක් භික්ෂුන් වහන්සේ පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත.

1920 දී පමණ ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මේ ආරණ්‍ය සේනාසනය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම නිකායට අනුබද්ධ ආරණ්‍ය සේනාසනයකි. එය භික්ෂූන් වහන්සේ 300කටත් වඩා වැඩි පිරිසකට වාසස්ථානය සපයමින් කරණම්පොත කඳුයායේ අක්කර 5000ක පමණ විශාල බිම් ප්‍රදේශයක පැතිර පවතින ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ආරණ්‍ය සේනාසනය ලෙස සැලකේ. එගොඩ බෝධිරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක ලෙස පැවිදි දිවියට පත් ඒ ආසන්නයේම පිහිටි ඉමිහාමිනේගම උපන් නාඋයනේ අරියධම්ම හිමියන් මේ ආරණ්‍ය සේනාසනය වැඩිදියුණු කළ බව පැවසේ. ඉතාම සිල්වත් භික්ෂුවක වන උන්වහන්සේ යම් ඵලයක් ලැබූ හිමිනමක ලෙස ද ප්‍රකටව සිටි හිමිනමකි. නාඋයන ආරණ්‍ය සේනාසනය මෙරට මෙන්ම විදෙස් රටවල ද ඉතා ප්‍රසිද්ධ වූයේ අරියධම්ම නාහිමියන් නිසා බව පැවසේ. මීට වසර 10කට පමණ ඉහතදී අපවත් වනවිට උන්වහන්සේ 78 වැනි වියේ පසු වී ඇත.

අඟුල්ගමුවේ අරියන්නන්ද නාහිමියෝ මේ සේනාසනයේ වත්මන් නායකත්වය දරති. නාඋයන ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ මෙහෙණින් වහන්සේලා වෙසෙන ධම්මිකා ආශ්‍රමය ඒ ආසන්නයේ තවත් සුන්දර පරිසරයක පිහිටා තිබේ. මඩහපොළ ධර්මායතනය නම් භික්ෂු පුහුණු මධ්‍යස්ථානය ද මීට අයත් වූවකි.

ඩක්කුවේ විනාශ වූ කොටස්.

ඩක්කුවේ විනාශ වූ කොටස්.

මෙහි ඉහළ කඳු මුදුනේ ද භාවනා කුටි රැසක් තිබෙන අතර එම ස්ථානයට ගමන් කිරීමට තිබෙන දුෂ්කරතාව මත ගමන් පහසුව සඳහා යකඩ කේබල් යොදා සකසන ලද ඩක්කුවක් ක්‍රියාත්මක කර තිබී ඇත. ඉහළ කඳු කොටසේ ඉදි කෙරෙන භාවනා කුටි ඉදිකිරීමට අවශ්‍ය ගල් වැලි ප්‍රවාහනය මෙන්ම ඉහළ කොටසේ භාවනානුයෝගීව වෙසෙන භික්ෂුන් වහන්සේ ප්‍රවාහනය සඳහා ද මේ ඩක්කුව භාවිත කර තිබේ.

මීට වසර දහයකට පමණ ඉහතදී මේ ඩක්කුව ඉදිකර තිබෙන අතර, මෙතෙක් එය ක්‍රියාකාරීත්වයේදී කිසිම අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක්ව නැති බව ද පැවසේ. නමුත් මෙය නිසි නඩත්තුවකට ලක් නොවීමෙන් සහ දැරිය නොහැකි බරක් ප්‍රවාහනය කිරීමට සිදු වීමෙන් මේ අවාසනාවන්ත සිද්ධිය වන්නට ඇති බව පොලීසිය සැක කරයි. එසේම මෙය ඉහළ ඉදිකිරීම් කටයුතු සඳහා ගල්වැලි රැගෙන යාම හේතුවෙන් ද එහි ඇති යකඩ කේබල්වලට හානි සිදුව තිබෙන්න ඇති බවට ද සැක කරයි.

මහව මහේස්ත්‍රාත් එස්.එම්.ඒ.ජී. සෙනෙවිරත්න මෙණෙවිය සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කර මරණ පරීක්ෂණය පැවැත්වූවාය. අනතුරුව රෝහල්වල තබා ඇති මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද අනතුර සිදුව තිබූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතුවලට නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාල්ලගේ සහ පන්සියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසුන්දර මහත්වරුන්ට උපදෙස් දුන්නේය. වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තුවාල ලැබූ හිමිවරුන් දැක ගැනීමට ගොස් සුවදුක් විමසා අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගත්තේය.

මැල්සිරිපුර පන්සියගම සුන්දර පරිසර පද්ධතියක් ඇති නාඋයන ආරණ්‍ය සෙනසුන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, පන්සියගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති නාඋයන ආරණ්‍ය සේනාසනය දෙස් – විදෙස් බෞද්ධ ජනතාවගේ ඉමහත් භක්තියට ලක්වූ ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගැනීමකට ලක්වූ ආරණ්‍ය සේනාසනයකි. ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම නිකායට අයත් fua සේනාසනය වර්ෂ 1920 දී පමණ පිහිටුවන ලද්දකි. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ආරණ්‍ය සේනාසනය ලෙස සැලකෙන මෙය සුන්දර කරණම්පොත කඳුවැටියේ පිහිටා ඇති අක්කර 5000කට ආසන්න විශාල භූමියක පැතිර පවතින සුවිසල් භාවනා මධ්‍යස්ථානයකි. පන්සියගම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියළි කලාපීය දේශගුණයකට උරුමකම් කීව ද ආරණ්‍ය සේනාසනයේ ඉහළට යනවිට ඇත්තේ නුවරඑළියේ සීත දේශගුණයට සමාන අපූරු පරිසර පද්ධතියකි. මේ වනවිට මෙහි දේශීය මෙන්ම චීනය, තායිලන්තය, මියන්මාරය, ලාඕසය, කාම්බෝජය, ඉන්දියාව, එංගලන්තය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම වැනි විදෙස් රටවලින් පවා පැමිණි 150කට ආසන්න විදේශීය භික්ෂුන් වහන්සේ භාවනානුයෝගීව සිටිති. මේ වනවිට නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වෙසෙන සමස්ත භික්ෂුන් වහන්සේ සංඛ්‍යාව 350කට ආසන්න බව පැවසේ. දෙස් – විදෙස් දානපතියෝ මෙහි කටයුතු පවත්වාගෙන යෑමට ආධාර උපකාර කරති.

අප­වත් වී ඇති හිමි­ව­රුන්
1. රුසි­යානු ජාතික – 01
ගිහි නම- BEPKAWAHCKNN VERKASHANSKIY
පැවිදි නම – ධම්ම­ර­ක්ඛිත හිමි
2. රුමේ­නි­යානු ජාතික – 1
ගිහි නම – GAVRILA LAURENTIU GHEORGHE.
පැවිදි නම – ධම්ම­රංසි හිමි
3. ඉන්දීය ජාතික – 01
ගිහි නම- WAGHDHARE PRADIP.
පැවිදි නම – ධම්ම­ග­වේෂි හිමි
මිය­ගොස් ඇති ශ්‍රී ලාංකේය හිමි­ව­රුන්ගේ නම්
4. උඩ­ව­ලවේ සත්ත­සු­මන හිමි
5. නාව­ල­පි­ටියේ උත්ත­රා­නන්ද හිමි
6. නුගේ­ගොඩ විපස්සී හිමි.
7. මල්වා­නේ­ගම සමිද්ධි හිමි

මීටර් 100ක් පමණ පහ­ළට වීසිවී තිබූ ඩක්කුවේ තට්ටුව.

මීටර් 100ක් පමණ පහ­ළට වීසිවී තිබූ ඩක්කුවේ තට්ටුව.

වයඹ පළාත් ආණ්ඩු­කාර තිස්ස වර්ණ­සූ­රිය මහතා තුවා­ල­ක­රු­වන් බැලී­මට පැමිණි අව­ස්ථාව.

වයඹ පළාත් ආණ්ඩු­කාර තිස්ස වර්ණ­සූ­රිය මහතා තුවා­ල­ක­රු­වන් බැලී­මට පැමිණි අව­ස්ථාව.

දිනමිණ ඇසුරින්.

SendShareShare
Previous Post

එයා කැමැත්තෙන් දුන්නා..! මම කැමැත්තෙන් දුන්නා කියලා බේරෙන්න බෑ! ඒකත් අල්ලසක්.. දූෂණයක්..! අල්ලස් කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්! රේගුව ගැනත් අප්‍රසාදය! I Sri Lanka Latest News

Next Post

සෞදි අරාබියේ 95 වැනි ජාතික දිනය සැමරීමට විපක්ෂනායක සජිත් එක්වෙයි! රාජ්‍යතාන්ත්‍රික සබධතාවලටත් අවුරුදු 50යි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.