• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාටත් සෙකන්ඩ් නොවූ මරදානේ චොප්පෙ! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාටත් සෙකන්ඩ් නොවූ මරදානේ චොප්පෙ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වගේ නීතිය අතට ගත්ත කෙරුම්කාරයෝ ගැන පසුගිය සියවසේ මුල් කාලේ ඉඳන්ම අපට අහන්න ලැබෙනවා. හැබැයි ඉතින් මේගොල්ලෝ චණ්ඩි පාට් දැම්මේ අතේ පයේ හයියෙන්, නැත්නම් කඩු පොලු අරගෙන මිසක් අද වගේ තුවක්කුවලින් නම් නෙවෙයි. මේ අතරින් මරදාන චොප්පෙ කියන්නේ කොළඹ විතරක් නෙමෙයි, එදා රටම දන්න චණ්ඩියෙක්. චොප්පේ මැරිලා දශක පහක් පමණ වුණත්, අදටත් කොළඹ මරදාන අවට ජනතාව චොප්පෙ ගැන කතාවෙනවා. එදා මරියා කඩේ කියන වත්මන් මරදාන තමයි චොප්පෙගේ උපන් බිම වුණේ. දැන් හරියට කියන්නේ ඩීන්ස් පාර කියලා. අද නම් මහල් ගොඩනැගිලි, සාප්පු නිසා දැනට දශක හය හතකට ඉහත පැවැති ස්වරූපය වෙනස් වෙලා. චොප්පෙ අයියාගේ දරුවෝ නම් තවමත් මරදානේ ජීවත් වෙනවා. කිත්සිරි රාජපක්ෂ කියන්නේ චොප්පෙ අයියාගේ දෙවැනි දරුවායි. ඔහු කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසත් කටයුතු කළ කෙනෙක්.Sri Lanka Latest News

වර්ෂ 1935 පෙබරවාරි හතර වැනිදා තමයි මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ උපත ලැබුවේ. ඔහුට සහෝදරයන් සතර දෙනකු සිටියා. ලෝඩ්, ප්‍රියන්ත, මුනිදාස, පොඩි මහත්තයා ඒ හතර දෙනායි. ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙගේ පියාගේ නම මනුවෙල් රාජපක්ෂයි. චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාසලේ පහේ පන්තිය දක්වා පමණයි. පසුව හොඳ ව්‍යාපාරිකයකු වූ මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපතිගේ කේ. කරුණාදාසත් චොප්පෙගේ පන්ති මිත්‍රයෙක්. බාල කාලයේ සිටම ශරීර ශක්තිය ගැන චොප්පෙ නම්දරා සිටියා. ඔහුගේ අත් දෙක, කකුල් දෙකේ දණ හිසෙනුත් පහළට දික්ව තිබුණා. ඒ හින්දා කෙනකුට දුර සිටම දරුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාවක් ඔහු සතු වුණා. දකුණු කකුල ඉහළට නවා බෙල්ල වටේ ඔතාගැනීමේ විස්මිත හැකියාවක්ද චොප්පෙට තිබූ බව කියැවෙනවා. කෙසේ වෙතත් ඉගෙනීමට කිසි උනන්දුවක් නම් ඔහුට තිබී නැහැ. උදේ හය වනවිට පාසලට යන ධර්මදාස ඇතුළු මිතුරු පිරිසගේ ප්‍රියතම ක්‍රීඩාව වුණේ තාච්චි පැනීමයි. ක්‍රීඩා පිටියේ ඉර මැද සිටින ධර්මදාස පසුකර යාමට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැහැ. ඔහු දිගු අත්වලින් අල්ලා ප්‍රතිවාදියා මෙල්ල කරගන්නවා. මේ නිසා බාල කාලයේම ඔහු පාසලේ ප්‍රකට චරිතයක් වී සිටියා.
මේ පවුලේ පිරිමි පස්දෙනාම චණ්ඩින් විදිහටයි ලොකු මහත් වුණේ. ඔවුන් කවුරුවත් උසස් අධ්‍යාපනයක් ලැබූ අය නොවෙයි. මේ පස් දෙනාටම ඒ කාලේ මිනිස්සු බයෙන් හිටියා. චොප්පෙ තමයි ඒ චණ්ඩි රැළේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ. 1960 දශකයේ මුළු මරදාන ප්‍රදේශයම එනම්, ශාන්ත බස්තියම, කුප්පියාවත්ත, පරණ වාඩිය, ස්ටොක්වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ චොප්පෙ අයියා බව පැවැසෙනවා. චොප්පෙ අයියා ඉන්න කාලේ මරදානේ හොරු, කප්පම්කාරයෝ සිටියේ නැති බවත් අදත් වැඩිහිටියන් කියන කතාවක්. ඔහුට කඩවසම් සිරුරක්ද නිර්භීත සිතක්ද පැවැති බවයි කියැවෙන්නේ. ඒ කාලේ ඔහුගේ සහයෝගය ලබාගැනීමට ධනවතුන්, දේශපාලන බලවතුන් පවා පැමිණි බව නොරහසක්.

එකල චීන අඩි නම් සටන් කලාව ජනප්‍රිය වූ කාලයක්. ඔහු දක්ෂ චීන අඩිකාරයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. චොප්පෙ අයියා චීන අඩි සටන් කලාව හදාරා තිබෙන්නේ මරදානට නුදුරු කෙහෙල්වත්තේ චීන අඩි සයිමන් අයියාගෙන් බවයි පැවැසෙන්නේ. බිම සිට අහසට පැන වේගවත් අහස් ප්‍රහාර එල්ල කර සතුරා අඩපණ කිරීමට ඔහු සමත්ව තිබෙනවා. ඒ දිනවල වාර්ෂිකව පැවතුණු බොරැල්ල කානිවල් දැක්ම විශාල පිරිසක් එක්වුණු ස්ථානයක් වුණා. එහිදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනඅඩි ගහගන්නා බවත්, එය නැරඹීමට ජනතාව පොරකමින් පැමිණෙන බවත් කියැවෙනවා. ඔහු බිලියඩ් ක්‍රීඩාවටත් විශේෂ දස්කම් දැක්වූ බව පැවැසෙනවා.

චොප්පෙ අයියා තම මිතුරන් සමග රවුම් ගැසුවේ 2 ශ්‍රී 4016 දරන මොරිස් මයිනර් කාර් එකකිනි. එහි හිමිකරු වුණේ මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාසයි. මදාවි සෝමේ හෙවත් අඹවත්ත හේවාගේ සෝමපාල, ජෙෆ්රි නානා, බෙනඩික් අයියා, මාලිගාවත්තේ ජෝපි වගේ අය ඔහුගේ දාමරික පිරිස නියෝජනය කළා. මදාවි සෝමේ 1964 දී වේගයෙන් ගමන් කළ වෑන් රථයකින් බිමට පැනීමෙන් මියගොස් තිබෙනවා. සීනිමල්ලි, මාෂල් සර්පීනු, හර්මන් වැනි දාමරිකයන්ද එකල කොළඹ ජීවත් වුණා.

1960 දශකය ගාමිණී ෆොන්සේකා රංගනයෙන් කිරුළු දැරූ සමයයි. ගාමිණීගේ සටන් ජවනිකා සහිත චිත්‍රපට තිරගත වුණේ ආදායම් වාර්තා තබමින්. මේ අතර ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ගාමිණී ප්‍රධාන චරිතය රඟපාන ‘චණ්ඩියා’ චිත්‍රපටයට 1965 තිරගත වූ, සහාය නළුවන් සෙවීමට ගාමිණී ෆොන්සේකා කටයුතු කරමින් සිටියා.

මෙහි සහාය චරිතයකට සැබෑ චණ්ඩියෙක් යොදාගැනීමට ගාමිණීට අදහසක් තිබුණා. මේ නිසා ඔහු මරදානට ඇවිත් චොප්පෙ හමුවූ බව පැවැසෙනවා. එහිදී, ‘මොකක්ද රඟපාන්න තියෙන්නේ?’ යනුවෙන් චොප්පෙ අසා තිබෙනවා. ‘ෆයිට්වලදී මගෙන් ගුටි කන්න තමයි වෙන්නේ’ යැයි ගාමිණී එවිට පවසා ඇති අතර, චොප්පෙ එයට අකැමැති වී තිබෙන්නේ චිත්‍රපටවල වීරයා ගාමිණී වුණත් තමන් කාගෙවත් අතින් රඟපෑමේදීවත් ගුටිකෑමට කැමැති නැති බව කියමින්. ඒ අතරම චිත්‍රපටයේ කඩු කිණිසි සටන්වලට හා අතින් පයින් ගහන විට අවශ්‍ය උපදෙස් චොප්පෙගෙන් ගාමිණී ලබාගත් බවටත් කතා තිබෙනවා. ‘චණ්ඩියා’ තිර පිටපත ලිවීමටත් ටයිටස් තොටවත්ත මරදානේ ඇවිද එකල සිටි චණ්ඩීන්ගේ හැසිරීම් නිරීක්ෂණය කර තිබෙන බවත් සඳහන් වෙනවා.

චොප්පෙ යනු තම නියම නමින් කිසිවකුත් හඳුනන චරිතයක් නොවෙයි. ඔහු පොලිස් නිලධාරීන්ට නිතර අරියාදු කළ බවත්, මේ නිසා පොලිසිය ඔහු සමග නොහොඳින් සිටි බවත් කියැවෙනවා. පොලිස් නිලධාරීන් සමග ආරවුල්වලට ගොස් ඔවුන්ට පහර දීමත් චොප්පෙ සිදුකර තිබෙනවා. පොලිසියට නොබියව පහර දුන් කෙනා සාමාන්‍ය ජනතාව අතර වීරයෙක් වී තිබෙනවා. එය හරියට උතුවන්කන්දේ සරදියෙල් චරිතයේ නූතන පිළිබිඹුවක් වගේ.

චොප්පෙ හැමදාම රෑට පාපැදියක නැගී පාර දිගේ පැදයාම සිරිතක් කොටගෙන සිටියා. විදුලි පන්දමක්ද එළිය කරගෙන තමයි ඔහු රෑට යන්නේ. මේ නිසා හොරු සහ අපරාධකරුවන්ගෙන් මරදාන බේරී තිබුණු බවත් කියැවෙනවා. සමහර අවස්ථාවලදී පොලිසියත් ඔහුගේ සහාය ලබාගෙන ඇතැයි පවසනවා. ඒ අතරම නීතිය අතට ගෙන නඩු විසඳීමත් ඔහු කළා. අවට ජනතාව අසාධාරණකම්වලට පිහිට පතා පැමිණියේ චොප්පෙ අයියා ළඟටයි.

මේ අතර පොලිසිය චොප්පෙට නිතර චෝදනා එල්ල කර නඩු පවරා තිබෙනවා. එහෙත් පොලිසිය ගත් උත්සාහය නිෂ්ඵල වී තිබෙන්නේ පැමිණිල්ල ගොනුකළද සාක්ෂි දීමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම නිසයි. මේ අතර චොප්පෙගේ බලවත් බව තවත් එක්තරා අපරාධකරුවන් පිරිසකට තර්ජනයක් වී තිබුණා. ඔවුන් රහසිගතව සංවිධාන වෙමින් තිබුණේ මේ පුද්ගලයාගෙන් පළිගැනීමටයි. දිනක් වේ.වී. අබේ ගුණවර්ධන කියන ප්‍රවීණ පත්තර කතුවරයාගේ පාකර් පෑනක් බම්බලපිටියේදී පික්පොකට් ගසා තිබෙනවා. පාකර් කියන්නේ ඉතා වටිනා පෑනක් නිසා ඔහු ඒ ගැන පැමිණිලි කිරීමට බම්බලපිටිය පොලිසියට ගියා. ‘අපිට කියලා වැඩක් නැහැ. මරදානේ චොප්පෙට කියලා බලන්න’ පොලිසියේ පිළිතුර වුණා. වේ.වී. අබේගුණවර්ධන මරදානට පැමිණ චොප්පෙ අයියා හමුවුණා. විස්තර විමසූ චොප්පෙ පැවැසුවේ පසු දින උදේ අටට පැමිණ ඔහු හමුවන ලෙසයි. චොප්පෙ අයියා ඒ සැණින් බම්බලපිටියේ පාලට පණිවුඩයක් යැව්වා. බම්බලපිටියේ චණ්ඩියා වුණේ පාලයි. හිතවත් මහත්මයකුගේ පාකර් පෑනක් අද බම්බලපිටිය හන්දියේදී පික්පොකට් ගසා ඇති බවත්, එය සොයාදෙන ලෙසත් ඔහු පැවැසුවා. පසු දින වේ.වී., චොප්පෙ හමු වීමට ගියා. එවිට නැති වූ පාකර් පෑන ඔහුට ලැබුණා.

එකල කොළඹ 10, මරදාන පාරේ අංක 493, දෙල්ගහ යට ගෙදර විසුවේ සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්නයි. ඔහු එවකට නාලන්දා විද්‍යාලයේ තරුණ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් තමයි සිටියේ. ඔහුගේ පාසලේ සමාජ වැඩ සහ ජනප්‍රියත්වය තවත් පිරිසක් කෝපගැන්වීමට සමත්ව තිබුණා. ඔහුව මැරීමටත්, තවත් ගුරුවරුන් දෙදෙනකුට තුවාල කිරීමටත් කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණේ චොප්පෙටයි. ඒ ගැන චොප්පෙගේ අසල්වැසි නිවසක පදිංචි ශිෂ්‍යයකුගෙන් ආරියරත්නට දැනගැනීමට ලැබුණා. ආරියරත්න හමුවූ චොප්පෙ, ඔහුගේ උසස් අරමුණු දැනගෙන, කොන්ත්‍රාත්තුව ඉවතට දමා, ඔහු සමග මිත්‍ර වූ කතාවද ප්‍රකට සිද්ධියක්.

චොප්පෙට එරෙහි සතුරු පිරිස අවසානයේ ජය ගත්තා. 1968 ඔක්තෝබර් 16 දින පිහිවලින් කපා කොටා ඔහු ඝාතනය කර තිබුණා. අවසානයේ චොප්පෙටත් අත්වුණේ සෑම චණ්ඩියකුටම මෙන්ම අත්වන මහාමග අකල් මරණයක්. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 33ක් පමණයි. ඔහුගේ මරණයෙන් පසු දරුවන්ට පියෙකු අහිමි වුණා. බිරිඳට සැමියා අහිමි වුණා. ඔහුගේ අවමඟුල් උත්සවය මහත් උත්සවාකාරයෙන් පවත්වා තිබෙනවා. මරදානෙන් පමණක් නොවෙයි, තවත් බොහෝ පැතිවලින් ජනතාව එයට එක්වූ බව වාර්තා වෙනවා. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙනයන අවමඟුල් පෙරහැරට මල් ඉසිනු ලැබුවා. චොප්පෙගේ අවමඟුල් උත්සවයේ ස්තුති කතාව කළේ ගාමිණී ෆොන්සේකා බව සඳහන් වෙනවා.

Niraye Gini Mada

SendShareShare
Previous Post

UN නොගිය ලංකාවේ ජනාධිපතිවරු දෙන්නා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

Next Post

දවස් 55ක් පාරට බැහැලා ඉන්න මන්නාරමේ මිනිස්සුන්ගේ විරෝධය නොතකා යෝජිත සුළං බලාගාරයට මහරෑ දැවැන්ත ටර්බයින අරන් එයි! ජනතා විරෝධය උත්සන්න වී පොලිසිය එක්කත් ලොකු කලබලයක්! තුන්දෙනෙකුට තුවාල! මීට කලින් ජනාධිපති එක්ක කරපු සාකච්ඡාවේදී මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීමේ තීන්දුව ගැන නැවත සිතා බලනවා කියලා ජනාධිපතිතුමා පොරොන්දුවකුත් දීලා තිබිලා! VIDEO I  Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.