• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදවතට එකඟව ගමනක් යාමට අනුර එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ලෝක නායකයන්ට ආරාධනා කරයි! දූෂණයේ භයානක පැත්ත ගැනත් පෙන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 25, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
හදවතට එකඟව ගමනක් යාමට අනුර එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ලෝක නායකයන්ට ආරාධනා කරයි! දූෂණයේ භයානක පැත්ත ගැනත් පෙන්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.Sri Lanka Latest News

එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ හඩ නඟන බවද අවධාරණය කළේය. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා දැඩිව බලපෑම් කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව වෙත සියලුදෙනා අවතීර්ණ විය යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, ගෝලීය ගැටලු රැසක් නිර්මාණ කර ඇති දුප්පත්කම පිළිබඳව සිය කතාව තුළ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇති නැති පරතරය සහ දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළයුතු බවද සඳහන් කළේය.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී ඇති ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවරද මෙහිදී ගෙන හැර දැක් වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, දේශපාලනයට සහ සමස්ථයක් ලෙස ලෝකයේ යහපැවැත්මට තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට එක්වන ලෙසද ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

ජාවාරම්කරුවන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවලට සංක්‍රමණය වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරවීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ අවධානයට යොමු කළේය.

සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතු වන දූෂණය සංවර්ධනයට බාධාවක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණයට එරෙහි සටන අසීරු පියවරක් වුවත් මතු පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාව එය ආරම්භ කර තිබෙන බවත්, දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතු බවත් යෝජනා කළේය.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරා ගත් ශ්‍රී ලාංකික ජනතාව අද ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සඳහා වූ ප්‍රායෝගික දැක්ම වටා එක්ව ඇති බවද මෙහිදී වැඩිදුරටත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවත්, ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබෙන බවත් ඒ සියල්ල පියවරෙන් පියවර ජය ගනිමින් සිටින බවත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කකාව පහත දැක් වේ.

සභාපතිතුමියනි, ගෞරවනීය ආරාධිතයිනි, සම්භාවනීය නියෝජිතයිනි,

ලෝකයේ ජාතීන් අතර සාධාරණ සහ කල්පවතින සාමයක් ස්ථාපිත කිරීමේ සහ පවත්වා ගෙන යාමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන බිහි කළ මෙම සුවිශේෂී සංවිධානයේ 80 වන සැසිවාරයේ සභාපතිනිය ලෙස තේරී පත් වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනියේ අතිගරු අන්නලේනා බෙයර්බොක් මැතිනියට මම උණුසුම් සුභාසිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයම මවිතයට පත් කරන භූගෝලීය සහ සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරූන්හි අතිගරු ෆිලෙමොං යැං හිටපු සභාපතිතුමා ලබා දුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

සාමයෙන්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශ්වික ගමන් මඟ සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී
අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමුවරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙනවා.

ඔබ අප සෑම කෙනාම මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙනවා. මගේ රට වන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව අප වෙත පවරා දුන් ඓතිහාසික වගකීම අපි සියලුදෙනාගේම උරහිස් මත පැවරී තිබෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතැනක හෝ ජීවත්වන සෑම දෙනාටම බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් සිදු කරනවා.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණ දෙන අතිශයින් බරපතළ ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හදුන්වා දෙන්න පුළුවන්. ඒ මහා ව්‍යසනය හේතු කොට ගෙන නිර්මාණය වූ තවත් බරපතළ ගැටලු කිහිපයක් අප ඉදිරියේ අන්ධකාර පීඩාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ පිළිබඳ මේ සුවිශේෂී සමුළුවේ අවධානය යොමු කිරීම කළ යුතුම බවට මගේ හෘද සාක්ෂිය හඩ නඟා කියනවා. බොහෝ විට මේ සියල්ල ඔබේ හෘද සාක්ෂියටත් අඩු වැඩි වශයෙන් බලපෑම් කරනු ඇතැයි මා සිතනවා.

සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ බහුතරයක් රටවල සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලය ලෙස දුප්පත්කම හඳුන්වා දීමට පුළුවන්කම තිබෙනවා. එය විවිධ මුහුණුවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර අප මේ සමුළුවට රැස්ව සිටින මොහොතේත් මාද ඇතුළු මේ සෑම නියෝජිතයෙකුගේම රටවල්වල අඩු වැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. එහෙත් නැති බැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකය පුරා සිටිනවා.

තාක්ෂණයෙන් පිරිපුන් යැයි උදම් අනන ලෝකයක පාසල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනඟන අත්තිවාරම වෙනවා. අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සලකනවා. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පත්කමට මුහුණදීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. සාමන්‍යයෙන් අඩු ආදායම්ලාභී රටවල සෞඛ්‍ය හෝ අධ්‍යාපන සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයකට වඩා වැඩි අරමුදල් ශුද්ධ පොලී ගෙවීම සඳහා වෙන් කරනවා. පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත් ණය උගුල්වල සිර වී සිටිනවා. මෙම තත්ත්වයට සාධනීය විසඳුමක් අවශ්‍ය වෙනවා. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ කිසිවෙකු අත්හැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දු වී තිබෙනවා.

අද ලෝකය පුරා මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරිමේ අභියෝගය බව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ හඳුනාගෙන තිබෙනවා. 1995දී කෝපන්හේගන්හිදී පැවති සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේදී ගත් තීරණාත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමු කරවනවා. එහෙත් අනපේක්ෂිත යුද්ධ, දේශපාලන ව්‍යාකූලතා වගේම ලෝකයම කුණාටුවට හසු වූ කොවිඩ් වසංගතය නිසා අභිලාෂකාමී න්‍යාය පත්‍රය ව්‍යාකූලත්වයට පත් කර තිබෙනවා. ඒ නිසා ඇති නැති පරතරය, දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළ යුතුව තිබෙනවා.

ගරු සභාපතිතුමිනි, ගෞරවනීය අමුත්තනි, මේ අසිරිමත් ග්‍රහ ලෝකය අස්ථාවරත්වයටත්, ව්‍යාකූලත්වයටත් පත් වන නවමතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවේ පවා තහවුරු කර තිබෙනවා. ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කර තිබෙනවා.

මේවාට සම්බන්ධ කණ්ඩායම්, රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරමින් සිටිනවා. මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට මෙන්ම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා. මේ මහා ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවලට සංක්‍රමණය වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරවීම, මේවාට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු මේ මොහොතේ මම ඔබගේ අවධානයට යොමු කරනවා.

දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි

ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි, දූෂණය සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතුවන ද්‍රෝහී වසංගතයක් ලෙස අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. එහෙත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මා ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ටාචාරයේ විවිධ ජයග්‍රහණ එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටන අසීරු පියවරක්. එහෙත් අපි එම පියවර තැබිය යුතුයි. අප තබන පළමු පියවර අසීරු විය හැකියි. එහෙත් අපි නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමග එනු ඇතැ’යි මම විශ්වාස කරනවා. නිර්භීත වන්න, ඉතිරි සියල්ල ඉබේම සිදු වනු ඇතැ’යි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මම සිහිපත් කරනවා.

මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහනයක් ජීවත් වන පුංචි දීප්තිමත් දූපතක්. ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.3%ක් පමණ වෙනවා. අපේ රටේ සිටින ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව සහ සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. එහෙත් අපේ රටේත්, ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කර තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මම යෝජනා කරනවා.

ඔබ කුමන රාජ්‍යයක් නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙකුම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක් වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතැනක හෝ කෙසේ හෝ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුවත් ඒ මගින් සිදු වන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා එම ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් සිටිනවා.

දශක තුනකට වැඩි කාලයක් යුද්ධයේ කටුක ඇත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණනකගේ සැමරුම් ස්මාරක අසලට පැමිණ ඔවුන්ගේ දෙමාපින්, දූදරුවන්, බිරින්දෑවරු දෑත් එක්කර නඟන වේදනාබර ආයාචනයන් දකින ඕනෑම කෙනෙක් යුද්ධය පිළිබඳ සිහිනයක් දැකීමට පවා අකැමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා. ගැටුම් නිසා මිනිසුන්ට විඳීමට සිදුව ඇති දුක පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී නොතිබුණත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනක දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්ව තිබෙනවා.

දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින් යන පා පන්දුවක් බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලනයේ ඛේදවාචකයක් වෙනවා. තමන්ගේ බලය වැඩි කර ගැනීමට වෙනත් කිසිවෙකුගේ ජීවිතවලට බලපෑම් කිරීමට සහ පීඩා කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවෙයි.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය අපේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන් ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිර කඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂික ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ අපි හඬ නගනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා.

පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්වා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා. 1967 දේශසීමා මත, රාජ්‍ය දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ සහ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක් විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත්ව සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළැඹ සිටිනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත් කරන යුද ගැටුම්වලට, උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතළ ලෙස හේතු වී තිබෙනවා.

වහල්භාවය ආහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත්, වර්ගවාදයේ විෂ තවමත් තැන තැන ඇති බව නැවත නැවත සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී, වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අළු යට ගිනි පුපුරු මෙන් ඉතිරිව තිබීමයි. එහි බිහිසුණුම තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස එම ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලා බවට පත් කිරීමයි.

ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු

ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මිය යන ලෝකයක අපි බිලියන ගණන් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණනක් ජනතාව මරණයේ මාවත තෝරා ගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නැමැති පියාපත් ලැබිය නොහැකිව ලක්ෂ ගණනක් දරුවන් සුසුම් හෙළන විට භූමි ආක්‍රමණය කිරීමට මිලියන ගණනක් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකය ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වන බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. මේ සමුළුවට එක් වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු’යි කියා මා යෝජනා කරනවා.

ඓතිහාසික මැතිවරණයකින් ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහි වූ ව්‍යවස්ථාදායකය විවිධත්වයෙන් සහ විචිත්‍රත්වයෙන් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවැන්ත විශ්වාසයක් තැබුවා. තව අතකින් දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු කාන්තා සහ සෙසු ජාතින් නියෝජනය ඓතිහාසික සන්ධිස්ථානයක් නිර්මාණය කළා.පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජන වාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්වනු ලබනවා.

ඒ වගේම මහජන නියෝජිතයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බවට අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම විය යුත්තේ රට සහ ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අපි විශ්වාස කරනවා.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරා ගත් අපේ රටේ ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාදය ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍ය කෙරෙහි අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අපි ජය ගනිමින් සිටිනවා.

වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපේ නව ඉලක්කයයි. ලෝකය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවලට ප්‍රවේශ විය හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත් තාක්ෂණයට ප්‍රවේශ වීමේ ඉඩප්‍රස්ථා විවර වීම, සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැළැක්විය නොහැකි වෙනවා. එහෙත් එසේ කිරීමට අපි අසමත් වුවහොත් තාක්ෂණයේ අසමානතාව සහ අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇති වීමට තුඩු දෙන තවත් බලවේගයක් වන බව අපි විශ්වාස කරනවා.

ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීමට නොහැකි රාජ්‍ය අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රීම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබ්බට විහිදුණු පරතරයක් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොව පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමට යටිතල පහමුකම් අවම වීම බලපා තිබෙනවා.

වඩා යහපත් ලෝකයක් උදා කර ගනිමු

අපි බොහෝ යහපත් ලෝකයක්, මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනඟා ගත යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරී එස්. ට්රූමන් කළ ප්‍රකාශයක් සිහිපත් වෙනවා. අපි ක්‍රියාකළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කර ගත හැකි මෙන්ම එය වඩාත් සමීප යැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වූ පරපුරක් බවට පත්වීමට මෙම සමුළුවේදී අපි අධිෂ්ඨාන කර ගනිමු.

අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අපි විශ්වාස කරනවා.

නිරෝගී ධරණි තලයක සාමය සහ ගෞරවය සහ සමානාත්මතාව වෙනුවෙන් කැප වෙමු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ලෝකය සැබෑවටම පිළිසකර කරන්නන් වෙමු කියා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

බෙහෙවින්ම ස්තූතියි.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-25

SendShareShare
Previous Post

මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුව කඩා වැටී හිමිවරු 7 නමක් අපවත් වෙති! තවත් 6 නමකගේ තත්ත්වය බරපතළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැති වසන්තව අත්අඩංගුවට ගන්න දීපු නියෝගය පාර්ලිමේන්තුවේදී සැරටම ඇදෙයි! නියෝගය පෙන්වන්න කියා දයාසිරිට අභියෝගයක්! දයාසිරි අභියෝගය භාරගනී! විනාඩි 10න් නියෝගය පාර්ලිමේන්තුවට අරන් එයි! මහින්ද ජයසිංහ උත්තර නැතිවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.