• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි සේවක වර්ජනය මැද්දේ අනුර අලුතින් පිහිටුවන්න යන විදුලි සමාගම් හතරේ අධ්‍යක්ෂවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වයි! වර්ජනයේ නිරත සේවකයන් නගන ප්‍රශ්නවලට උත්තර දෙයි! PHOTOS I Sri Lanka Latest News

September 23, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බවත්, කිසිදු අවස්ථාවක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

මෙරට ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බලශක්ති ස්වාධිපත්‍යය තහවුරු කිරීම රජයේ ස්ථාවරත්වය බවත්, රජයට අවශ්‍ය වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයේ පවතින වියවුල්භාවය නිරාකරණය කර ගනිමින් විධිමත් ආයතන පද්ධතියක් ගොඩනැගීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද කමිටු සාමාජිකයන් සහ විදුලිබල ජනන ලංකා සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීම් ලංකා සමාගම, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඇතුළු අලුතින් ස්ථාපිත කරන ලද සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් නව පරිවර්තනයක් වෙනුවෙන් නව ආයතන පද්ධතියක් අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පැරණි ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් නොවන බවත්, නව ව්‍යුහයක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.

එහිදී දැනට දරන තනතුරු හෝ වැටුප් තල කිසිදු අයුරකින් පහළ නොයන සහ ඉහළට යාමට තිබු බාධා ඉවත් කෙරෙන අන්දමින් කටයුතු කිරීම, සියලු සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම, නව ආයතන ව්‍යුහය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලෙස තිබූ සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම, නව ආයතන ව්‍යුහයට අන්තර්ග්‍රහණය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ලෙස විසඳිය යුතු ගැටලු විසඳා අවසන් කිරීම, බලශක්ති ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සහ පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමක් බවට පත් කර ගැනීම යන මූලධර්ම ආරක්ෂා කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වඩා කාර්යක්ෂමව, අඛණ්ඩව සහ සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවගේ විදුලිබල අවශ්‍යතාව සපුරාලිය හැකි නම් එය රජයේ මෙන්ම සේවකයන්ගේද ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

කෙසේ වුවද, සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය සෑම අවස්ථාවකම සූදානම් බවත්, ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිදු වන්නේ දීර්ඝකාලීනව පැවති ආයතන ව්‍යුහයක් නව ආයතන ව්‍යුහයකට පරිවර්තනය වීම පමණක් බවත්, මෙය විකිණීමක්, රාජ්‍ය අයිතිය අත්හැරීමක්, බලශක්ති ස්වාධිපත්‍යය අත්හැරිමක් නොවන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ලෝකයේ සංවර්ධන මාවත මෙය බවද පෙන්වා දුන්නේය.

නව ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මෙම කටයුතුවලදී දක්වන දායකත්වය වෙනුවෙන් කමිටු සාමාජිකයන් වෙත ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළේය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශයේ ‍ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරුද, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-22

SendShareShare
Previous Post

යෝශිතයි ඩේසි ආච්චියි උසාවි ඇවිත්! Sri Lanka Latest News

Next Post

අනුර රටින් පිටවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper