• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හොරු සමග හෙළුවෙන්..!’ ‘සුදු ඇදගෙන කළු ඇවිදින්..!’ ‘සාදය මාරයි සල්ලි හමාරයි..!’ අනුරට අවුරුද්දයි.. නාට්ටි 3යි…! VIDEO I Sri Lanka Latest News

September 21, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
මුලතිව් මුහුදේ අතරමංව සිට බේරාගත් රෝහින්ග්‍යාවරු 103 දෙනා ආපහු මියන්මාරයට යවන්න ගත්ත තීන්දුව වහාම හකුළාගන්න! ඒක අපේ රටට හරි නෑ! ඔවුන්ගේ ජීවිතවලටත් අවදානමක්! ජාත්‍යන්තර නීතිවලටත් පටහැනියි! මුජිබර් අනුරට ලියුමක් ලියයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස බලයට පත්වෙලා අදට වසරක් ගතවෙනවා. ඒ වගේම පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන තේමාව යටතේ අනුර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණයදී ඉදිරිපත් කළ වැඩිම පිටු සංඛ්‍යාවක් තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයත් රටට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කර තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුවේ ශේෂ පත්‍රය දෙස විමසිමෙන් බලාගැනීමට හැකියාව තිබෙනවා.

2022 ඇතිවුණ ජනතා නැගිටිම හරහා රටේ ගොඩනැගුන බලවේගය හරහා අනුර දිසානායක මහතාට රටේ ජනාධිපති වීමට අවකාශය ලැබුණා. එම ජනතා නැගිටීමත් සමඟ රටේ ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වගේම රටේ ක්‍රමයේ වෙනසක් පිළිබඳව , වංචා දුෂණ නැවැත්වීම පිළිබඳව , නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම , දේශපාලන ප්‍රතිසංස්කරණ රට තුළ ඇති කිරීම , මාධ්‍ය නිදහස තහවුරු කිරීම , ත්‍රස්ථවාදී පනත වැනි පනත් අහෝසි කිරීම , රටේ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැනි විශාල පොරොන්දු ප්‍රමාණයක් රටේ ජනතාවට ලබාදීමට ජාතික ජනබලවේගය කටයුතු කළා. ඒ වගේම ආර්ථික වශයෙන් රටේ ජනතාවට කෙටි කාලීනව පළමු අයවැයෙන්ම සහන ලබාදෙන බව ජනාධිපතිවරයා ජනාධිපතිවරණය තුළදී ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව දෙවැනි වර ඡන්දය ගණන් කිරීමෙන් පසු ජනාධිපතිවරණය ජයග්‍රහනය කිරීමට අනුර දිසානායක මහතාට හැකියාව ලැබුණා. ඉන්පසු ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තු මැතිවරණය හරහා බහුතර බලයක් ලබාගැනීමට ජාතික ජනබලවේගයට හැකියාවක් ලැබුණා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණ ඡන්දවලින් ලක්ෂ 23 ක වගේ ප්‍රමාණයක් ගිලිහි ගොස් තිබුණා. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්දය ලබාදුන්න ජනතාවට ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා.

ඒ වගේම පක්ෂයේ සමාජිකයන්ගේ නඩත්තු වන බවට ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් සමාජය තුළ මතයක් ගොඩනගා තිබුණා. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ සිට ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ දේශපාලන නායකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් වූවාට පසු ඒ සියලුම දේවල් ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබෙනවා. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණට උදව් කළ , ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විශ්වාසය තබාගෙන සිටි සියලුම දෙනා පුදුමයට පත්ව තිබෙනවා.

ඒ වගේම සාදය මාරයි සල්ලි හමාරයි , සුදු ඇදගෙන කළු ඇවිදින් , හොරු සමඟ හෙළුවන් යන නාට්‍යවල නම් වර්තමාන ආණ්ඩුවට ගැලපෙනම නම් තුනක් බවට පත්ව තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලන නායකියන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි වූවාට පසුව පේනවා සුදු ඇදගෙන කළු ඇවිදින් කියලා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව කාලය තුළ ප්‍රධාන වංචා දූෂණ ගණනාවක් සිදුවුණා. ඒ සිද්ධ වුණ කිසිදු වංචා දුෂණයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ඒ අනුව පේනවා හොරු සමඟ හෙළුවන් කියලා. ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් දෙස බැලුවහම පෙනෙන්න තිබෙනවා සාදය මාරයි සල්ලි හමාරයි කියලා.

ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අය කළ වැට් බද්ද ඉවත් කරන බව ජනාධිපතිවරයා රටේ ජනතාවට පෙරොන්දු වුණා. නමුත් ජනාධිපතිවරයා දිවුරුම්
දීලා වසරක් වෙනවා නමුත් අදවන තුරු එවැනි දෙයක් සිදුකරලා නැහැ. ඒ වගේම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම රට තුළ කතා කළා. නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කෙටුම්පත නිර්මාණය කරන්නවත්
තවම ආණ්ඩුව මුලික සාකච්ඡාවක්වත් ආරම්භ කර නැහැ. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපතිධුරය රටට ගෙන එන දවසේ සිට පසුගිය
වසරේ සැප්තැම්බර් මාසයේ 20 වැනිදා වනතුරු ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා. රට විනාශ වුණේ විධායක ජනාධිපතිධුරය නිසා බව ඔවුන් ප්‍රකාශ කළා. රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට නොහැකි වුණේ විධායක ජනාධිපතිධුරය නිසා බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ නිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බව ඔවුන්ගේ සටන් පාඨය බවට පත්ව තිබුණා. නමුත් දැන් ඒ පිලිබඳව ආණ්ඩුව මුලික සාකච්ඡාවක්වත් ආරම්භ කරලා නැහැ.

ඒ වගේම පාසල් උපකරණවල වැට් බදු මුදල ඉවත් කරන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. නමුත් තවම එය සිදුවී නැහැ. ඒ වගේම රජයේ සේවකයන්ගේ දක්ෂතා වලට ඉඩක් ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ අනුව පළමුවෙන්ම සිදුකළේ ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයාගේ හොදම යාලුවා තෝරා ගැනීම සිදුකළා. ජනාධිපති ලේකම්ධුරය ලබාදිමට සුදුසු පිරිසට ලබාදිමට එම තනතුරු ලබාදිමට කටයුතු කළේ නැහැ. ඒ වගේම විගණකාධිපති ධුරයත් ජනාධිපතිගේ මිතුරෙකුට ලබාදෙන්න කටයුතු කළා. ඔහු රාජ්‍ය සේවයේවත් සිටි පුද්ගලයෙක් නෙවෙයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. මෙවැනි දේවල් රටේ කිසිම ජනාධිපතිවරයෙකු සිදුකරලා නැහැ. ඒ වගේම තානාපති ධුර සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සමාජිකයන් පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නමුත් විදේශ සේවයට දක්ෂතාවය නිපුණතාවය තිබෙන පිරිස් පත් කරන බව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. තානාපති ධුර සඳහා පත්කළ එක් පුද්ගලයෙකු හැර අනිත් සියලුම දෙනා ජනතා විමුක්ති පෙරමුණට හිතවත් පිරිස් පත් කරන්න කටයුතු කර තිබෙනවා.

ඒ වගේම විනිවිධභාවය පිළිබඳව ජනාධිපතිවරයා තරම් කතා කළ පුද්ගයෙක් රටේ නැහැ. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන පිරිසගේ තොරතුරු තොරතුරු දැන ගැනිමේ පනත යටතේ ඉල්ලිම් කළාට පසුව එම තොරතුරු ලබාදීමට කටයුතු කළේ නැහැ. රටේ සිටි කිසිදු ජනාධිපතිවරයෙක් ඔහුගේ මාධ්‍ය අංශයේ සේවය කළ පිරිසගේ තොරතුරු හෙළි නොකරන්න කටයුතු කරලා නැහැ. නමුත් අනුර දිසානායක මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන පිරිසගේ තොරතුරු ලබාදිම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අනුර දිසානායක මහතාට මාමා කියලා ආමන්ත්‍රණය කරන පිරිසක් ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරනවා. ඒ නිසයි ඒ තොරතුරු ලබාදිම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍ය පිළිබඳව නිරතම කතා කළා. ඒ අනුව බහලුම් 309 ක් කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් පිට වුණා. ඒ පිළිබදව සොයන්න ජනාධිපතිවරයා කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ. පරික්ෂාවකින් තොරව රේගුවෙන් එම බහලුම් පිටවි ඇති බව එම වාර්තාවේ සඳහන් වෙනවා. එම වාර්තාව අනුව චෝදනා ලැබු රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. චෝදනා ලබපු පුද්ගලයන්ට ඉහළ තනතුරු ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඔහුට රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය ලබාදුන්නේ බහලුම් 309 කිසිදු පරික්ෂාවකින් තොරව පිට කිරීමට සහාය දුන නිසා ද ? පසුගිය ආණ්ඩු මෙවැනි දේවල් සිදුකළාට පසුව අනුර දිසානායක මහතා ඒ පිළිබඳව දැඩි විවේචන එල්ල කළා.

ඒ වගේම විදුලි බිල අඩු කරන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳව කතා කරන්නෙවත් නැහැ. කෙසේ නමුත් තව දින කිහිපයකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඉතා ඉක්මනින් විදුලි බිල අඩුකරන බවට දුන් පොරොන්දුවත් ඉටු කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම ඉන්ධන මිල අඩුකරන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළා. ඉන්ධන සඳහා අය කරන බදු වලින් කොමිස් මුදලක් ඇමැතිවරයා සතු වන බවත් එම කොමිස් මුදල් නැති කළාට පසු ඉන්ධන මිල රුපියල් 150 කින් අඩු කරන්න හැකියාවක් තිබෙන බව ප්‍රකාශ කළා. ඒ ගැනත් දැන් ආණ්ඩුව කතා නැහැ. ඒ වගේම හාල් මාෆියාව නැති කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් එය තවමත් සිදුවෙලා නැහැ. දැන් රටේ කිරි සම්බා නැහැ. සහල් වලට පාලන මිලක් නැහැ. හාල් මාෆියාව නැති කරන්න ආණ්ඩුවට නොහැකි වුණා.

ඒ වගේම පසුගිය ආණ්ඩු රටවල් සමඟ ගිවිසුම් අත්සන් කරන විට ඒවා රටට හෙළි කරන ලෙස රටේ විරෝධතා දක්වන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. නමුත් ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව ඉන්දියාව සමඟ චීනය සමඟ අත්සක් කළ ගිවිසුම් තවම රටට හෙළි කරලා නැහැ. ඒවා තොරතුරු දැන ගැනිමේ පනත යටතේවත් ලබාදෙන්නේ නැනැ. ඒ වගේම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ප්‍රතික්ෂේප වුණ සමාගමට එම ව්‍යාපෘතිය දෙන්න ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ තමයි ආණ්ඩුවේ විනිවිධභාවය සහ නීතියේ ආධිපත්‍ය.

ඒ වගේම ත්‍රස්ත පනත අහෝසි කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් වර්තමාන ආණ්ඩුව එම පනත යටතේ 40 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මාර්ගගත පනත වෙනුවට අලුත් පනතක් ගෙන එන බව ප්‍රකාශ කළා. නමුත් එය අද වනතුරු සිදුවී නැහැ. ඒ වගේම කිසිදු විනිවිධභාවයකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව මත්පැන් නිෂ්පාදනාගාරයක් සඳහා අවසර දෙන්න ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයා රැස්විමකදී ඔහුගේ කතාව ආරම්භ කරන්නේ නීතියේ ආධිපත්‍ය , විනිවිදභාවය පිළිබඳව සඳහන් කරලා. නමුත් ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ විනිවිධභාවයක් නීතියේ ආධිපත්‍යයක් නැහැ.

ඒ වගේම මෙම වසර තුළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කතා කළ විනිවිධභාවය , නීතියේ ආධිපත්‍ය , පාරිදෘෂ්‍යභාවය බිදවැටෙමින් තිබෙනවා. ඔවුන් විවේචනය කළ පැරණි දේශපාලන සංස්කෘතිය තුළ රට ගමන් කරමින් තිබෙනවා. එය ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළින් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම වසරක් තුළ ආණ්ඩුව විසින් පත් කළ සභාපතිවරු අධ්‍යක්ෂකවරු 23 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. ඇතැම් ආයතනවල අධ්‍යක්ෂකරු විදේශ රටවල සිට ලංකාවට පැමිණ තිබුණා. ආණ්ඩුවට උදව් කරන්න පැමිණි බොහෝ දෙනෙක් තනතුරු වලින් ඉවත් වී ගොස් තිබෙනවා. දේශපාලන බලපෑම් හේතුවෙන් ඔවුන් එම තවතුරු වලින් ඉවත් වී ඇති බව දැන ගන්නට තිබෙනවා. වසරක කාලය තුළ ආණ්ඩුව රටේ ජනතාවට කියපු දේවල් , පොරොන්දු වුණ දේවල් , ආණ්ඩුවේ ශේෂ පත්‍රයේ නැහැ. ජනතාවට සතුටු වීමට හැකි ශේෂ පත්‍රයක් ආණ්ඩුවට ඉදිරිපත් කරන්න නොහැකි වී තිබෙනවා.

ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ ජනාධිපති මැතිවරණය තුළ කතා කළේම පාස්කු බෝම්බ ප්‍රහාරය. නමුත් පාස්කු ප්‍රහාරයට අනියම් ආකාරයට සම්බන්ධ වුණ පිරිස් ආණ්ඩුව අල්ලාගෙන සිටින බවක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදුවන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිමක් දරපු පුද්ගලයෙකුට විරුද්ධව විපක්ෂය විශ්වාසභංග යෝජනා ගෙන ඒමේදී ඒවාට බාධා කරන්නෙත් මේ නිසාදැයි අපිට සැකයන් මතුවෙනවා. පරදෘශ්‍ය භාවය පිළිබඳව , විනිවිදභාවය පිළිබඳව කතා කළ පිරිස් දැන් විශ්වාසභංගයට බය වී තිබෙනවා. ආණ්ඩුව ආරක්ෂා කරන පුද්ගලයා පිරිසිදුනම් විපක්ෂය ඉදිරිපත් කරන චෝදනාවලට උත්තර දෙන්න ආණ්ඩුවට පුලුවන්. නමුත් ආණ්ඩුව එම පුද්ගලයා බේර ගන්න උත්සහ කරනවා.

ඒ වගේම ආණ්ඩුව කාම්බෝජයේ පොල්පෝට් න්‍යාය අනුගමනය කරමින් සිටිනවා. ඒ සඳහා වන පෙර නිමිති මේ වනවිට පහළ වෙමින් තිබෙනවා. වර්තමාන ආණ්ඩුව ක්‍රමක් ක්‍රමයේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඒකාධිපති පාලයක් රටතුළ ඇති කරන්න උත්සහ දරමින් සිටිනවා. ආණ්ඩුවේ බලයට අභියෝග කරන සියලුම දෙනාට එරෙහිව කටයුතු කරන්න යම් කිසි න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මත කරමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය රටේ බහුතරයක් දන්නවා. නමුත් ඒ ඉතිහාසය අමතක කරලා රටේ පිරිසක් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබාදෙන්න කටයුතු කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තවම ඉවත් කරගෙන නැති බව ඔවුන්ගේ කතා වලින් උප්පු වෙනවා.

ඒ වගේම ආණ්ඩුව විපක්ෂයේ සිටින විට රටේ ජනතාවට ඉගැන්වුවේ ලෙනින්ගේ සහ මාක්ස්ගේ ප්‍රතිපත්ති. ඔවුන් විපක්ෂයේ සිටින විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට , ලෝක බැංකුවට විරුද්ධව තමයි අදහස් ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , ලෝක බැංකුව හරහා රට දියුණු කරන්න නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව කාල් මාක්ස්ගේ , ලෙනින්ගේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ආණ්ඩුව අවුරුදු 24 කට පෙර සැලසුම් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ජාතික ජනබලවේගය දැන් ක්‍රියාත්මක කරන්න සුදානම් වෙනවා. නමුත් එදා එම ව්‍යාපෘතිය කරන්න ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්න ඉඩ ලබාදුන්නේ නැහැ. එදා එම ව්‍යාපෘතිය ක්‍රියාමක කර තිබුණානම් අද රට විශාල දියුණුවක් ලබලා. නමුත් එය කඩාකප්පල් කළේ වර්තමාන ආණ්ඩුවේ පිරිස්. ජනතා විමුක්ති පෙරමුණ රටේ සැම සංවර්ධන ව්‍යාපෘතියක්ම නවත්වන්න කටයුතු කළා. ඒ වගේම අධිරාජ්‍යවාදින් සමඟ ගනුදෙනු කිරිම දැඩි විවේඡනය ලක්කළ ආණ්ඩුවේ පිරිස් අද අධිරාජ්‍යවාදින් සමඟ සුහදහ ගනුදෙනු කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව බලය ලබාගැනීමට ජනතාව බොරු පොරොන්දු ලබා දුන්නා. ඒ නිසා දැන්වත් ඇත්ත රටට ප්‍රකාශ කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව කියපු බොරු සේරම දැන් අහුවෙලා අවසානයි.

ඒ වගේම කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් පොත කියන වන ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සමාජිකයන්ට ප්‍රකාශ කළා. ඒ වගේම කාල් මාක්ස්ගේ ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුව රටේ ජනතාවට ප්‍රකාශ කළා. සුරාකැමෙන් තොර සමාජයක් නිර්මාණය කරන බව ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නායකයින් කියවලා තිබෙන්නේ ධනවාදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කළ ඇඩම් ස්මිත්ගේ ප්‍රතිපත්ති. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සමාජිකයන්ටත් කරලා තිබෙන්නේ වංචාවක්. ඒ වගේම වසන්ත සමරසිංහ සහ නාමල් රාජපක්ෂව සංසන්දය කරන්න ආණ්ඩුවේ පිරිස් කටයුතු කරනවා. නමුත් එය වැරදියි. ජනතා විමුක්ති පෙරමුණේ පිරිසව ධනපති පිරිස් සමඟ සංසන්දනය කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස සංසන්දනය කළ යුත්තේ කාල් මාක්ස් , කොල්වින් ආර් සිල්වා , ලෙනින් සමඟයි. ජනතා විමුක්ති පෙරමුණේ පිරිස කතා කළේ ධනපති ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන්න නෙවෙයි. ඔවුන් කතා කළේ සමාජවාදි සමාජ ක්‍රමයක් නිර්මාණය කරන්න. කෙසේ නමුත් එවැනි න්‍යායන් ගැන කටයුතු කළ පිරිස විශාල ප්‍රාග්ධනයක් රැස් කිරිම පිළිබඳව ප්‍රශ්නයක්.‘‘

SendShareShare
Previous Post

අනුර ඇවිත් අවුරුද්දයි! දීපු පොරොන්දුවලට මොකද වුණේ! ලොකුම පොරොන්දු 5 ගැන තාම කිසිම කතාවක් නෑ! අනුරගේ පොරොන්දු ගැන BBC එක කරපු සමීක්ෂණේ ප්‍රතිපල මෙන්න! I Sri Lanka Latest News

Next Post

හරිනිට තහනමක්! ‘ආවොත් බලාගමු..’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.